
කසුනි කාවින්දි ප්‍රනාන්දු කියන්නෙ අපේ කලාව තුළ ඉන්න නවක පරපුරේ දක්ෂතම රංගන ශිල්පීන් අතුරින් එක් අයෙක්. කසුනි මේ දිනවල පුංචි තිරයේ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට එනවාය.
මේ දවස්වල මොනවද කලා කටයුතු?
මේ දිනවල ටෙලි නාට්‍ය පැත්තෙන් ස්වර්ණවාහිනියෙ විකාශනය වන පැබ්ලෝ ටෙලිනාට්‍යයේ සහ ජාතික රූපවාහිනියෙ විකාශනය වන ඉර හැංගිලා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුවෙනවා. තව නිර්මාණ සාකච්ඡා මට්ටමේ තියෙනවා. සිනමාව පැත්තෙන් සිනමාපට කීපයක රූගත කිරීම් නිම කළා. ඒවා ප්‍රධාන චරිත නෙමෙයි. සැප්තැම්බර් මාසයේ ප්‍රධාන චරිතයක් රඟපෑ ‘නීරා‘ තිරගත වීමට නියමිතයි. වේදිකාව පැත්තෙන් ‘අප අතර ඌ‘ නාට්‍යයේ වැඩ කරනවා.
ඒ එක්කම අපි ‘නතාරි‘ චිත්‍රපටය ගැන පැහැදිලි කිරීමක් කළොත්?
නතාරී කියන්නෙ ෆැන්ටසි ගණයේ සජීවීකරණ චිත්‍රපටයක්. ලංකාවේ සුරංගනා කතාවල අපි අහල තියෙන චරිත බොහොමයක් මේ නිර්මාණයේ ඉන්නවා. පුංචි ළමයෙක්ගේ ඇඩ්වෙන්චර් එකක් මේ චිත්‍රපටයට කතා තේමාව වෙලා තියෙන්නෙ. අධ්‍යක්ෂණය කසුන් පතිරණ. මගේ රුව සහ හඬ මේ නිර්මාණය වෙනුවෙන් යොදාගන්නවා. මගේ චරිතය ‘අමල් බිසෝ‘. අපි අහලා තියෙන අමල් බිසෝට වඩා නතාරි හි අමල් බිසෝගේ චරිත ස්වභාවයන් වෙනස්. මේක මටත් අලුත් අත්දැකීමක්.
ගැජමෑන් පළමු ඇනිමේෂන් සිනමා නිර්මාණයටත් ඔබ දායක වුණානේ, ඇනිමේෂන් ෆිල්ම්වල අත්දැකීම කොහොමද?
ඇනිමේෂන් චිත්‍රපට නිර්මාණය ලෝක සිනමාවෙ අලුත් දෙයක් නෙමෙයි. නමුත් අපි තවම දියුණුවෙමින් සිටින කර්මාන්තයක් නිසා අපිට මෙවැනි අත්දැකීම් අලුත්. ලංකාවේ පළමුවැනි ඇනිමේෂන් චිත්‍රපටය වන ගජමෑන්හි රඟපාන්න ලැබීමෙන් මට ඇතුළු අපේ cast එකට ඉතිහාස ගතවෙන්න ලැබීම වාසනාවක්. ඒක අපි නිර්මාණය කළේ motion capture තාක්ෂණයෙන්. ඒ, ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම මම අලුතින් ගත්තේ. නැවතත් animation චිත්‍රපටයකට දායක වෙමින් ලාංකේය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයන් වන වෙනස් අත්දැකීම් ගන්න ලැබීම රංගන ශිල්පිනියක් ලෙස දිගින් දිගටම මට ලැබෙන වාසනාවක් ලෙසයි මට දැනෙන්නෙ.
නතාරී නිපදවෙන්නෙ motion capture මඟින් නෙමෙයි. Motion capture හරහා නිර්මාණය නොවන නිර්මාණ වෙනුවෙන් යොදාගන්නේ traditional animation, stop-motion, සහ stylized 3D animation වැනි තාක්ෂණයන්. මෙතැනදි මගේ දායකත්වය ලැබෙන්නෙ රූපයෙන් සහ හඬින්. Brad Pitt,mila Kunis,Cynthia Erivo,Luke Evans,Tom Hanks,Joseph Gordon,Tilda Swinton ඇතුළුව අති ජනප්‍රිය හොලිවුඩ් නළු නිළියන් හොලිවුඩයේ නිර්මාණය කරන animation චරිතවලට හඬින් පණදෙනවා. ඒ තැනට රංගන සහ හඬකැවීම් ශිල්පීන් ලෙස අපිත් හෙමීට ළඟා වෙමින් ඉන්න එක ගැන මට සතුටුයි.
ඉදිරියේදී සිනමාවෙන් තව එන්න තියෙන නිර්මාණ මොනවද?
නීරා, ඉක්කා, ආයු, සීගිරි, රාවණ, පරාග, ධර්ම යුද්ධය 2 යන චිත්‍රපට.
