ජනතා ආදරේ ලබන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි -නෙත්මි රොෂෙල්

gossiplanka image 1
 


නෙත්මි රොෂෙල් කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුළ දැක­ගන්න ලැබෙන දක්ෂ ජන­ප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පි­නි­යක්. අවු­රුදු කුම­රි­යක් ලෙස ක්ෂේත්‍ර­යට ඇවිත් පුංචි තිර­යෙන් ප්‍රේක්ෂක ආදරේ නොඅ­ඩුව ලබන නෙත්මි මේ වෙද්දී පුංචි තිර­යට නැතු­වම බැරි රංගන ශිල්පි­නි­යක් වෙලා. මේ දින­වල නෙත්මිව අලු­තින් දකින්න ලැබෙන්නේ හිරු නාලි­කාවේ විකා­ශය වන බුද්ධිනි ජය­ව­ර්ධන රචනා කරන තරු ආදරේ නාට්‍යය තුළින්.


මුලින්ම අපි ‘තරු ආදරේ‘ ගැන කතා කළොත්?

තරු ආදරේ කියන්නේ මම අලු­තින්ම රංග­න­යෙන් දායක වූ ටෙලි නිර්මා­ණය. මේ නාට්‍යය රචනා කරන්නේ බුද්ධිනි ජය­ව­ර්ධන අක්කා. ඒ වගේම අධ්‍ය­ක්ෂ­ණය කරන්නේ සංදේශ් බණ්ඩාර සහ ධනුෂ්ක ප්‍රනාන්දු. නිෂ්පා­ද­නය කර­න්නෙත් ධනුෂ්ක ප්‍රනාන්දු. ලස්සන ආදර කතා­වක්. මගේ චරිතේ වෙන්නේ යෙහංසා.


යෙහංසා ගැන කෙටි­යෙන් කිව්වොත්?

යෙහංසා කියන්නේ බොහොම අහිං­සක චරි­ත­යක්. කතාවේ හැටි­යට මගේ අම්මා දමිළ, තාත්තා සිංහල. යෙහංසා පොඩි කාලෙ­දිම ඇගේ අම්මා පොඩි නැති වෙලා. එතැන් සිට ඇයව හදා ගන්නේ පුංචි. තාත්තා දෙවැනි කසා­ද­යක් කර­ගෙන. යෙහංසා පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ල­යක ඉගෙන ගන්නවා. ඇයව බලාගන්න ඇගේ පුංචි ලොකු කැප­කි­රී­මක් කර­නවා. පුංචි විවාහ නොවී ඉන්න එක එක්කත් යම් යම් හැල­හැ­ප්පීම් ඇති­වෙ­නවා. යෙහං­සාට තරු­ණ­යෙක් ගැන ආද­ර­යක් ඇති වෙනවා. ඒ ආදරේ ඇති වෙන්නේ ජන­ප්‍රිය ගාය­ක­යෙක්ට. එතැ­නින් එහාට මොකද වෙන්නේ කියන එක නාට්‍යය බල­න්නම වෙනවා.


මේ දින­වල අනෙ­කුත් නිර්මාණ මොන­වද?

‘තරු ආදරේ’ හැරු­ණම තාම ‘පාරා­දීසේ‘ නාට්‍ය විකා­ශය වෙනවා. ඒ එක්කම තව නිර්මාණ කිහි­ප­යක් ළඟ­දීම බලා ගන්න පුළු­වන්.


පාරා­දී­සේ ආල්යාට ලැබෙන ප්‍රති­චාර කොහො­මද?

ඉතාම හොඳ ප්‍රති­චාර ලැබෙ­නවා. මමත් ආසා­වෙන් කරන චරි­ත­යක්. මාව වෙනස් විදි­යට ප්‍රේක්ෂ­ක­යින් අත­රට අරන් ගිය චරි­ත­යක්.


සින­මා­වෙන් නම් ජන­ප්‍රි­යම නිළිය සම්මා­න­යත් ලැබුණා නේද?

