වේදි­කාවේදී මම වෙනස්ම පුද්ග­ල­යෙක් - කවිඳු මධු­ෂාන්

gossiplanka image 1
 


රංගන ශිල්පි­යකු, නර්තන ශිල්පි­යකු ලෙස කලා ලොවේ ගම­නක් යමින් සිටින තරු­ණ­යකු වන කවිඳු මධු­ෂාන් සිය නිර්මා­ණ­ක­රණ දිවිය පිළි­බඳ කතා කිරී­මට අප හා මෙසේ එක්විය. තමන් රංග­න­යෙන් දාය­ක­වන නව­තම නිර්මාණ ගැන අද­හස් දැක්වූ කවිඳු මෙසේ කීය.


“මගේ පළමු චිත්‍ර­ප­ටය ‘මෝඩ තරි­ඳුයි. එය හෙට අනි­ද්දම තිර­ගත වීමට නිය­මි­තයි. දෙව­නුව රඟපෑ චිත්‍ර­ප­ටය වන ‘නීරා’ චිත්‍ර­ප­ටය පසු­ගි­යදා තිර­ගත කිරීම් ආරම්භ වුණා. එයට හොඳ ප්‍රති­චාර ලැබෙ­මින් පව­ති­නවා. ඒව­ගේම මම රඟපෑ ‘වීදුරු තිර’ ටෙලි­නා­ට්‍යය ඉකුත්දා විකා­ශය නිමා­වුණා. විකා­ශය නිම­වු­ණත් තව­මත් ප්‍රේක්ෂ­කයා ඒ ටෙලි­නා­ට්‍යය ගැන කතා වෙනවා. හොඳ ප්‍රති­චාර තව­මත් ගලා එනවා.”


‘වීදුරු තිර’ හි හිමාෂ් ඔහුයි. වෙනස්ම තේමා­වක් රැගත් ටෙලි­නා­ට්‍ය­යක් වූ ‘වීදුරු තිර’හි හිමාෂ් ගැන කවිඳු මෙසේ අද­හස් දැක්වීය


‘වීදුරු තිර’ හි හිමාෂ් මමයි. මගේ රංගන දිවියේ හැර­වුම් ලක්ෂ්‍යය ‘වීදුරු තිර’ කිව්වොත් හරි. මට දැන­ටත් බොහෝ අය කතා කරන්නේ හිමාෂ් කියලා ඒ චරි­තයේ නමි­න්මයි. හිමාෂ්ට සෑහෙන්න ප්‍රේක්ෂක ප්‍රති­චාර ලැබෙ­නවා. ඒ ගැන සතු­ටුයි. ලංකාවෙ තිබෙන එහෙත් කතා­බ­හට ලක්නො­වන මාතෘ­කා­වක් මෙසේ එළි­පිට කතා කරද්දී ප්‍රේක්ෂ­ක­යාට තිබෙන සතුට ප්‍රති­චාර මඟින් දක්ව­නවා. මුලින්ම සමාජ මාධ්‍යයේ පවා මා ගැනයි කතා­ කළේ. පසු­වයි චමී­රයි, චතු­රං­ගයි ළඟට ඒ කතා­බහ ගියේ. ශලනි තාරකා අක්කා තමයි මට මේ චරි­ත­යට ආරා­ධනා කළේ. මුලින්ම මම මේ චරි­තය භාර­ගන්න බැහැ කිව්වා. ඒත් එක්කම පැයක් ඇතු­ළත මම ශලනි අක්කට කතා කරලා මම කැමැ­තියි ඒ චරි­තය කරන්න කියලා කිව්වා. මුලින්ම බෑ කියලා චරි­තය ප්‍රති­ක්ෂේප කළා නම් අප­රාදේ කියලා දැන් මට හිතෙ­නවා.”


කල­කට ඉහ­තදී බොහෝ ප්‍රේක්ෂක ප්‍රති­චාර මධ්‍යයේ විකා­ශය වූ ‘සිහින ගෙනෙන කුමා­රියේ’ ටෙලි­නා­ට්‍යයේ සදෙව් වූයේත් ඔහුයි. ඒ පිළි­බඳ මත­කා­ව­ර්ජ­නය කර­න්නට ද කවිඳු අම­තක නොක­ළේය.


