
මේ දිනවල විකාශය වන ‘සිනාවේ කතාවේ’ ටෙලි නාට්‍යයේ නපුරු, දුෂ්ට මිකී හරහා පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ නවක රංගන ශිල්පිණියක්. ඇය නමින් සෙව්මිණි හේවාවිතාරණ.
කොහොමද මිකීට ලැබෙන ප්‍රතිචාර?
ඉතාම කෙටි කාලයක් තුළ ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මිකී කියන්නේ නපුරු චරිතයක් වුණත්, ඒ චරිතේ හොඳට රඟපානවා කියලයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි මුල්ම නිර්මාණයට ඒ වගේ ප්‍රතිචාර ලැබීම ගැන.
සෙව්මිණි කොහොමද රංගනයට එන්නේ?
මම 2025 අවුරුද්දේ දෙරණ අවුරුදු කුමරි තරගයට සහභාගි වුණා. එහිදී අවසන් පස්දෙනා අතරට එන්න මට අවස්ථාව ලැබුණා. ඒ හරහා තමයි මට මිකී වෙන්න ආරාධනාව ලැබුණේ.
අවුරුදු කුමරි තරගයට එන්නෙම නිළියක් වෙන්න හිතේ බලාපොරොත්තු තියාගෙනද?
එහෙම පොඩි බලාපොරොත්තුවකුත් හිතේ තිබුණා. කොහොම හරි හිතුවා වගේම මට අවස්ථාවකුත් ලැබුණා.
මුලින්ම කැමරාවට මුහුණ දුන් දවස මතකද?
ඔව්. මගේ පොඩි චකිතයක් තිබුණා. හැබැයි ‘සිනාවේ කතාවේ’ ටෙලි නාට්‍යයේ කණ්ඩායම සහ නිර්මාණය එක්ක ඉන්න ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය නිසා මගේ චරිතය ගොඩනඟා ගන්න පහසු වුණා.
ඒ නාට්‍යයේදී අමතක නොවන මතක ඇති
මුල්ම නිර්මාණය නිසා හැම දිනයක්ම වගේ මතකයි. ඒ එක්කම ‘මිකී‘ එක තැනකදී පොඩි රණ්ඩුවක් වෙලා පිටිවලින් ගහ ගන්න සිදුවීමක් තිබ්බා. එය රූගත කරපු දවස නම් අමතක වෙන්නෙම නැහැ.
සෙව්මිණිගේ පවුලේ තොරතුරු මොනවද?
මගේ උපන්ගම මීරිගම. දැන් පදිංචිවෙලා ඉන්නෙ කොළඹ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි, නංගියි. මට දැන් වයස අවුරුදු 20යි. මම ඉගෙන ගත්තේ කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන්.
රඟපෑම සඳහා ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් ලැබෙන සහයෝගය නිසාම තමයි මම රංගන ශිල්පිනියක් වුණේ. මාව හරි හැටි තේරුම් අරගෙන මගේ ගමනට ඒ ලබා දෙන සහයෝගය නිසයි අද මම මෙතන ඉන්නේ.
දිගටම රඟපාන්න ද කැමැත්ත?
එහෙම ආසාවකුත් තියෙනවා. ඒ එක්කම මම ආසාවෙන් ඉන්නවා ගුවන් සේවිකාවක් වෙන්න. තවම මට වයස තියෙන නිසා ඉදිරියේදී ගුවන් සේවිකාවක් වීමේ බලාපොරොත්තුවත් හිතේ තියෙනවා.
දැනට රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද?
එකම රාමුවකට සිමා නොවී වැඩ කරන්න තමයි ආසාව. ඒ එක්කම ගැමි චරිතවලට වඩා නාගරික චරිත කරන්න ආසයි.
ක්ෂේත්‍රයේ ඉන්නකොට කටකතා එහෙම හැදෙනවනේ. ඔයා ඒවට බයද?
ඕනෙම ක්ෂේත්‍රයක කටකතා වගේ දේවල් තියෙනවානේ. මම තවම මේ ක්ෂේත්‍රයට අලුත්. ඒ නිසා මට තවම එහෙම අත්දැකීම් නැහැ. හැබැයි දවසක කටකතාවක් හැදුණොත් ඒකටත් මුහුණ දෙන්න පුළුවන් ශක්තිය මට තියෙනවා.
ඔබ විලාසිතාවලට හරි කැමැතියි නේද?
අපොයි ඔව්… මම ගොඩක්ම කැමැති දෙයක් ෆැෂන් කරන එක. ඒ නිසා මම දවසින් දවස විලාසිතාවලින් අප්ඩේට් වෙන කෙනෙක්.
ඔබට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නේ?
මම හරිම කැමැතියි ඒ ලැබෙන ආදරේට. ප්‍රේක්ෂක ආදරේ ලැබෙද්දී මම මොන තරම් වාසනාවන්ත ද කියලා හිතෙනවා
