මේ මූණ අල්ලන්න තවමත් මම බයයි මාලිනී අක්කාට මම කිව්වා’ - ධනුෂ්ක කුමාර්

gossiplanka image 1
 

හෙළ සිනමාවේ රෝස කුසුම මිලිනව ගොස් මෙම මස 24 වැනිදාට තෙමසකි. හෙළ නිළි කුසුමේ පිපුණු ආකාස කුසුම මාලිනී ෆොන්සේකා ගේ අභාවයත් සමඟ සමාජයේ වඩාත් කතාබහට ලක් වු පුද්ගලයකු වුයේ ධනුෂ්ක කුමාර්ය. ඊට හේතු වුයේ මාලිනී ගේ මියගිය දේහයේ රූපලාවණ්‍ය කටයුතු සිදුකිරීම නිසාවෙන්ය.

නළු නිළියන් ඇතුළු මෙරට බොහෝ පිරිස් මේ වනවිටත් හැඩවැඩවෙන කාගෙත් කතාබහට ලක් වූ ධනුෂ්ක කුමාර්ගේ තොරතුරු සමඟින් මෙලෙස කතාබහට අපි එක්වෙමු.

වේශ නිරූපණ ශිල්පියකු වීමේ ගමනේ ආරම්භය ඔබ කොයි ආකාරයෙන් ද පටන් ගැනීම සිද්ධ කරන්නේ?


පාසල් අවධියේ පටන් මම මේ ක්ෂේත්‍රයේ කටයුතුවල නියැළෙමින් හිටියා. මගේ පාසල වුණේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය. කුඩා කල පටන් මම උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවේ මේ පාසලෙන් කොටින්ම කිව්වොත් මම කුඩා කාලයේ දරුවෙක් හැටියට සෙල්ලම් කරන වයසේ ඉදලම සෙල්ලමට කළෙත් මේකප් කරන එක. ඇඳුම් හදන එක මේ කලාව මම උත්පත්තියේ පටන් ගේන දෙයක්. මගේ පවුලේ කවුරුවත් මේ ක්ෂේත්‍රයේ කිසිම කටයුත්තක් වෙනුවෙන් දායකවීමක් නෑ. මම හිතන්නේ මේ කලාව මම පෙරභවයක පටන් ගේන සහජ කුසලතාවක්.


පාසල් අවධියේම මේකප් කලාවට පෙම්බඳින ධනුෂ්ක පාසල් අවධිය නිමා කිරිමත් සමඟ මොන වගේ පියවරකටද පියමනින්නේ?


ක්ෂේත්‍රය පිළිබඳ මොනයම් හෝ හෑදැරිමක් අවශ්‍ය නිසා මම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ හැරිස් විජේසිංහ මහතා යටතේ ගුරුහරුකම් ලබා ගැනීමක් සිද්ධ කළා. මගේ මවගේ යාළුවෙකු වූ දීපා ප්‍රනාන්දු හැරිස් අංකල්ගේ වැඩවල ඇදුම් මහනවා අපේ පන්සලට නිතර හැරිස් අංකල් එනවා. පන්සලේ හාමුදුරුවොත් හැරිස් අංකල් එක්ක හරි මිත්‍රයි. මේ දෙදෙනාම මම ගැන හැරිස් අංකල්ට කිව්වා. මේ ක්ෂේත්‍රය ගැන හරි උනන්දුවක් තියන දරුවෙක් ඉන්නවා මේ දරුවටත් ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න කියල. මේ දෙදෙනාගේම කීමට මම හැරිස් අංකල් ළඟට ගියා. අංකල් ඒ දවස්වල මේ සම්බන්ධ කිසිම ක්ලාස් එකක්වත් කරන්නේනෑ. අංකල් මට කිව්වා පුතා මට උගන්වන්න බෑ. පුතා කැමති නම් ඇවිත් බලාගෙන ඉගෙන ගන්න. තේරෙන්නේ නැති දෙයක් තියනවා නම් මම කියල දෙන්නම් කියල. ඒකීමට මම ගිහින් හැරිස් අංකල් අන්දවන හැටි, මේකප් කරන හැටි බලන් හිටියා. අංකල්ට අත් උදව් කළා කාලයක් යනකම් ඔය අතරේ ෆැෂන් ඩිසයින් පාඨමාලාවකුත් කළා. මේ දේවල් මේ විධියට කරන අතරේම මම ගෙදර ඉදලත් අන්දන වැඩේ. මේකප් කරන වැඩෙත් කොණ්ඩ හදන වැඩේිත් කළා. පාසල් යන කාලයේ මගේ ගේ අවට ඉන්න ඇන්ටිල වෙඩින් වලට යන්න මගෙන් ඇඳුම් අන්දවාගත්තා. මේකප් කරගත්තා. පාසල් කාලයේත් මම මේ දේ කරපු නිසා අලුතින්ම මේ ක්ෂේත්‍රයට පැමිණියා කියල විශේෂත්වයක් නෑ.


