කවදාවත් රංගනය මගේ වෘත්තිය කර ගන්න කැමැති නෑ-නිවර්තනා දේවගේ

gossiplanka image 1
ඒ ලෙවල් චිත්‍රපටය තුළින් සිනමාවට පැමිණ පසුකලෙක පුංචි තිරයේ නිර්මාණ තුළින් මෙන්ම වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනා හරහා ද ප්‍රේක්ෂකයින් අතරට එන මේ දිනවල කා අතරත් කතාබහට ලක් වෙන්නේ ද ලේක් හි රාගේෂ්වරීගේ චරිතයෙන්. ඇය නම නිවර්තනා දේවගේ ය


‘ද ලේක්‘ හි ඔබේ චරිතය ගැන සිහි කළොත්?


මේ කතාවට අවංක ආදරේ අරන් එන චරිතය තමයි රාගේෂ්වරී කියන්නේ. වලව්වේ අප්පුට ආදරේ කරන දෙමළ ගැහැනු ළමයෙක්. රාගේෂ්වරී කියන්නේ ආදරේම හොයන ආදරේම දෙන චරිතයක්. මේ කතාවේ එන හැම චරිතයක්ම සුවිශේෂියි. මේ හැම චරිතයක්ම විවිධාකාර මනෝ භාවයන් ඉස්මතු කරලා පෙන්වනවා. ඒ නිසා ද ලේක් හි හැම චරිතයකටම ලොකු ගැඹුරක් සහ අර්ථයක් තියෙනවා. ඒ නිසා ‘ද ලේක්‘ කියන්නේ අමුතුවිදියේ සයිකොලජි ත්‍රිලර් එකක්.


රාගේෂ්වරී කියන්නේ ඔබටම අභියෝගයක් වුණු චරිතයක් ද?


අභියෝගයකට වඩා ලස්සන භයානක අත්දැකීමක් කිව්වොත් හරි. ඒකට හේතුව මගේ චරිතයට ඉතාම සංකීර්ණ මේකප් එකක් කරනවා අපිට ඉන්න දක්ෂ අංග රචනා ශිල්පියෙක් වන ඔෂාන් යාපා අමරසේකර. ඒකත් එක්ක මට පැය කිහිපයක් පේන්නේ නැතුව සහ ලොකු වතුර වළක් තියෙන තැනක මාව සම්පුර්ණයෙන්ම ඔතලා මාව මැරිලා ගොඩ ගන්නා අවස්ථාවක් රූපගත කළා. ඒ දර්ශනය ඉතාම භයානක සහ දැන් මතක් වෙද්දී සුන්දර අත්දැකීමක්.


ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඉතාමත් ආදරණීය හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


නිවර්තනා ප්‍රේකෂක ප්‍රතිචාර වැඩියෙන්ම ලැබූ චරිතයද?


මගේ පළවෙනි චිත්‍රපටය වන ‘ඒ ලෙවල්‘. තාමත් ගොඩක් අයට මාව මතක එහි චරිතයෙන්. ඒ හරහා මට ලැබුණා බක බක කියන නික් නේම් එක. අදටත් මට ලැබෙන ප්‍රතිචාර අතරේ ඒ නම තියෙනවා.


මෙතෙක් ලැබුණු චරිත ගැන තෘප්තිමත් ද?


ඔව්… මම තෘප්තිමත්. මම මේ ක්ෂේත්‍රයේ ඉතාම හෙමින් මගේ පාඩුවේ යන ගමනක් තියෙන්නේ. ඒකත් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගනිමින් සහ අත්දැකීම් එකතු කර ගනිමින් යන ගමනක්. ඒ අතරේ මම මෙතෙක් කළ චරිත ගැන තෘප්තිමත්.


ඔබව ඉදිරියට දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


ආනන්ද අබේනායක මහතාගේ චිත්‍රපටයක් රූපගත කරනවා. ඒ එක්කම සුමිත් රත්නායකගේ ටෙලි නාට්‍යයක් මේ දිනවල රූපගත කරනවා.