ඔව්. මෙවර 10වෙනි දෙරණ ලක්ස් සිනමා සම්මාන උලෙළේ ජන­ප්‍රි­යම නිළි­යට හිමි සම්මා­නය දිනා ගන්නට මම වාස­නා­වන්ත වුණා. ජන­ප්‍රි­යම සිනමා නිළිය ලෙස මගේ නම කිය­වෙද්දී හරි­යට මට දැනුණේ හීන­යක් වගේ. ලොකු සතු­ටක් හිතට ආවා. මොකද ජන­ප්‍රි­යම සිනමා නිළි­යන් අතරේ මගේ නමත් තිබ්බා. නමුත් මම බලා­පො­රොත්තු නොවුණු අව­ස්ථා­වක්. මින් පෙරත් ජන­ප්‍රි­යම නිළි­යට හිමි සම්මා­න­යට මම නිර්දේශ වෙලා තියෙ­නවා. මෙවර තමයි සම්මා­නය මට ලැබුණේ.


සින­මා­වෙන් ඉදි­රි­යට එන්න තියෙන නිර්මාණ මොන­වද?

රන්ජන් ප්‍රස­න්නගේ ‘සුපෙම් සුළ­ඟක්‘. සාරංග මෙන්ඩිස්ගේ කල්පනා සහ ක්‍රිෂාන්ත මන­ම්පේ­රිගේ ‘නේත්‍ර මායම්‘ යන චිත්‍ර­පට එන්න තියෙ­නවා.


චරි­ත­යක් බාර ගනිද්දී ඒ ගැන හිතන්නේ මොන ­වි­දි­හට ද?

මම කොහො­මත් වැඩ කරන්නේ, මම ගැහැනු ළම­යෙක් විදි­යට මම ම දා ගත්තු සීමා­වන් ටිකක් එක්ක. මම හැම­වෙ­ලේම බලන්නේ මට ලැබෙන චරි­ත­යට සාධා­ර­ණ­යක් කරන්න පුළු­වන්ද කියලා. මම මට ලැබෙන චරිත වල පිට­පත මුල ඉඳන්ම කිය­වලා බල­නවා. අධ්‍ය­ක්ෂ­ව­රයා බලා­පො­රො­ත්තු­වෙන දේ මගේ චරි­තය තුළින් කරන්න පුළු­වන් ද කියන එකත් බලලා තමයි මම චරිත භාර ගන්නේ. එකි­නෙ­කට වෙනස් චරිත කරන්න තමයි කැමති.


පුංචි තිර­යට ද සින­මා­වට ද වැඩි කැමැත්ත?

එහෙම එකක් නැහැ. මම පුංචි තිර­ය­ටත් සින­මා­ව­ටත් හරිම ආද­රෙයි. එකි­නෙ­කට වෙනස් චරිත වලින් ප්‍රේක්ෂ­ක­යින් අත­රට එන්න කැම­තියි.


රටේ හැමෝ­ගෙම ආදරේ ලබන චරි­ත­යක් වීම නෙත්මිට දැනෙන්නේ කොහො­මද?

ඇත්ත­ටම මට හරිම සතු­ටුයි. මම කලා­වට ආව දවසේ ඉඳන් මම කරපු ‘ජය­වතී‘, ‘ආක්ෂා‘ කියන චරිත තුළින් ලැබුණු ආදරේ තාමත් නොඅ­ඩුව ලැබෙ­නවා. මම හිතන්නේ අපි කලා­ක­රු­වන් විදි­යට ආස ප්‍රේක්ෂක ආදරේ ලැබෙ­න­වාට. අපි කරන දෙයක් මිනි­සුන් අගය කර­න­වට. මම ඒ ආද­රේට හරිම ආද­රෙයි. ඒ අය දෙන ආදරේ එක්ක තමයි අපි තව තව දිරි­මත් වෙන්නේ. වයස් බේද­ය­කින් තොරව ඒ ආදරේ ලැබෙ­නවා. මෙවර ජන­ප්‍රි­යම සම්මා­නය සින­මා­වෙන් මට ලැබුණු පළමු සම්මා­නය වුණත් මින් පෙරත් මට ජනතා සම්මාන ලැබුණා. ඒ හැම­දෙ­යක්ම මට ලැබෙන්නේ මගේ ආද­ර­ණිය ප්‍රේක්ෂ­ක­යින් මගෙත් එක්ක හැම­දාම හිටිය නිසා. ජනතා ආදරේ ලබන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. අපි ඔක්කොම ඉන්නේ බිසී ලෝක­යක. එහෙම ඉන්න ගමන් එයා­ලගේ කාලය අපි වෙනු­වෙන් කැප කරලා සමාජ මාධ්‍ය­යට එක් කරන අද­හස් පවා අපිට දෙන්නේ පුදු­මා­කාර ආශී­ර්වා­ද­යක්. ඒ ආද­රේට මම හරිම ආද­රෙයි.

gossiplanka image 2
Previous Post Next Post