මමයි ප්‍රස­න්නයි කව­දා­වත් කලාව සහ ජීවි­තය පට­ලවා ගත්තේ නැහැ -දම­යන්ති ෆොන්සේ­කා

gossiplanka image 2
 


වයස අවු­රදු දහ­යේදී සුමන ආලෝක බණ්ඩා­රගේ “අපි කවුද” වේදිකා නාට්‍යයේ රඟ­පා­මින් ළමා කලා­කා­රි­නි­යක ලෙස රංග කලා ජීවන ගමන ආරම්භ කළ දම­යන්ති ෆොන්සේ­කාගේ ප්‍රථම කෙටි චිත්‍ර­ප­ටය අයි. එන්. හේවා­ව­සම්ගේ “පියෙක් සහ මිනි­සෙක්” නම් විය. ඇය රඟපෑ ප්‍රථම චිත්‍ර­ප­ටය වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍ය­ක්ෂ­ණය කළ ‘මඩොල් දූව’ යි. ඇය රඟපෑ පළමු වෘත්තාන්ත චිත්‍ර­ප­ටය වූයේ නිශාන්ත ද අල්විස් ගේ “දොළොස් මහේ පහන” යි. පළමු වැනි වෘත්තාන්ත ටෙලි නාට්‍යය වන්නේ තිලක් ගුණ­ව­ර්ධ­නගේ “කුමාරි හා හිමි” යි. අප අත­රින් වියෝ වූ හෙළ සින­මාවේ නිලි රැජන මාලිනී ෆොන්සේකා කලා­කා­රි­නි­යගේ ආද­ර­ණීය නැඟ­ණි­යක වන ඇය රංග කුස­ලතා උදෙසා සම්මාන ගණ­නා­වක් ද හිමි­කර ගත්තාය.


‘උම­යං­ගනා’ චිත්‍ර­ප­ටයේ ඇය රඟපෑ තේජා නම් චරි­තය වෙනු­වෙන් විශේෂ කුස­ලතා සම්මා­න­යක් 1993 වසරේ සර­ස­විය සම්මාන උලෙළේදී හිමි වූ අතර එම චරි­තය ජන­තාව අතර ද බෙහෙ­වින් ජන­ප්‍රිය විය. පසුව ‘දොළො­ස්මහේ පහන’,


‘අංගු­ලි­මාල’, ‘ශක්තිය ඔබයි අම්මේ’, ‘ප්‍රතිරූ’, ‘මැවිලා පෙනේවි රූපේ’ වැනි චිත්‍ර­පට රැසක ඇය සහාය චරිත රඟ­පෑ­වාය. වේදිකා සහ රූප­වා­හිනී නිර්මාණ රැස­කට ද රංග­න­යෙන් දායක වී ඇති ඇය ‘හෝපලු අරණ‘ රූප­වා­හිනී කතා මාලාවේ රඟපෑ නපුරු චරි­තය උදෙසා සහාය හොඳම නිළිය සම්මා­නය ද දිනු­වාය.


‘දුක්ගන්නා රාල‘ වේදිකා නාට්‍යයේ රංග­නය වෙනු­වෙන් ද ඇයට ජූරි සම්මා­නය හිමි විය. ‘අවි‘, ‘රාජ­කීය වෙන්දේ­සිය‘, ‘නරි බෑනා‘, ‘දෙබිඩ්ඩෝ‘, ‘වෙස්‘ ආදී වශ­යෙන් නාට්‍ය රැසක රඟපෑ ඇය ‘අඹු­ද­රුවෝ‘, ‘මුදි­යන්සේ මාමා‘, ‘වන සරණ‘, ‘සත් මහල‘ නිර්මා­ණ­වල රංග­න­යන් වෙනු­වෙන් සම්මාන ද සම්මාන සඳහා නිර්දේ­ශ­යන් ද ජන­ප්‍ර­සා­දය ද නොම­ඳව ලැබු­වාය.


