
සිනමාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන අභිලාෂි සන්තුෂ්කි ‘සිහිනෙක තනිවෙලා’ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට ඇවිත් ඉන්නවා. ඉතින් සිනමාවේ ඉඳලා අභිලාෂි පුංචි තිරයට ආපු එක ගැන ඇයත් එක්ක කතා කරන්න අපි හිතුවා.
සිනමාවේ රඟපාන ගමන් අභිලාෂි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්න තීරණය කෙරුවෙ ඇයි?
සිංහබාහු චිත්‍රපටයෙන් සිනමා ක්ෂේත්‍රයට ඇවිත් විවිධ රංග පරාසවල චරිත රඟපාන්න අවස්ථාව ලැබුණට ටෙලි නාට්‍යවලින් රංගන හැකියාව ඉදිරිපත් කරන්න මට වැඩිය ඉඩකඩ ලැබුණෙ නැහැ. ඉතින් ඒ නිසා ටෙලි නාට්‍යවලින් වෙනස් විදිහෙ රංගන අත්දැකීමක් මගේ රංගන ජීවිතයට එකතු කරගන්න සහ රසවත් රංගන අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදීමේ අරමුණින් සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.
ටෙලි නාට්‍යවලට සම්බන්ධවීමත් එක්ක සිනමා රංගන ශිල්පිනියට හානිවීමක් සිදුවෙන්නෙ නැද්ද?
සිනමාවේ තිබෙන දියුණු නිර්මාණාත්මක පැතිකඩ ටෙලි නාට්‍යවලදි ඒ හා සමානවම භාවිත නොවීමෙන් නළු නිළියන්ගේ රංගන පරාසය ටෙලි නාට්‍යවලදි යම් තරමකට සීමා වෙනවා. නමුත් ප්‍රමිතියෙන් ඉහළ ටෙලි නිර්මාණවලට සම්බන්ධවීමෙන් සිනමාව තුළ ගොඩනගාගත්ත රංගන හැකියාවට හානිවීමක් වෙන්නෙ නැහැ කියලා මම විශ්වාස කරනවා. ටෙලි නාට්‍යවලින් කොතරම් ආරාධනා ලැබුණත් නිර්මාණයේ ප්‍රමිතිය සහ චරිතයේ තත්ත්වය ගැන සැලකිලිමත් වෙලා ප්‍රේක්ෂකයන්ට හරවත් රසවින්දනයක් ලබාදෙන ගමන් මගේ රංගන ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න පුළුවන් ටෙලි නිර්මාණ විතරයි මම භාරගන්නෙ.
සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යයේ සුවිශේෂිත්වය මොකක්ද?
සිනමාවෙවත් මට රඟපාන්න නොලැබුණ බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ චරිතයක් රඟපාන්න තිබුණ නිසයි මම සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න තීරණය කෙරුවෙ. ලංකාවෙ කාන්තාවො බස් ධාවනයේ යෙදෙන්නෙ හුඟක් අඩුවෙන්. ඉතින් එවැනි පසුබිමක කාන්තා බස් රියැදුරුවරියක් විදිහට වෙනස් රංගන අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න මට පුළුවන් වුණා. කවදාවත් මම බස් එකක් එළවලා නැති නිසා සිහිනෙක තනිවෙලා රංගනය මගේ රංගන ජීවිතයට සෑහෙන්න ලොකු අභියෝගයක් වුණා. නිතර රඟපාන චරිතවලට එහා ගිහින් චාරිතාංග නිළියක් වෙන්න මේ අභියෝගය භාරගන්න ඕන කියන අදහසින් මම මේ චරිතය රඟපෑවා.
සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යයේ අභිලාෂිගේ පෙම්වතා, හිමේන් එක්ක රඟපාන අත්දැකීම කොහොමද?
