මේ දවස්වල තාරුකාගේ වැඩකටයුතු මොනවද ?
මේ දවස්වල මම ටෙලිනාට්‍ය කීපයක රංගනයට සම්බන්ධවෙලා ඉන්නවා. ඒ අතරින් රොන් සොයා ටෙලිනාට්‍යයේ කරදඬු උස්මහත්වුණ ලොකු දරුවො දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් වෙලා පවුල වෙනුවෙන් අසීමිතව ආදරය කරන සහ වෙහෙසෙන චරිතයක් රඟපෑම ගැන මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රොන් සොයා ටෙලිනාට්‍යයේ රඟපෑමේදී මගේ දරුවට දෙන ආදරය අවවාද නේද රඟපෑමේදි ටෙලිනාට්‍යයේ දරුවන්ට ලබාදෙන්නෙ කියලා මට අනන්තවත් හිතිලා තියනවා. සැබෑ ජීවිතයේදිත් මම අම්මා කෙනෙක් නිසා රඟපෑමෙදි අම්මගේ චරිතය නිරායාසයෙන් ඉදිරිපත් කරන්න මට පුළුවන්වෙලා තියෙනවා.
ලොකු දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් විදිහට රඟපාන්න තාම ඉක්මන් වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද ?
නිළියක් වුණහම ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් වෙන්න ඕන. මම තවම වයසින් වැඩමහලුවෙලා නැති නිසා ලොකු ළමයි ඉන්න අම්මා කෙනෙකුගේ චරිත රඟපාන්නෙ නැහැ කියන මතයක හිටියොත් මට සාර්ථක රංගනශිල්පිනියක් වෙන්න බැරිවෙනවා. ඉතින් මගේ රංගන ජීවිතයේ තවත් චරිතාංග පැතිකඩක් ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න ඕන නිසා ලොකු දරුවො දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙකුගේ චරිතය බාරගත්තා. සැබෑ ජීවිතයේදි වගේ ළමයින්ට අසීමිතව ආදරය කරන අම්මා කෙනෙකුගේ චරිතයක් රංගනයේදි ඉදිරිපත්කිරීම ගැන මම ආඩම්බර වෙනවා.
පවුලෙ වැඩකටයුතු එක්ක රංගන ජීවිතයේ වැඩ කරගෙන යන්නෙ කොහොමද ?
නිළියක් වුණා කියලා දරුවගේ වැඩකටයුතුවත් සැමියගේ වැඩකටයුතුවත් මම කිසිම වෙලාවක අතපසු කරන්නෙ නැහැ. පවුලෙ ප්‍රමුඛ වැඩකටයුතු ඉෂ්ඨ කරලයි රංගන ජීවිතය වෙනුවෙන් මම කාලය වෙන් කරන්නෙ. ඒ වගේම තමයි මගේ සැමියගෙන් සහ පවුලෙ අනිත් අයගෙන් රංගන ජීවිතය වෙනුවෙන් මට සෑහෙන්න ලොකු සහයෝගයක් ලැබෙනවා.
තරුකා රඟපාන දේවල් දරුවා බලනවද ?
පුතාට තාම වයස අවුරුදු පහක් වෙන නිසා ටෙලිනාට්‍ය ගැන ඒ හැටි තේරුමක් තාම එයාට නැහැ. හැබැයි අපි පෙන්නුවොත් අම්මා රඟපාන ටෙලිනාට්‍යයක් කියලා සමහරවෙලාවට එයා බලනවා.
පහුගියදා දරුවා 5 වැනි උපන්දිනය සැමරුවා නේද ?
පුතාගේ පස්වෙනි උපන්දිනය පහුගිය දවස්වල තිබුණා. ඉතින් පුතාගේ යාළුවො ටිකක් සහ අපේ පවුලෙ හිතවතුන් එකතුකරගෙන කේක් කපලා පුංචි සාදයක් පවත්වලා පුතාට සතුටු හිතෙන විදිහට සැමරුවා.