පුංචි තිරේ නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
පුංචි තිරයේ ‘ඉර හැංගිලා‘ හි ‘බක්මී‘ චරිතය වෙනුවෙන් මේ දිනවල විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. ‘බක්මී‘ කියන්නේ ගමක දකින්න ලැබෙනවාය කියලා මිනිස්සු විශ්වාස කරන සාම්ප්‍රදායික තරුණිය පිළිබඳ මතය වෙනස් කරපු චරිතයක්. ඇය කොල්ලෙක් වගේ කෙල්ලෙක්. හිතින්,ගතින් ශක්තිමත්. කාටවත් බය නෑ. සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න සංවේදී කෙනෙක්. තමන්ට වඩා අනුන් ගැන හිතනවා. කටකාරයි. ඒ වගේ පෞරුෂයක් මම මීට කලින් රඟපාලා නෑ. අපි අපේ ස්වාභාවිකත්වය ඉක්මවා ගිය හාත්පසින්ම වෙනස් චරිතයක් නිරූපණය කරන්න උත්සාහ කරද්දි සමහර ප්‍රේක්ෂකයන්ගෙන් විවේචන එල්ලවෙන්න පුළුවන් තාත්වික නෑ කියලා. නමුත් රඟපෑමේදි සිද්ධ වෙන්නෙම අපි වෙනස් පෞරුෂයන් තුළ ජීවත්වෙන්න උත්සහ කරන එක. ගම්වල නොවුණත් මම බක්මී වගේ කතා කරන, හැසිරෙන, ගමන් විලාසය තියෙන ගැහැනු ළමයින්ව සමාජයේ ඕන තරම් දැකලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ චරිත නිරූපණය ඇතුළේ මම සාර්ථකයි කියලා. බහුතර ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් ඒකම තමයි. බක්මී චරිතයට සූදානම් වෙන්න මම ගොඩක් මහන්සි වුණා. අත්ට්‍රැක්ටර් පුරුදු වුණා. අවදානම් ගත්තා. මම ඒ දේවල් කරන්නෙ ගොඩක් ආසාවෙන්.
චරිතයක් භාර ගන්න කලින් මොනවද විශේෂයෙන්ම බලන්නේ?
මම මගේ කැපෑසිටි එක ගැන විශ්වාස කරනවා. බොහෝ දෙනා නොදැකපු පරාසයක් මම වේදිකාවේ චරිත තුළින් පෙන්නලා තියෙනවා. ඒ නිසා මම දන්නවා මට ඕනෑම විදියක චරිතයක් නිරූපණය කිරීමේ හැකියාවක් තියෙන බව. සාර්ථක නිරූපණයක් වෙනුවෙන් වැඩිදුර අධ්‍යයනයක් තමයි අවශ්‍ය. චරිතයක් තෝරාගද්දි මම බලන්නේ ඒකෙ මට කරන්න දෙයක් තියෙනවද කියලා. අපේ වචනයෙන් කියනව නම් play වෙන්න තියෙනවද කියලා. එහෙම නැති චරිත භාරගත්තම actor කෙනෙක් විදියට මටත් මගේ පැත්තෙන් කරන්න තියෙන දේවල් සීමාවනවා. එතකොට මට වැඩේ ටිකක් boring වෙනවා. එහෙම වැඩ කරන්න මම ආස නෑ.
මෙතෙක් ලැබුණු චරිත ගැන තෘප්තිමත් ද?
ඔව්. ඒත් වේදිකාවේ කරලා තියෙන තරම් විවිධ චරිත මම සිනමාවේ කරලා නෑ. මට තියෙන ලොකු ආසාවක් සිනමා නිර්මාණවල විවිධාකාරයේ පෞරුෂයන් නිරූපණය කරන එක.
කසුනි කියන්නේ අභියෝගාත්මක චරිත කරන්න බය නැති ශිල්පිනියක් ද?
ඔව්… මම හරි ආසයි රංගනයේදි අභියෝග භාරගන්න. මම කිසිම දේකට බෑ කියන්නෙ නෑ. චරිතයක් වෙනුවෙන් skill එකක් ඉල්ලනව නම් මම ඒ skill එක පෞද්ගලිකවත් පුහුණු වෙනවා. හැබැයි මට අවශ්‍ය කාලය ඕනි. එහෙම කාලය ලැබෙන්නෙ නැත්නම් විතරයි මම නිර්මාණයක් ප්‍රතික්ෂේප කරන්නෙ. ඒ වගේම සමහර අභියෝග මට ලැබිලා තියෙනවා ඒවා භාරගන්න කැමති වුණත් විවිධ ප්‍රායෝගික තත්ත්වයන් හරහට හිටින නිසා මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධවෙලා තියෙනවා. චරිත වෙනුවෙන් මම ගත්ත අවදානම් වෙනුවෙන් සමීපතයන්ගෙන් බැණුම් අහන්නත් වෙලා තියෙනවා. ඕවා කරලා මොනාහරි වුණොත් ක්ෂේත්‍රයේ අය ඔයා ගැන බලනවද? ඔයාට job එකේ life insurance තියෙනවද? කියල අහනවා. ඒවා ඇත්ත ඉතින්.. ඒත් රංගනය වෙනුවෙන් මට තියෙන passionate එක වෙන කිසිම දේකට වඩා වැඩියි. මම විශ්වාස කරනවා රංගන ශිල්පියා කියන්නෙ කිසිම දේකට බෑ කිව යුතු කෙනෙක් නෙමෙයි කියලා. සමහර ප්‍රේක්ෂකයන් අපි භාර ගන්නා සමහර අභියෝග දැක්කම අපිව misjudge කරනවා. ඒත් ඒ අය වැරදියි. මම නම් කරන්නෙ මගේ passion එක follow කරන එක. වෙන කිසිම අරමුණක් ඒ තුළ නෑ.
ඔබේ මුල්ම චිත්‍රපටය තවමත් තිරගත වෙලා නැහැ නේද?
ඔව්. ඉක්කා චිත්‍රපටය රූගත කරලා දැන් අවුරුදු 10ක් විතර. තාම එළියට ආවෙ නෑ.
