
ආලවන්ති ටෙලිනාට්‍යයෙන් රංගනයට පිවිසුන නිමාෂා සන්දීපනී මේ දිනවල දෙවෙනි ඉනිම season 2 ටෙලිනාට්‍යයේ "චූටි" වෙලා නැවතත් ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා. නිමාෂා ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් නිසා කවුද මේ චූටිගේ චරිතය රඟපාන්නෙ කියලා ගොඩක්දෙනා හොයනවා. ඉතින් ඒ නිසා නිමාෂා එක්ක කතා කරන්න අපි හිතුවා.
ආලවන්ති ටෙලිනාට්‍යයෙන් පස්සෙ නිමාෂා නැවතත් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයො අතරට ඇවිත් ඉන්නවා.
ඔව්. ආලවන්ති ටෙලිනාට්‍යයෙන් පස්සෙ රඟපාන්නෙ නැහැ කියන අදහසින් ඉන්නකොට දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් අයියා මට ආරාධනා කළා දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ "චූටිගේ" චරිතය රඟපාන්න. ආලවන්ති ටෙලිනාට්‍යයේ ශේනුගේ චරිතය රඟපානකොට මම තේරුම්ගත්තා රංගනය බැරෑරුම් විෂයක් නිසා රඟපානවා නම් රංගනය ගැන හැදෑරීමක් ඇතුව රඟපාන්න ඕන කියලා. නමුත් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග අයියා මට ආරාධනා කරලා කිව්වා රංගන ගැන දෙවෙනි ඉනිමෙන් හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් නිසා චූටිගේ චරිතය භාරඅරගෙන රඟපාන්න කියලා. ඉතින් ඒ ගැන හිතලා තමයි දෙවෙනි ඉනිම season 2 ටෙලිනාට්‍යයේ චූටිගේ චරිතය භාරගත්තෙ.
රංගනය අතාරින අදහසකින්ද ඉන්නෙ?
අනේ නැහැ. මම ඉස්සෙල්ලාම කලා ක්ෂේත්‍රයට ආවෙ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් රඟපාන නිරූපිකාවක් විදිහට. පසුකාලීනව ප්‍රවීණ නර්තන ආචාර්ය ගයාන් ශ්‍රීමාල්ගේ නර්තන කණ්ඩායමට සම්බන්ධවෙලා Free Style Dancer කෙනෙක් විදිහට කටයුතු කරන අතරතුරයි රංගන ක්ෂේත්‍රයට ආවෙ. රංගනයෙන් දිගටම ඉදිරියට යන්න මට බලාපොරොත්තුවක් තියනවා. නමුත් ඒ වෙනුවෙන් කෙටිපාරවල්වල යන්නෙ නැතුව රංගනය ගැන හදාරලා ඕනෑම විදිහෙ චරිතයක් රඟපාන්න පුළුවන් විදිහට හැකියාව දියුණුකරගෙන රංගන ක්ෂේත්‍රයට සම්බන්ධවෙන අදහසකිනුයි මම ඉන්නෙ.
දෙවෙනි ඉනිමෙ චූටිගේ චරිතය රඟපාන්න ලැබුණ අත්දැකීම මොනවිදිහටද දැනෙන්නෙ?
"චූටි" කෙළිලොල් දඟකාර චරිතයක් නිසා මට ඒ චරිතය රඟපාන්න ඒ තරම් අභියෝගයක් වුණේ නැහැ. නමුත් චරිතය හරියාකාරව ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂ සාරංග අයියා, හිමාලි සයුරංගි, රවීන් කණිෂ්ක ඇතුළු දෙවෙනි ඉනිම කණ්ඩායමේ සියලුදෙනාම මට ලොකු සහයෝගයක් දෙනවා. චූටිගේ චරිතයට දෙවෙනි ඉනිමේ රසිකයන්ගෙන් ලොකු ආදරයක් ලැබෙනවා. හැබැයි චූටි අනුහස්ට ළංවෙයි කියලා සමහර රසිකයො මට ඊර්ෂ්‍යාත් කරනවා.