වැඩි කැමැත්ත සිනමාවට ද?


ඇත්තටම ඔව්. මොකද මම මේ රංගන ක්ෂේත්‍රයට එන්නේ සිනමාව තුළින්. ඒ 2015 / 2016 කාල සීමාව ඇතුලේ රොහාන් පෙරේරාගේ A/L කියන චිත්‍රපටය හරහා. ඉතින් ඒකත් එක හේතුවක් සිනමාවට වැඩි කැමැත්තක් දක්වන්න. ඒ එක්කම සිනමා නිර්මාණයක් කියන්නේ අනෙකුත් නිර්මාණ වලට වඩා බර වැඩි ඉතා සීරුවෙන් කළ යුතු නිර්මාණයක්. ඒ නිසා මම සිනමාවට වැඩි කැමැත්තක් දක්වනවා.


රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනව ද?


එහෙමම කියලා විශේෂයක් නැහැ. ලැබෙන ඇරයුම් එක්ක පිටපත කියවලා බලලා ඒ චරිතෙට සාධාරණයක් කරන්න හැකි නම් මම භාර ගන්නවා. විවිධාකාර චරිත කරන්න කැමැතියි. මොකද විවිධ මනෝභාවයන් තුළ ජීවත් වෙන එක මගේ ජීවිතේටත් ලොකු අත්දැකීමක් වෙන නිසා.


දැන් ඔබේ වෘත්තිය රංගනය ද?


රංගනය මගේ වෘත්තිය නෙවෙයි. මම කවදාවත් රංගනය වෘත්තිය කර ගන්න කැමැති කෙනෙක් නෙවෙයි. මම කැමැති ගුණාත්මක, ලස්සන නිර්මාණ එක්ක එකතු වෙන්න.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ?


මම මේ ක්ෂේත්‍රයට එන මුල් අවධියේ ගෙදරින් විරුද්ධ වුණා. නමුත් අද වෙද්දී මාව තේරුම් අරන් මට සහයෝගය ලබා දෙනවා. අද වෙද්දී ඒ ලැබෙන සහයෝගය මගේ ගමනට ලොකු ශක්තියක්.


ආදරේ දකින්නෙ කොහොමද?


ආදරේ කියන්නේ මම හිතන විදියට හැඟීමක්. ඒක පරාර්ථකාමී හැඟීමක්. හැඟීම් වචන කරන්න බැහැනේ. මට දැනෙන මේ පරාර්ථකාමී හැඟීමම ද ආදරේ කියන්නේ කියලා කියන්නත් මම දන්නේ නැහැ. හැබැයි ඒ හැඟීම හරිම ලස්සන, සුන්දර හැඟීමක් කියන්න විතරයි මම දන්නේ.


නිවර්තනා ඔබ මොන වගේ කෙනෙක් ද?


ඉතාම දරුණු ප්‍රශ්නයක්. මම තාම කවුද කියන එක මම හොයනවා. දැනට මට දැනෙන දේ තමයි බොහොම සංවේදී කෙනෙක්. මම සතා සිවුපාවුන්ට බොහෝ සේ ආදරේ කරන සොඳුරු ආදරවන්තියක්. හැබැයි සමහර වෙලාවට ඒ දේම මගේ දුර්වලතාව වෙලාත් තියෙනවා.


අනාගත බලාපොරොත්තු මොනවද?


මගේම කියලා ව්‍යාපාරික කටයුත්තක් ආරම්භ කරන්න ඉන්නේ. ඒ දේ සාර්ථක කර ගන්න එක සහ ලස්සන නිර්මාණ එක්ක ඉදිරියටත් ප්‍රේක්ෂකයින් අතරට එන්න තමයි බලාපොරොත්තුව 

gossiplanka image 2
Previous Post Next Post