හිමේන්ව මට මුලින්ම හම්බවුණේ මියුසික් වීඩියෝවක රංගනයකදි. එතැනින් පස්සෙ අපි පෞද්ගලික ජීවිතයේදිත් ළඟින් ඇසුරු කරන හොඳ යළුවො වුණා. නැවතත් නිර්මාණයකදි මට හිමේන්ව හම්බවුණේ සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යයෙන්. හිමේන්ව පෞද්ගලිකව මම අඳුරන නිසා රංගනයේදි ඔහුත් එක්ක වැඩ කරන එක මට ලොකු පහසුවක් වුණා. පෙම්වතාගේ චරිතයෙදි ඔහු දෙන සහයෝගයත් එක්ක මගේ චරිතය හොඳින් මට රඟපාන්න පුළුවන් වුණා.
අභිලාෂි සැබෑ ජීවිතයේදි ආදරවන්තියක්ද?
ජීවිතය ලස්සන කරන සුන්දර අත්දැකීමක් විදිහටයි මම ආදරය දකින්නෙ. අම්මා තාත්තා රසික රසිකාවියන්ගෙන් මම ආදරය ලබනවා. ඒ ඇරුණහම වෙනත් විශේෂ කෙනෙක්ගෙන් ආදරය ලබනවද, ඒ කාත් එක්කද කියලා ඉදිරියෙදි කියන්නම්.
තලඑළලු සමක් තිබීමෙන් අභිලාෂිට ක්ෂේත්‍රයේ පැවැත්ම ගොඩනගාගැනීම ගැටලුවක් වුණේ නැද්ද?
ක්ෂේත්‍රය තුළ සථාවරය ගොඩනගා ගැනීමේදී තලඑළලු සම මට අභාරණයක් වුණා මිසක බාධාවක් වුණේ නැහැ. විශේෂයෙන් තලඑළලු සම සහ ක්‍රේල් කොණ්ඩයෙන් වෙනස් විදිහෙ දුර්ලභ පෙනුමක් මට ලැබිලා තියනවා. ඉතින් බාහිර පෙනුමෙනුත් රංගනයේදි සාධාරණයක් ඉෂ්ට කරන්න මට පුළුවන් වෙලා තියනවා.
මෙවර Derana Lux Film Awards උළෙලේ නැගී එන නිළිය විදිහට nominate වුණා නේද?
ඔව්. පසුගියදා පැවැත්වුණ Derana Lux Film Awards 2025 උළෙලේදි හොඳම නැගී එන නිළියට හිමි සම්මානය සඳහා නිර්දේශ වුණා. සම්මානය හිමි නොවීම ගැන නම් මට දුක නැහැ.
මට වඩා අත්දැකීම් තියන නිළියන් කීපදෙනකුයි සම්මානය වෙනුවෙන් නිර්දේශ වෙලා හිටියෙ. ඔවුන් අතුරින් සුදුසුම කෙනාටයි සම්මානය හිමිවුණේ. මීට කලින් මම 2024 කැලීන් සරසවි සම්මාන උළෙලේ හොඳම නවක නිළියට හිමි සම්මානය හිමිවුණා. ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලෙකින් මේ විදිහෙ නිර්දේශවීම්වලට සහ සම්මානවලට පාත්‍රවීම ගැන මම සතුටු වෙනවා. ඉදිරියේදී ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යයක්ෂණය කරන Rapist සහ තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂණය කරන ප්‍රේමය නම් චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයො අතරට එන්න නියමිතයි. ඒ චිත්‍රපටවල මගේ රංගන කුසලතාව අනුව සම්මාන ලබාදීම ගැන ඉදිරියේදි ප්‍රේක්ෂක ජූරිය තීරණය කරයි.
ආචාර්ය සෝමරත්න දිසානායකගේ චිත්‍රපටවලින් අභිලාෂිට වැඩිපුර අවස්ථා ලැබෙනවද?
දැනහැඳුනුම්කම් මත සහ වෙනත් හේතු මත ආචාර්ය සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය චරිත ලබාදෙන නිර්මාණකරුවො නෙමෙයි. ක්ෂේත්‍රයේ ඉන්න නිළියන් අතරින් වෙනස් විදිහෙ රංගන හැකියාවක් තිබීම මත ආචාර්ය සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය තුන්වැනි වතාවටත් ඔවුන්ගේ නිර්මාණයකට ආරාධනා කළා කියලයි මම විශ්වාස කරන්නෙ.