‘අමන්දා‘ සහ ‘සෙනෙ­හ­සට ආද­රෙයි‘ මෙගා ටෙලි නාට්‍ය­වල ද ඇය රඟපෑ චරිත ‍බෙහෙවින් කතා­බ­හට ලක්විණි. තිස්ස අබේ­සේ­කර, සුගත් සම­ර­කෝන්, සුදත් රෝහණ, නාලන් මෙණ්ඩිස් ආදි වශ­යෙන් වූ ප්‍රවීණ අධ්‍ය­ක්ෂ­ව­රුන් විශාල පිරි­ස­කගේ නිර්මා­ණ­ව­ලට දායක වී ඇති ඇය දැවැන්ත කලා පවු­ලක සාමා­ජි­කා­වකි. ඉන් මෙම කලා පවුලේ නම දිනූ හෙළ රැජන මාලිනී ෆොන්සේ­කායි. ඇය ද ඇතු­ළුව දම­ය­න්තිට සහෝ­දර සහෝ­ද­රි­යන් 11කි. වැඩි­මල් ම සහෝ­ද­රයා දයා­නන්ද ෆොන්සේ­කායි. එතැන් සිට පහ­ළට පිළි­වෙ­ලින් රංජිත්, මාලිනී, මහින්ද, ආනන්ද, කල්‍යාණි, උපාලි, ශ්‍රියාණි, නිමල්, රසා­දරී සහ බාලම දරුවා දම­යන්ති ය. පියා ගිල්බට් ෆොන්සේකා ය. ඔහු රජයේ මුද්‍ර­ණා­ල­යක සේවය කළ අතර මව සීල­වතී ෆොන්සේකා දරු­වන් රැක­බලා ගනි­මින් නි‍ෙවසේ සිටියා ය. සහෝ­ද­ර­යන් තිදෙ­නෙක් සහ එක් සහෝ­ද­රි­යක් හැර සෙසු අය කලා­වට සම්බන්ධ වූ අයයි. මේ පවු­ලට බැඳුණු බොහෝ අයත්, දරු­වන් සහ දරු­වන්ගේ දරු­වන් ද වැඩි දෙනෙක් කලා­වට බැඳී සිටී.


‘හෑන්ඩ් ස්මිත්’ ලංකා­වට පැමිණ කළ වැඩ­මු­ළු­ව­කදී ඔහු විසින් නිර්මා­ණය කරන ලද ‘සත්තුන්ගේ පුංචි ගෙදර‘නමැති නාට්‍ය නිර්මා­ණ­යෙන් වැඩි­හිටි පිරි­සක් යොදා ගනි­මින් පොඩි ළමයි වෙනු­වෙන් නාට්‍ය­යක් කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ විශාල අත්දැ­කී­මක් දම­යන්ති ඇතුළු පිරි­සට ලැබුණි. හෙලේනා ලෙහෙ­ත­මකි ලංකා­වට පැමිණ කළ දෙවැනි වැඩ­මු­ළු­වට සම්බන්ධ වීමෙන් ලද අත්දැ­කීම් අනුව දම­යන්ති ‘අපේ ඇත්තෝ’ නිර්මා­ණය කළාය. ඇය නිර්මා­ණය කළ ‘පොඩි නම‘ සහ ‘දෙගො­ඩ­තලා‘ නමැති කෙටි චිත්‍ර­පට දෙක ඉතා­ලිය, ඉන්දි­යාව වැනි රට­වල පැවති සිනමා උලෙළ කිහි­ප­යක් සඳහා ද ඉදි­රි­පත් කළාය. ‘සහෘ­දයෝ’ නමැති කෙටි චිත්‍ර­ප­ටය ඉතා­ලි­යේදී නිර්මා­ණය කළේ ‘ආසි­යා­ටිකා ෆිල්ම් මීඩි­යාලේ’ නම් වූ ජාත්‍ය­න්තර චිත්‍ර­පට උලෙළ සඳ­හාය. ‘පොපි­යන උයන’, ‘සාම කුම­රුගේ කතාව’, ‘ගීතාං­ජලී’, ‘මහ­දැනමුත්තා’ යන නාට්‍ය ඇය අධ්‍ය­ක්ෂ­ණය කළේ දළු­ගම ශ්‍රවණ ඌණ පාසලේ ඇසීම නැති දරු­වන් සම්බන්ධ කර­ගෙ­නය. ‘සමු­ගැ­නීම’ ද ඇයගේ ම නිෂ්පා­ද­න­යකි. මාලිනී ෆොන්සේකා රංග­න­යෙන් දායක වූ ‘රන් කිරි අම්මා’ ටෙලි නාට්‍යයත්, ‘ඉර­ගල නැකත’ ටෙලි නාට්‍ය­යත් අධ්‍ය­ක්ෂ­ණය කළේ දම­යන්ති ෆොන්සේ­කාය. 2013 වස­රේදී ඇය නාට්‍ය පාස­ලක් ආරම්භ කළාය. ‘ගාස්තුව කීයද’, ‘පරණ පිනක්’ වැනි නාට්‍ය බිහි­වන්නේ එම නාට්‍ය පාස­ලෙනි. නිර්මාණ කට­යුතු සඳහා නළු නිළියන් තෝරා ගැනී­මේදී විවෘත කැඳ­වී­මක් කර, ඒ අයගේ දක්ෂතා පරීක්ෂා කිරීම‍ට ඇය මුල­පුරා ඇත්තේ ‘මචං‘ චිත්‍ර­ප­ටය නිර්මා­ණය කළ අව­ස්ථා­වේදී යි.