“මම රඟ­පෑ­මට ආසා­වක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මුලින්ම රංග­න­ය­කට කියලා ආරා­ධනා ලැබෙන්නේ හිරු නාළි­කාවේ විකා­ශය වූ ‘සිහින ගෙනෙන කුමා­රියේ’ ටෙලි­නා­ට්‍ය­ය­ටයි. ඒක­ටත් මුලින්ම මම බැහැ කිව්වා. පසුව රඟ­පෑවා. අද­ටත් අනු­රා­ධ­පු­රය වගේ ඈත ප්‍රදේ­ශ­ය­කට ගියා­මත් ප්‍රේක්ෂ­කයා මාව සදෙව් නමින් හඳු­න්වන්නෙ. මේ ටෙලි­නා­ට්‍යය අවු­රුදු 70-75 වගේ වයසේ ප්‍රේක්ෂ­ක­යාත් නර­ඹලා තියෙ­නවා. ඔවු­නුත් සදෙව් කියලා මාව ආද­ර­යෙන් බදා­ග­නිද්දී හරිම සතු­ටුයි. සදෙව් ගේ චරි­තය නිසා තව­මත් මිනිස්සු හඳු­න­නවා.”


රංග­නයේ ආර­ම්භ­යත්, පාසල් සමයේ කලා කට­යු­තු­ව­ලට දායක වූ අයු­රුත් කවිඳු සිහි­කළේ මෙලෙ­සිනි.


“මම අධ්‍යා­ප­නය ලැබුවේ පිළි­ය­න්දල මධ්‍ය මහා විද්‍යා­ල­යෙන්. ඒ කා­ලයේ හිටිය මංජුලා මිස් වගේම මගේ පාසලේ අක්කලා අයි­යලා දිහා බලලා බොහෝ දේ ඉගෙ­න­ගත්තා . පාස­ලේදී නර්ත­න­යට යොමු­වුණා. එකල වෙළෙඳ දැන්වීම්, නොයෙක් චිත්‍ර­ප­ටත් කළා. ඩාන්සින් වැඩත් කළා. විදු­හ­ල්පති ඇතුළු කාර්ය­ම­ණ්ඩ­ලය මට ගොඩාක් උදව් කළා. 2019දි හිරු සුපර් ඩාන්සර් සීසන් 02වලට සම්බන්ධ වුණා. ඉන්ප­සු­වයි මට මුල්ම රංග­නය වූ ‘සදෙව්’ චරි­ත­යට ආරා­ධ­නාව එන්නේ. අම්මා කැමැ­තියි මම රඟ­පා­නවා බලන්න. අපේ ඩාන්සින් ටීචර් ගයාන් අයි­යත් කිව්වා රඟ­පාන්න කියලා. ඒ එක්ක මම රඟ­පෑ­මට ආවා. ඉන්පසු මගේ නර්තන දිවියේ වෙන­ස්කම් රැසක්ම වුණා. නර්තන ශිල්පි­ය­කුට හැඟීම් කියන දේ වැද­ගත් . හැඟීම් ප්‍රකා­ශ­නය කොහො­මද ස්වාභා­වි­කව සිදු­කළ යුත්තේ කියන අද­හස ආවේ කැම­රා­වක් ඉදි­රියේ රඟ­පාන්න පට­න්ග­ත්තට පසු­වයි.”


කවිඳු නර්තන ශිල්පි­යකු ලෙසත් සුවි­ශේෂී පිය­වර රැසක් තිබෙන අතර ඉන් ජය­ග්‍ර­හණ ද ලබා­ගැ­නී­මට සමත්ව තිබේ.


