
මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ‘රොන් සොයා‘ ටෙලි නාට්‍යයේ කේක් හදන ශෂීව ඔබට මතකද ? ආකර්ෂණීය සිනහවක් ඇති ඇය රුවෙන් සේම රංගන හැකියාවෙන්ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් යොවුන් ශිල්පිනියකි. නමින් නඳුනි වනිගසුන්දර වන ඇය කලා ලෝකයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන්නීය. මෙවර අප හා කතා බහට ඇය එක්විණි.
නඳුනි මේ දවස්වල කාර්යබහුලයිද ?
ඔව් ටිකක් කාර්යබහුලයි. ‘රොන් සොයා‘ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට‘ සහ ‘සහරා නේරංජනා‘ වේදිකා නාට්‍යවලටත් රංගනයෙන් දායක වෙනවා.
ඔබ රංගන ක්ෂේත්‍රය තෝරා ගන්න හිතුවේ ඇයි ?
මේක තමයි මම ආස කරපු වෘත්තීය ක්ෂේත්‍රය. පුංචි කාලේ ඉඳලම මට රංගනය පිළිබඳ හැකියාවක් තියෙනවා කියලා තේරුණ නිසා පාසල් කාලයේ පටන්ම නාට්‍ය හා රංග කලාව විෂයක් විදිහට හැදෑරුවා. ඒ නිසා මගේ රංගන ගමන අහම්බයක් නෙවෙයි. මම ලලිත් රත්නායක සර්ගේ ‘බලාපොරොත්තුව‘ කියන ඒකාංගික ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ‘රොන් සොයා‘ කියන්නේ මගේ දෙවන ටෙලි නාට්‍යයය.
ඔබ ටෙලි නාට්‍යවලට පමණක් සීමා වුණු රංගන ශිල්පිනියක් නොවේද?
ප්‍රායෝගිකව රංගනය හදාරන්න පුළුවන් හොඳම තැන විදිහට අපි දකින්නේ වේදිකාව. පාසල් කාලයේ ඉඳලම මම වේදිකා නාට්‍ය හා සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඉන් අනතුරුව මම මුලින්ම කැමරාවක් ඉස්සරහ පෙනී ඉන්නේ ඉන්දික ෆර්ඩිනැන්ඩු සර්ගේ ‘වෙඩි නොවදින ළමයි‘ සිනමා නිර්මාණයට. මේ වෙනකොට වේදිකාව, පුංචි තිරය, රිදී තිරය හරහා මට රංගන අත්දැකීම් ලැබිලා තියෙනවා.
ඔබව ප්‍රේක්ෂකයා හොඳින්ම දැන හඳුනා ගත්තේ කුමන චරිතයෙන්ද ?
‘රොන් සොයා‘ ටෙලි නාට්‍යයේ ‘ශෂී‘ ගේ චරිතයට ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මට ලැබෙනවා. ඒ චරිතය ගැන කතා කළොත් ‘ශෂී‘ කියන්නේ කොළඹ නාගරික පරිසරයක හැදී වැඩුණු තරුණියක්. ඒ කතා බහ, හැසිරීම් රටා හැමදේම මට අලුත්. මම ගමේ පරිසරයක හැදුණු වැඩුණු තරුණියක් නිසා. නමුත් මම ඒ අභියෝගය සතුටින් භාර ගත්තා.
නඳුනි ඔබේ වේදිකා නාට්‍ය ගමන ගැනත් කතා නොකරම බැහැ.
මේ දිනවල චාලක රණසූරිය අයියගේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදට‘, අශෝක හඳගම සර්ගේ ‘මාඝාත‘ සහ ජෙහාන් අප්පුහාමි අයියගේ ‘බ්ලඩ් ෂැඩෝස්‘ කියන වේදිකා නාට්‍ය හරහා ප්‍රේක්ෂකයා අතරට මම ගිහින් තියෙනවා. ඒ වගේම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයන් වන “සහරා නේරංජනා” සහ ‘ඩෙසිඩරාටා‘ කියන වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. යෞවන සම්මාන සහ රාජ්‍ය නාට්‍ය උළෙලේ කෙටි හා දිගු නාට්‍ය අංශවලින් මට ඇගයීම් ලැබිලා තියෙනවා.
කලා ක්ෂේත්‍රයෙන් ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද ?
රංගන ශිල්පිනියක් වෙන එක තමයි මගේ ලොකුම සහ එකම බලාපොරොත්තුව වුණේ. මේ වෘත්තියට අමතරව මම ඉගෙන ගත්ත දැනුමෙන් තවත් වෘත්තියකත් නියැළෙන්න බලාපොරොත්තු වෙනවා. චරිතාංග නිළියක් වෙන එක තමයි මගේ අරමුණ. නමුත් මම තවම ඉන්නේ රංගන ගමනේ මුල්ම කාර්තුවේ. මගේ අරමුණට යන ගමන ටිකක් දුෂ්කරයි. ඒ නිසා හෙමින් සැරේ ස්ථාවර දිගු ගමනක් යන එක තමා මගේ බලාපොරොත්තුව.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද ?
ආනන්ද අබේනායක සර්ගේ සිනමා නිර්මාණයකට මම දායක වුණා. ‘අනෝරා වැස්සක්‘ කියන ටෙලි නාට්‍ය, රොෂාන් කුරුප්පුගේ අලුත් ටෙලි නිර්මාණයකින් වගේම ‘සින්ටෝ‘ ටෙලි නාට්‍යයෙනුත් ඉදිරියේදී ප්‍රේක්ෂකයාට මාව දැක බලා ගන්න පුළුවන්.
නඳුනිගේ පෞද්ගලික තොරතුරු ගැනත් රසික පිරිස දැන ගන්න කැමැති ඇති?
මගේ ගම නිට්ටඹුව. මේ වෙනකොට මම ජීවත් වෙන්නේ කොට්ටාවේ. නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයෙන් තමයි මම පාසල් අධ්‍යාපනය ලැබුවේ. කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලා විශේෂ උපාධියේ කටයුතු අවසන් කරලා තියෙනවා. මගේ පවුලේ ඉන්නේ අම්මා,තාත්තා, ආච්චි, අක්කා සහ මල්ලි.
ස්තූති කරන්න ඉන්න පිරිස ගැන මතක් කරමු?
මගේ පවුලේ අයගෙන් මේ හැමදේටම ලොකු සහයෝගයක් ලැබෙනවා. රංගනයට මට මූලික අඩිතාලම හදලා දුන්නේ රංග කලාව විෂය භාර චම්පා සරෝජනී මැඩම්. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මගේ මිතුරු පිරිස සහ ආචාර්ය මණ්ඩලය, චාලක රණසූරිය, සුපුන් තත්සර අයියලා, දිලූපා නිරෝශනී අක්කා මගේ මේ ගමනට විශාල සහයෝගයක් ලබා දෙනවා.
