

මායාවී ටෙලිනාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම සහ දුශේනි මියුරංගි අතර ඇතිවුණ අර්බුදයක් මත මායාවී ටෙලිනාට්‍යයෙන් දුශේනිව ඉවත්කර ඇය රඟපෑ හිතෛෂිගේ චරිතය එමාෂා සෙනවිරත්නට ලබදීමට පහුගිය කාලෙදී මායාවී ටෙලිනාට්‍යය නිෂ්පාදක කණ්ඩායම කටයුතුකර තිබුණා.
එලෙස මයාවී ටෙලිනාට්‍යයේ හිතෛෂිගේ චරිතය එමාෂා භාරඅරගෙන මාස පහක් පමණ රඟපෑ නමුත් මේ වෙද්දී එමාෂා ටෙලිනාට්‍යයෙන් අතුරුදන්ව තිබේ. මේ පිළිබඳ ප්‍රේක්ෂකයන් ප්‍රශ්න කරනුයේ දුශේනි මෙන් එමාෂාත් කුමක් හෝ අර්බුදයක් මත ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණාද කියලයි.
ඒ පිළිබඳව එමාෂා සිය යූටියුබ් අඩවිය ඔස්සෙ අදහස් ප්‍රකාශකර තිබුණේ මේ විදිහටයි.
"මායාවී ටෙලි නාට්‍යය සම්බන්ධයෙන් ගොඩක් කමෙන්ට්ස් තියෙන නිසා මෙහෙම සටහනක් දාන්න හිතුවා. මම දන්නා තරමින් හිතෛෂී චරිතය එතැනින් අවසන් වුණා. නමුත් නාට්‍යය යන විදිය දැක්කාම එහෙම වෙලා නැහැ කියලා හිතෙනවා. ඉදිරියට හිතෛෂීගේ චරිතය ලියැවෙන්නේ කොහොමද කියලා මාව දැනුවත් කරලත් නැහැ. ඒ නිසා මට ඒ ගැන සඳහන් කරන්න පුළුවන් මම දැනුවත් දේවල් ගැන විතරයි. මේ ටිකත් ලියන්නේ ඔයාලා අහලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕනෙ නිසයි. මං වෙනුවෙන් ලියවුණු අවසානය වෙනකල් මම රඟපෑවා. ඒ අවසාන කොටස් ටික කළේ ජූලි මාසයේ. මෙතැනින් එහාට ඒ චරිතයට මොනවද වෙන්නේ කියන්න මම දන්නේ නැහැ. මම හිතාගෙන හිටියේ දැනගෙන හිටියේ හිතෛෂී මියගිය බවයි. ෂූටිං පැහැරහැරීමක් මම කරලා නැහැ. මගේ වගකීම මම හරියට කළා. ඔයාලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනෙ නිසයි මෙහෙම සටහනක් දැම්මේ. එහෙම ප්‍රශ්න ඔයාලා අහපු එක සාධාරණයි. මම කාටවත් අසාධාරණයක් කරලා නැහැ"
මෙලෙස මායාවී ටෙලිනාට්‍යයේ රංගන කටයුතු අවසන්කර, එයින් ඉවත්වුණ එමාෂා මේ වෙද්දී සැමියා සමග ෆින්ලන්තයේ ජීවත්වනවා කියලා සිය සමාජ මාධ්‍ය ගිණුම්වල ප්‍රසිද්ධ කර තිබෙනවා.