සුවහසක් ගැහැනු ළමයින්ගේ ඊර්ෂ්‍යාවට ලක්වෙමින් බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සමග එකට පහුගියදා නිමාෂා නර්තනයක යෙදුනා...
රිතික් රෝෂන් පහුගියදා ලංකාවට ආපු වෙලාවේ පවත්වපු උත්සවයේදි ගයාන් ශ්‍රීමාල් සර්ගේ නර්තන කණ්ඩායමේ සාමාජිකයන් වුණ අපිට අවස්ථාව ලැබුණා රිතික් රෝෂන් එක්ක එකට නර්තනයේ යෙදෙන්න. ඒ අවස්ථාවෙදී රිතික්ගේ ළඟින්ම ඉඳගෙන ඔහුත් සමග එකට නර්තනයේ යෙදෙන්න මට හැකිවුණා. බොලිවුඩ් නළුවෙක් වගේම නර්තන ශිල්පියෙක් වුණ රිතික් එක්ක නටන්න ලැබුණු එක මගේ ජීවිතයේ ලබපු සුවිශේෂි භාග්‍යයක් විදහට හඳුන්වන්න මම කැමැතියි.
නවකයෙක් විදිහට අභියෝගවලට ලක්වෙලා නැද්ද?
නර්තන සහ රංගන ක්ෂේත්‍රයේ කටයුතු කරන කොට අභියෝග, සිත්රිදීම්, කේලම්වලට ලක්වෙන එක සාමාන්‍යයෙන් සිද්ධවෙනවා. නමුත් ඒ දේවල් හිතට අරන් කඩාවැටෙන්නෙ නැතුව දැනට වැඩිය හැකියාව ඊළඟට තවත් හොඳට ඉදිරිපත් කරන්නෙ කොහොමද කියලා මම මාවම අභියෝගයට ලක්කරගැනීමේ අධිෂ්ඨානයකයි ඉන්නෙ.
නිමාෂා සරාගිනියක් විදිහට සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධයි...
ඔව්. ඇඟේ හැඩය සිහින් පිරිපුන්වීම නිසා සමහරු මාව සරාගිනියක් විදිහට හඳුන්වනවා. දීර්ගකාලීනව නර්තන ශිල්පිනයක් වීම නිසා උඩුකය ළැමැද, ඉණ, උකුළ වැනි ශරීරාංග ඇතුළු මගේ සම්පූර්ණ ඇඟ සරාගී විදිහට නිර්මාණයවෙලා තියනවා. ලෝකයේ තියන සුන්දර කලාවක් විදිහටයි කාන්තා සිරුරේ සරාගීකම මම දකින්නෙ. ඉතින් එවැනි සරාගීත්වයක් තිබීම ගැන මම වසානවන්තයි කියලා විශ්වාස කරනවා.
සරාගීකම නරක දෙයක් විදිහට ඇතැම් පුද්ගලයො දරන අදහස ගැන නිමාෂාගේ අදහස මොකක්ද?
ඇගේ හැඩය සරාගී විදිහට පවත්වගෙන යනගමන් තවතවත් ඇඟ ලස්සන විදිහට පේන්න නවීනපන්නයේ විවෘත විලාසිතා මම කරනවා. ඇඟ ලස්සනට නඩත්තුකරලා විලාසිතා කිරීම වැරැදි දෙයක් විදිහට මම විශ්වාස කරන්නෙ නැහැ. අඳින ඇඳුම් විලාසිතා සම්බන්ධයෙන් මාව විවේචනයට ලක්වුණ අවස්ථා තියනවා. නමුත් අඳින ඇඳුමින් පුද්ගලයකුගේ චරිතය මනින්න බැහැ කියලයි මගේ අදහස. ඒ නිසා ඇඳුමින් මගේ චරිතය ගැන සහතික දෙන්න එපා කියලයි හැමෝගෙන්ම ඉල්ලන්නෙ.