“මම හිතන්නේ ප්‍රේක්ෂ­කයා මගේ නර්ත­න­යට ගොඩාක් කැමැ­තියි කියලා . 2009දී තමයි මම නර්තන ක්ෂේත්‍ර­යට පිවි­සෙන්නේ. ඉන්පසු ක්‍රම­ක්‍ර­ම­යෙන් ඉදි­රි­යට ඇවිත් අද වෙද්දී නර්තන පුහු­ණු­ක­රු­වෙක් විදි­හට ජන­තාව අත­රට ගිහින් තිබෙ­නවා. මම හරිම කැමැ­තියි ප්‍රේක්ෂ­ක­යාට අලුත් දෙයක් දෙන්න. නර්තන ශිල්පි­යෙක් ලෙස මාව හඳු­න්ව­න­ව­ටත්, මාව අනු­ක­ර­ණය කර­න­ව­ටත් මම කැමැ­තියි . නර්ත­න­යෙන් 2009දී දෙරණ ලිට්ල් ස්ටාර් තර­ග­යෙන් අනු ශූර­තාව දිනුවා. 2017දී සිරස ඩාන්සින් ස්ටාර් අව­සන් 16 දෙනා අත­රට ආවා. ඒ ව­ස­රේ­දීම දෙරණ Dance Unlimited Derana තර­ග­යෙන් ජය ලැබුවා. 2019දී හිරු සුපර් ඩාන්ස්හි පළමු වට­යට තේරුණා . හිරු මෙගා ස්ටාර්හි ශනුදි එක්ක පළමු වට­යට ආවා. නැවත රියැ­ලිටි තර­ග­ව­ලට යෑමේ අද­හ­සක් නම් නැහැ . කැම­රා­වක් ඉදි­රියේ කොහො­මද නර්ත­නය ප්‍රේක්ෂ­ක­යාට දෙන්නේ කියන අද­හස මට තේරුණේ ඇක්ටින් සහ ඩාන්සින් දෙකම එකට කළ­වි­ටයි. නළු­වකු විදි­හට කැම­රා­වක් ඉදි­රි­යට ආවම මට තේරුණා නර්ත­න­යට රඟ­පෑම කොච්චර අවශ්‍ය ද කියලා . නර්ත­න­යෙන් ඉදි­රි­යට යන්න බලා­පො­රොත්තු වෙන­වා­නම් එයට රංග­නය කියන දේ හරිම වැද­ගත්. අලුත් අයට කියන්නේ නර්ත­නය කර­න­වා­නම් අනි­වා­ර්ය­යෙන් රංග­න­යත් ඉගෙ­න­ගන්න. එවි­ටයි නර්ත­නයේ හෝ රංග­නයේ ඉල­ක්ක­යට යන්න පුළු­වන් වෙන්නෙ. මට ‘නමස්තේ’ නමින් නර්තන කණ්ඩා­ය­ම­කුත් ස්ටුඩි­යෝ­ව­කුත් තිබෙ­නවා . ඕනෑම අය­කුට ලස්සන ස්ටුඩි­යෝ­වක වීඩි­යෝ­වක් ගන්න ඕන­නම් මට කතා කරන්න. ”


මේ දින­වල තිර­ගත වන ‘නීරා‘ චිත්‍ර­ප­ට­යෙන් සින­මාව තුළ කවි­ඳුගේ රංග­න­යන් දැක­ගත හැකියි. ‘නීරා’ ඔහුගේ දෙවැනි සිනමා නිර්මා­ණ­යයි. පළ­මු­වෙන් රඟපෑ ‘මෝඩ තරිඳු’ චිත්‍ර­ප­ටය හෙට අනි­ද්දාම තිර­ගත වීමට නිය­මි­තය.


“මේ ළඟ­දීත් චිත්‍ර­ප­ට­ය­කට ආරා­ධ­නා­වක් ආවා. ඒක­ටත් පුරුදු විදි­හ­ටට බැහැ කිය­ලයි කිව්වේ. පස්සේ කරමු කියා මම කිව්වා. බලමු ඉතින්.”


වේදි­කාව පිළි­බඳ ඔහුට ඇත්තේ මෙවැනි කිය­වී­මකි.


” වේදි­කාව තුළ මම වෙනස්ම පුද්ග­ල­යෙක් කියා සිත­නවා. මම කලා­වට ගරු කර­නවා. වේදි­කාව තුළින් තමයි හොඳ කලා­ක­රු­වන් බිහි­වෙන්නේ.”


ඉදිරි නිර්මාණ කාර්ය­යන් ගැන කීම­ටත් අව­සන් වශ­යෙන් ඔහු අම­තක නොක­ළේය. ” මම රඟපෑ චිත්‍ර­ප­ට­යක් එන්න තියෙ­නවා . ‘අස­න්ධි­මිත’ නම් ටෙලි­නා­ට්‍ය­යට සම්බන්ධ වී සිටි­නවා. ඒ ටෙලි­නා­ට්‍යය ශලනි තාරකා අක්කාගේ තිර රච­න­යක්. අධ්‍ය­ක්ෂ­ණය කරන්නේ ශාන් ජය­රත්න අයි­යයි. ඒකෙදී අලුත්ම නම­කින් මාව රූප­වා­හිනී ප්‍රේක්ෂ­ක­යාට දැක­ගන්න ලැබේවි.”

gossiplanka image 2
Previous Post Next Post