ධනුෂ්ක රූපලාවණ්‍ය ආයතනයක් පවා ආරම්භ කරමින් ලොකු ගමනකටත් මුල පුරනවා නොවේද?


2019 වසරේ මම පාණදුරේ ච්චදභඵඩඬච ධට ඉඩඪථථඥප නමින් රූපලාවන්‍ය ව්‍යාපාරික ආයතනයක් ආරම්භ කළා. ව්‍යාපාරික මටිටමින් ගමනක් මම අරභන්නේ මේ ආයතනය පටන් ගැනිමත් සමඟයි. ව්‍යාපාරික මුහුණු වරකින් මම මේක පටන් ගන්න කොටත් මට හොඳ සේවාලාභීන් පිරිසක් ගොඩ නැඟිල තිබුණා. අමුතුවෙන් කියල කස්ටමස්ලා ඇද ගැනීමේ ප්‍රචාරයක් කරන්න මට අවශ්‍ය වුණේ නෑ.


ඔබේ රූපලාවන්‍ය ව්‍යාපාරය කලා ක්ෂේත්‍රයේ අය අතරේ ජනපි‍්‍රය වන්නට පටන් ගත්තේ කොහොමද?


මම ව්‍යාපාරයක් හැටියට රූපලාවණ්‍ය ආයතනයක් පටන්ගෙන තිබුණත් හැරිස් අංකල් ළඟට ගිහින් උපදෙස් ලබාගන්න අත්දැකිම් ලබා ගන්න එක නතර කළේ නෑ. කාලයක් හැරිස් අංකල් ළඟ වැඩ කරන කොට එතුමන්ගේ සේවය ලබාගන්න ආපු ගොඩක් කලා ශිල්පිනියන් මම එහිදී හඳුනාගෙනත් තිබුණා. ඒ අයට හැරිස් අංකල් ඩ්‍රෙස් කරන ඒවට මේකප් කරන ඒවාට මමත් අත්උදවු කළ අවස්ථා එමට තිබුණා. මුලින්ම මගේ සැලුන් එකේ ඩ්‍රෙස් කළේ මේකප් කළේ දුලානි අනුරාධා, ඊට පස්සේ යශෝධා විමලධර්ම, දීපිකා පි‍්‍රයදර්ශනී විනූ සිරිවර්ධන, සෙනාලි ෆොන්සේකා, අචලා අලස්, මේ වගේ කට්ටිය මගෙන් සේවය ලබා ගත්තා. ඔය අතරට කොහොම හරි මාලිනී ෆොන්සේකාත් එකතු වුණා. මගේ රූපලාවණ්‍ය ආයතනය නළු නිළියන් අතරේ ජනපි‍්‍රය වුණේ කටින් කට ප්‍රචාරණයෙන් එක්කෙනෙක් මගෙන් සේවය ලබා ගෙන ඊළඟ කෙනාට පෙන්වීමෙන් තවත් විධියකින් සමාජ මාධ්‍ය හරහාත් මම ඩ්‍රෙස් කිරීම මේකප් කිරිම කළ පින්තූර පළ කළා. මේ ආකාරයෙන් මම ඉතා කෙටි කාලක් තුළ කා අතරත් ජනප්‍රියභාවයක් ලැබුවා. අදටත් මම අන්දන අය හැරිස් අංකල් ගෙනුත් අන්දවා ගන්නවා. මගෙනුත් අන්දවා ගන්නවා. මගෙත් මොනවා හරි විශේෂත්වයක් ඇතිනේ මගෙනුත් සේවයක් ලබාගන්න.


හෙළ නිිළි රැජන මාලිනී ෆොන්සේකා ඔබ හඳුනාගන්නේ කොයි ආකාරයෙන්ද?


මගෙත් මාලිනි අක්කාගෙත් මිතුදමට අවුරුදු දහයකටත් වැඩියි. ඒ මිතුදම ගොඩ නැගෙන්නේ අහම්බෙන්. ඒක සිද්ධ වෙන්නේ මේ ආකාරයට. සිරස ටී.වී. ඉදිරිපත් කළ සුබාසිරි වැඩසටහනේ රෙකෝඩින් එකක් තිබුණා මගේ පාණදුරේ සැලුන් එකේ. වෙළෙඳ ආයතනයක බ්‍රෑන්ඩ්ි එකකට වොයිස් කට් එකක් දෙන්න. ඒ සඳහා මටත් වොයිස් කට් එකක් දෙන්න තිබුණා. ඒ නිසා ඒ වැඩසටහනේ නිෂ්පාදකවරයා රූපගතකිරීම සඳහා මගේ සැලුන් එක තෝරාගත්තා. මේ වැඩසටහනට වොයිස් කට් එක දෙන්න මාලිනී අක්කා මගේ සැලුන් එකට ආවා. එහිදි වැඩසටහනේ නිෂ්පාදකවරයා මාලිනී අක්කාට මාව හඳුන්වා දුන්නා. මේ ඉන්නේ සැලුන් එකේ අයිතිකාරයා කියලා එතනදී මාලිනි අක්කා කිව්වා මීට කලින් මට මේ මල්ලිව හමුවෙලා තිබුණා. නමුත් කතා කරන්න නම් බැරි වුණා කියලා. ඒ අතරේ මාලිනී අක්කා මගෙන් සැලුන් එක ගැන විස්තර ඇහුවා. පටන් ගත්ත හැටි, මම ඩ්‍රෙස් කරපු නළු නිළියන්ගේ පින්තූර එහෙම සැලුන් එකේ බිත්තියේ ගහල තිබුණා. ඒවා බලමින් ෂා හරි ලස්සනට කරලා තියනවා කියල කිව්වා ඔය අතරේ මම කරපු දේවල් ෆෝන් එකෙන් අක්කාට පෙන්නුවා.


