මගේ හීනය සොයා යනවා – හංසිකා සේනාරත්න

gossiplanka image 2
 




නවපරපුරේ නැගී එන දක්ෂ ගායිකාවක් මෙන්ම රූමත් නර්තන ශිල්පිනියක් වන හංසිකා සේනාරත්න සමග අපි අද දොඩමළු වූයෙමු. ඇය හොඳින් සංගීතය හදාරා රැල්ලට නොයන වඩා හොඳ නිර්මාණ ප්‍රේක්ෂකයින් වෙත දායාද කිරීම වෙනුවෙන් සුදානමින් සිටි. ඇගේ නව නිර්මාණ කිහිපයක්ම නුදුරේදීම එළිදකිනු ඇත.



පුංචිම කාලෙ ඉඳන් දැකපු හීනයක් වෙනුවෙන් මේ දවස්වල මම ඉතාම කාර්යබහුල වෙලා ඉන්නෙ. ඒ හීනය ඉටුවෙන ගමන්, හැබෑ කරගන්න ගමන් තියෙන්නේ. මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අයියයි ආච්චියි, සීයයි. ඇත්තෙන්ම පොඩි කාලේ ඉඳන් දැකපු හීනයක් තමයි ලංකාවේ දක්ෂම ගායිකාවක් වෙනවා කියන එක. ඒ නිසා සංගීත විෂය මම ගැඹුරින් හදාරනවා. මගේ අරමුණ මේ විෂය හොඳින් ඉගෙන ගෙන වඩා හොද නිර්මාණ ඉදිරිපත් කරන එක. සංගීතය කියන්නේ පුළුල් විෂයක්. රැල්ලට නිර්මාණ කරන්න මම සුදානම් නැහැ. මම ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඉන්පසු ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත්වෙලා මම නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට යනවා. එහි උසස් පෙළ දක්වා ඉගෙන ගෙන පසුව තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සංගීත පීඨයට ඇතුළත් වෙනවා. දැන් මම එහි අවසන් වසර ශිෂ්‍යාවක්. මම අද ඉන්න තැනට එන්න මගේ පාසල වගේම විශ්වවිද්‍යාලයත් බොහොම සහයක් දුන්නා. මගේ සංගීත ගමනට ලොකු ශක්තියක් වුණේ බුද්ධික දයාරත්න සර්. එතුමා මගේ සංගීත දිවියට ආලෝකයක්. මගේ පවුලේ උදවිය වගේම මගේ යාළුවොත් මේ සඳහා උදව් කරනවා. ළඟදීම අලුත් නිර්මාණ කිහිපයක් සමග මම මගේ රසිකයින් ඉදිරියට පැමිණෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මාත් එක්ක ඉන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.


මේ ජිවිතයේ දුක් කම්කටොලු බාධා කලකිරීම් එනවා. ඒ සියල්ලට මධ්‍යස්ථව මුහුණ දෙනවා. හැමදේම නිකන් ලැබෙන්නේ නැහැ. කැපකිරීම කරන්න වෙනවා. මම අහිංසකයි. නමුත් වැරැද්දට වැරැද්ද කියනවා. මම කෙලින් කතා කරන කෙනෙක්. හැමෝටම උදව් කරන ආදරණීය තරුණියක්. හැබැයි අසාධාරණයට නිහඩව ඉන්නේ නැහැ. හැබැයි වෙලාවකට හිතෙනවා මම හරි වාසනාවන්තයි කියලා. හැම කෙනා එක්කම මම හොඳින් ඉන්නේ. අනෙක් අයත් මා එක්ක හොඳයි. මම වෛරයෙන් ජීවත් වන කෙනෙක් නොවෙයි. පොඩි කාලේ ඉඳන් මගේ ජිවිතේ ලොකුම ශක්තිය අම්මා. මගේ සංගීත ගමනටත් ලොකුම සහය දෙන්නේ අම්මා තමයි. එය වාසනාවක්. තාත්තා, අයියා, ආච්චි, සීයා මට උපරිම සහය ලබා දෙනවා. මගේ ප්‍රර්ථනා ඉටුකරගන්න එය මට ලොකු සහයක්. සංගීතය ගැන මගේ හීනය සොයා යනවා.


වරදත්ත අකලංක

gossiplanka image 1
Previous Post Next Post