“කාස්ටින් කෝල් (Casting Call) කියන දේ ලංකාවේ පටන් ගත්තේ මමයි. වෙළෙඳ දැන්වීම් සඳහා පිරිස කැඳ­වීම් හා තෝරා ගැනීම් ඊට පෙර සිටම ලංකාවේ තිබුණා. පසු­ගිය මස අව­සා­න­යේදී අපි විශාල කාස්ටින් කෝල් එකක් කළා. ඉතාම දක්ෂ විශාල පිරි­සක් ඒ සඳහා පැමිණ සිටියා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන් ම දක්ෂතා ඇති පිරි­සක් අපි තෝරා ගත්තා. ඒ අයගේ රංගන හැකි­යා­වන් වීඩි­යෝ­ගත කළා. ඒවා බල­මින් ඒ අයව විවිධ චරි­ත­ව­ලට වෙන් කර ගැනීම මේ දව­ස්වල සිදු කර­නවා. ලංකාවේ විත­රක් නෙවෙයි පිට­ර­ට­වල කරන නිර්මාණ සඳ­හාත් මේ අයට අව­ස්ථා­ තියෙ­නවා. ලොකු මහ­න්සි­යක් මේ වෙනු­වෙන් අපි සිදු කර­නවා. අපේ ම නිර්මාණ කිහි­ප­ය­කුත් ඉදි­රි­යේදී කිරීමට නිය­මිතයි. එකක් ප්‍රසන්න විතා­නගේ අධ්‍ය­ක්ෂ­ණය කර­නවා. විදේ­ශීය සිනමා අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් ලංකා­වට ඇවිත් චිත්‍ර­ප­ට­යක් අධ්‍ය­ක්ෂ­ණය කර­න්නත් නිය­මි­තව තිබෙ­නවා. ඒ සඳහා මේ පිරි­ස­ගෙන් බොහෝ දෙනෙ­කුට අව­ස්ථා­වන් ලැබේවි.”


මේ සියලු කාර්යබහු­ල­ත්ව­යන් මධ්‍යයේ වුව ද කලා කට­යු­ත්තක නිරත වන්නට ද ඇය අත­පසු නොක­රයි. ඇය නිර­තු­රුව ම යාව­ත්කා­ලීන වීමට සහ අභ්‍යා­සයේ යෙදී­මට ප්‍රිය තැනැ­ත්ති­යකි.


“ඔව්. මට ලැබෙන චරිත මට බැරිම සහ අකැ­මැ­තිම අව­ස්ථා­වක හැර ප්‍රති­ක්ෂේප කරන්නේ නැහැ. දිනචර්යා­වට බාධා­වක් වෙන විදි­හට අසී­මි­තව නිර්මාණ භාර ගන්නෙත් නැහැ. අන්ති­ම­ටම මම රඟ­පෑවේ මිහිර සිරි­ති­ල­කගේ ටෙලි නාට්‍ය­ය­කය. ඒ වගේ ම ‘නොදොඩා ඉන්නම්…’ කියලා මියු­සික් වීඩි­යෝ­වක් කළා. ඒක ගොඩාක් ජන­ප්‍රිය වුණා.“


දම­යන්ති විවාහ වූයේ ප්‍රවීණ, සම්මා­න­නීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතා­නගේ සම­ඟිනි. ඔහු ශ්‍රී ලංකාවේ පම­ණක් නොව දකුණු ආසි­යා­වේම ගෞර­ව­යට පාත්‍රව ඇති සින­මා­වේ­දි­යෙකි. ඔහු නිර්මා­ණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක‘, ‘ආකාස කුසුම්‘, ‘ඉර මැදි­යම‘, ‘පැර­ඩ­යිස්‘ වැනි චිත්‍ර­පට දෙස්විදෙස් සම්මාන රැස­කට හිමි­කම් කී අතර ‍හෙළ සිනමා රැජන මාලිනී ෆොන්සේකා රංග­වේ­දි­නි­යට ‘හොඳම නිළිය‘ සම්මාන රැසක් අත්කර දීමට ‘ආකාස කුසුම්‘ චිත්‍ර­ප­ටය ප්‍රබල විය.