අනාගතයේදි පුතා අවුරුදු 16 ක තරුණයෙක් වෙලා ඉන්න ආකාරය තාරුකා සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරලා තියනවා..
තාක්ෂණය දියුණුවීමත් එක්ක දැන් පුළුවන් වෙලා තියනවා Ai හරහා අපේ අනාගත රූපය බලන්න. ඉතින් පුතාට අවුරුදු 16 ක් වෙද්දි එයා මොනවිදිහට වැඩුණු කෙනෙක්ද කියලා දැකගන්න මට උවමනාව තිබුණා. ඒ නිසා මම Ai තාක්ෂණයෙන් අවුරුදු 16 දී පුතා ඉන්න විදිහ ගැන ඡායාරූපයක් සැකසුවා. ගොඩක් දුරට පුතාගේ ඇත්ත රූපයට සමානව Ai තාක්ෂණයෙන් ඡායාරූපය නිර්මාණය කරලා තිබුණා. හැම අම්මා කෙනෙක්ම කැමතියි තමන්ගෙ දරුවා කරදඬු උස්මහත්වෙලා තරුණ වයසට එන අවස්ථාවෙදි එයා දිහා බලලා සතුටු වෙන්න. ඉතින් මමත් අම්මා කෙනෙක් විදිහට අනාගතයේ මගේ දරුවා දිහා බලලා සතුටු වුණා.
දරුවව මොනවිදිහෙ වෘත්තියකට යොමුකරනවද කියලා අදහසක් තියෙනවද ?
මම රංගනශිල්පිනියක් වුණත් සැමියා ව්‍යාපාරිකයෙක් වුණත් අපි කරන දේම පුතත් කරන්න ඕන කියලා අපේ අදහසක් නැහැ. පුතා කැමති ක්ෂේත්‍රයක් තෝරගෙන ඉස්සරහට යන්න ඉදිරියෙදි අපි එයාට සහයෝගය දෙනවා. ඒ වනතෙක් පුතාට අවශ්‍ය අධ්‍යාපනය යහපත් ගතිපැවතුම් සහ අනිත් දේවල් එයාට ලබා අපි ලබාදෙනවා.
බිරිඳක්, මවක් වුණත් තාරුකා හැමදාම ලස්සනට ඉන්න එකේ රහස මොකක්ද ?
මම දකිනවා සමහර කාන්තාවො බිරිඳක් මවක් වුණහම තමන්ව අතෑරලා පවුල වෙනුවෙන් ජීවිතයම කැපකරනවා. බිරිඳක් මවක් වුණහම පවුල වෙනුවෙන් කැපවෙන්න ඕන කියන අදහසට මම එකඟයි. නමුත් තමන්ගේ ජීවිතය ලස්සනට පවත්වගෙන යන ගමන් පවුල බලාගන්න ඕන කියන අදහසෙයි මම ඉන්නෙ. ඉතින් ඒ අනුව මම ඇඟේ හැඩය රූපයේ ලස්සන ගැන හිතලා නිතරම ඒ දේවල් නඩත්තු කරනවා. බිරිඳකගේ සහ අම්මා කෙනෙකුගේ ප්‍රතිරූපයට හානි නොවන විදිහට නවීන පන්නයේ ලස්සන අලුත් විලාසිතා කරනවා. විලාසිතාවලදි ඉහළ මිල අධික Branded දේවල්ම පාවිච් කරන්න ඕන කියන අදහසක ඉන්නෙ නැතුව ලස්සන ගැළපෙන විදිහෙ විලාසිතා කරන්න මම පුරුදුවෙලා ඉන්නවා.
නිදහස් වෙලාවට තාරුකා ජීවිතය ගෙවන්න කැමති මොන විදිහටද ?
රංගන කටයුතු නැති හැම වෙලාවකම සැමියත් පුතත් එක්ක කාලය ගතකරන්න මම කැමතියි. ඊට අමතරව විදේශ රටවලට ගිහින් සංචාරය කරනවා. ළඟදිත් ප්‍රංශය ඇතුළු විදේශ රටවල් කීපයක සංචාරය කරලා ආපහු ලංකාවට ආවා.