“ප්‍රසන්න විතා­නගේ අධ්‍ය­ක්ෂ­ණ­යෙන් නිර්මා­ණය වූ ‘අනන්ත රාත්‍රිය‘, ‘පුරහඳ කළු­වර‘, ‘පවුරු වළලු‘, ‘ගාඩි‘ ඇතුළු ඔහුගේ සෑම නිර්මා­ණ­ය­කම පසු­බි­මින් මම හිටියා. සම­හර ඒවායේ මමත් රඟ­පෑවා. සම­හර ඒවාට නිෂ්පා­ද­න­යෙන් සම්බන්ධ වුණා. ආපහු හැරිලා බලද්දි මෙච්චර වැඩ ගොඩක් කළානේ කියන සතුට වගේම පුදු­ම­ය­කුත් දැනෙ­නවා. හැබැයි කිසිම තැන­කදී මමයි, ප්‍රස­න්නයි දෙන්නාම කලාව සහ ජීවි­තය පට­ලවා ගත්තේ නැහැ. අපේ ජීවි­ත­යෙන් සිය­යට අසූ­වක් විත­රම කලාව වුණාට මුළු ජීවි­ත­යම කලාව බවට අපි පත් කර ගත්තේ නැහැ. පොඩි කාලේ ඉඳ­ලම මම මගේ වැඩ­ව­ල­ටත් ඉඩක් හදා ගන්න පුරුදු වෙලා හිටියා. යාළු­වෙ­කුගේ දේකට යන්න, ඥාති­යෙ­කුගේ දේකට යන්න, ඒ සුහ­දතා පව­ත්වා­ගෙන යන්න මට පුළු­ව­න්කම තිබුණා. උත්ස­ව­ය­කට, මළගෙද­ර­කට මම බැරිම අව­ස්ථා­වක හැරෙන්න නොගි­හින් ඉන්නේ නැහැ. මම යාළුවෝ එක්ක, පවුලේ අයත් එක්ක විනෝද ගමන් යනවා. සිංහල අලුත් අවු­රු­ද්දට අපි හැමෝම එකතු වෙනවා. ඒක අම්මාගේ නීති­යක් බවට පත් වෙලා තිබුණා. මොන වැඩ තිබු­ණත් ඒ දිනය අපි වෙන් කර ගත්තා. ඒ වගේම තමයි ප්‍රසන්න හමු වුණාට පස්සේ අපි දෙන්නාගේ ජීවි­ත­යෙන් වැඩි කොට­සක් කලාව වුණාට අපි අප­ටත් කාල­යක් වෙන් කර ගත්තා. ටෝනි අයියා පිට­පත ලියලා රෝලන්ඩ් ජේ. ප්‍රනාන්දු නිර්මා­ණය කරන නාට්‍ය­යක මට රඟ­පාන්න අව­ස්ථා­වක් ලැබුණු වෙලාවේ එහි පුහු­ණු­වීම් කරන අතර දව­සක මට නාට්‍ය­යක් අධ්‍ය­ක්ෂ­ණය කරන්න ඕනෑ වෙලා පරි­ව­ර්තන නාට්‍ය­යක් හරි මට හොයලා දෙන්න කියලා මම රෝලන්ඩ්ට කිව්වා. ඔහු කිව්වා ප්‍රසන්න විතා­නගේ කියලා කෙනෙක් අද ටෝනි අය්යා හමු­වෙන්න එනවා, එයා ළඟ ඇති, අපි අහලා බලමු කියලා. ටික­කින් ප්‍රසන්න ඇවිත් තිබුණා. එයා ඇවිත් තිබුණේ එයා කරන නාට්‍ය­යට අලු­තින් නිළි­යක් සොයන්න. රෝලන්ඩ් ප්‍රස­න්නට මාව හඳු­න්වලා දුන්නාට පස්සේ මම ප්‍රස­න්න­ගෙන් නාට්‍ය පිට­ප­තක් හෝ පරි­ව­ර්ත­න­යක් ගැන ඇහුවා ම ප්‍රසන්න කිව්වා මර්සි එදි­රි­සිංහ ප්‍රධාන චරි­තය රඟපෑ ‘රන්කඳ’ නාට්‍යයේ ඉංග්‍රීසි පරි­ව­ර්ත­නය තියෙ­නවා ඒක හදලා දෙන්නම් කියලා. ගත් කට­ටම මම කිව්වා ‘රන්කඳ’ නම් මර්සි අක්කාම තමයි. වෙන ආදේ­ශ­ක­යක් නැහැ. ඒ නිසා ඒක නම් මට එපා කියලා. අපේ ශ්‍රියාණි ෆොන්සේකා අක්කා විවාහ වුණු වෙලාවේ එයා රඟ­පා­මින් සිටි නාට්‍ය කිහි­ප­ය­කම එයාගේ චරි­තය මම රඟ­පෑවා. ඒ කිසිම වෙලා­වක ශ්‍රියාණි අක්කා ගැන හැමෝම කතා කළත් මං ගැන කවු­රු­වත් කතා කළේ නැහැ. ඒ නිසා තව කෙනෙ­කුගේ චරි­ත­ය­කට මම අනු­ගත වෙන්න කැමැති වුණේත් නැහැ. මර්සි අක්කා ජන­ප්‍රිය වෙලා තිබුණු චරි­ත­ය­කට මම කව­දා­වත් ආදේ­ශ­ක­යෙක් වෙන්නේ නැහැ. මම තදින්ම ඒ යෝජ­නාව ප්‍රති­ක්ෂේප කළා. මම වෘත්ති­යමය වශ­යෙන් හිතන කෙනෙක් හැටි­යට මං ගැන ලොකු පැහැ­දී­මක් ඒ වෙලාවේ ඇති වුණා කියලා ප්‍රසන්න පසුකාලෙක මට කිව්වා. ඔය විදි­හට අපි දෙන්නා හඳු­නා­ගෙන, බැඳීම් ඇති­වෙලා, අපේම ගම­නක් පටන් ගත්ත දවසේ ඉඳලා අද දක්වාම මොන තරම් කලා කට­යුතු තිබු­ණත් අපි දෙන්නා සතු­ටින් ඉන්නේ අපි දෙන්නා වෙනු­වෙ­නුත් කාල­යෙන් යම් කොට­සක් වෙන් කර ගත්ත නිසා. මම ප්‍රසන්න හමු­වෙන්න කලින් ඉඳ­ලාම මාලිනී අක්කාගේ නිෂ්පා­දන දැකලා තියෙ­නවා. මාලිනී අක්කා එක්ක වැඩ­ව­ලට සම්බන්ධ වෙලා තියෙ­නවා. අපේ ආනන්ද ‍ෆොන්සේකා අයියා ‘ගොළු කපුටා’ වේදිකා නාට්‍යය කරද්දි ඒකට සම්බන්ධ වෙනවා. ඒකට උදව් කර­නවා. පවුලේ නිෂ්පා­ද­න­යක් කෙරෙද්දි අපි සම්බන්ධ වුණාට එතැ­නදී අපි සහෝ­ද­රයෝ ද, දුව ද පුතා ද කියලා තැකී­මක් නැහැ. ඒ ගැන මනා අව­බෝ­ධ­යක් සහ අත්දැ­කීම් මට තිබුණ නිසා ප්‍රසන්න එක්ක ජීවි­තය බෙදා ගන්න මට හරි පහසු වුණා. ප්‍රස­න්නගේ නිෂ්පා­ද­න­යක් සිදු වෙද්දි මමත් එතැන නිෂ්පා­දන කණ්ඩා­ය­මට සම්බන්ධ වෙලා අදාළ කට­යුතු කර­නවා තමයි. නමුත් ඒ අතරේ වැඩ කරන කෙනා කුස්සියේ තේ හද­නවා නම් මම ඉන්න තැනින් නැගි­ටලා ගිහින් ඒ ගැන බල­නවා. අන්න එහෙම තැන­කදී මම ගෘහ­ණිය, ප්‍රස­න්නගේ බිරිඳ කියන හැඟීම දැනෙ­නවා. ප්‍රස­න්නත් එහෙ­මයි. එයා නිර්මා­ණ­ය­කදී අධ්‍ය­ක්ෂ­ව­රයා වුණාට ප්‍රසන්න පවුලේ එකම දරුවා හැටි­යට මොන වැඩ තිබු­ණත් එයා එයා‍ගේ අම්මා, තාත්තා ගැන බැලුවා. එයා­ලාව බලා ගත්තා. යාළු­වන්ගේ, ඥාතීන්ගේ දේව­ල්ව­ලට එයත් ගියා. නොගි­හින් අපි එක්ක තරහා වුණු අව­ස්ථාත් නැතුවා නෙවෙයි. ප්‍රස­න්නයි, මායි යාළුවෝ එහෙම නැත්නම් අපේ ගෝලයෝ, පවුලේ දරු­වන් එක්ක වස­ර­කට වර­ක්වත් අනු­රා­ධ­පු­ර­යට යනවා. එහෙම බැලුවා ම අපි දෙන්නා ජීවි­තය විඳින්න තියෙන අවස්ථා මඟ­හැ­රලා නැහැ.”


 

gossiplanka image 1
Previous Post Next Post