එදා වැඩසටහනට සිරස ආයතනයේ මේකප් ශිල්පීන් අක්කාව මේකප් කළා. මම ඒක බලන් හිටියා. එදා ප්‍රෝග්‍රෑම් එක කරල ඉවර කරල අක්කා පිටත්ව ගියා. ආයෙත් තවත් දවසක මේ ප්‍රෝග්‍රෑම් එකේ පටිගත කිරීමක් මගේ සැලුන් එකේ සිද්ධ කළා. එදත් මාලිනී අක්කා මගේ සැලුන් එකට ආවා. එදා මම අක්කාට වාඩිවෙන්න සලස්වන්නේ මගේ මේකප් රූම් එකේ. ඊට කලින් දවසේ ඇය වාඩි වුණේ මගේ ඇසිස්ටන්ස්ලා වැඩකරන මේකප් රූම් එකේ ඔය ආ මොහොතේ මම එදා අක්කාගෙන් ඇහුවා අක්කේ මම අද මේකප් කරන්නද කියලා. ඒත් අක්කා වචනයක් දුන්නේ නෑ. මම මිට කලින් මේකප් කරපු පින්තූර ඇය සැලුන් එකේ බිත්තිවල බලමින් නිශ්ශබ්දව හිටියා. එහෙම ඉඳල අක්කාම කිව්වා එහෙමනම් කරමු කියලා.


හා පුරා කියල අපේ නිළි රැජිනගේ මුණට ධනුෂ්ක අත තියන මුල්ම අවස්ථාව ඔබට දැනුණේ කොහොමද?


ඉස්ඉස්සෙල්ලාම මට ඇගේ මුණ අල්ලන්න බයක් දැනුණා. මම වගේම අනෙක් හැමෝමත් ඇයට කතා කරන්නේ බොහොම ගෞරවයකින්. මාලිනී අක්කා හා එහෙමනම් කරමු කියන කොටම මගේ අත් දෙක ගැහෙන්න පටන්ගත්තා. එදා මේකප් එක ඇයට කරන්න මට ටිකක් වෙලා ගියා.


ඇයි ඔබ මාලිනීගේ මුණට අත තියනකොට ගැහෙන්න ගත්තේ ඊට කලිනුත් ඔබ නිළියන්ගේ මුණට ඕනේ තරම් මේකප් කරල පළපුරුද්දක් තිබුණ කෙනෙක්නේ?


මාලිනී අක්කාව මම කොච්චර ඊට පස්සේ මේකප් කළත් ටික කාලයක් යනකන් මගේ හිතේ ගැස්ම තිබුණා. එයා ජීවත්වෙලා හිටිය කාලේම මම ඇයට කියනවා. මේ මුණ අල්ලන්න මම තාමත් බයයි කියලා. එච්චරට අපේ රටේ දැවැන්ත චරිතයක්. මොනවට බය වෙනවද කොච්චර නම් ඔහු මාව මේකප් කරල තියනවද කියල අතින් පාරකුත් මට ආදරේට ගහනවා මම එහෙම කියනකොට. හැමදාම අක්කව මේකප් කරන කොට මට අලුත් පාඩමක් වගේ සාමාන්‍ය කෙනෙක් කරනවට වඩා එකක් වයස අනෙක ජ්‍යේෂ්ඨත්වය, විශේෂත්වය මේ හැමදෙයක් එක්ක එයාව මේකප් කරනවා කියන්නේ පාඩමක්.


මාලිනී අක්කා වයස වුණත් එයා ෆැෂන් ෆලෝ කරපු කෙනෙක්නේ. එයත් අලුත් දේ හොයාගෙන එනවා. මල්ලි අපි අද මෙහෙම කරමු කියල යෝජනා කරනවා. මොනව කළත් අක්කා මාලිනී ෆොන්සේකා කියන අයිඩින්ටිය තියාගෙන තමයි මොන දේ කළෙත්. ප්‍රේක්ෂකයෝ කවදත් දකින්න කැමැති කොණ්ඩෙ මැදින් බෙදලා විසුරුණු පෙනුමට කොණ්ඩෙ පෙනුම එයා කවදාවත් වෙනස් කරන්න කැමැති වුණේ නෑ. මම එක එක විධියට කොන්ඩෙ පීරලා පෙන්වන කොට කියනවා ඒ මාලිනී ෆොන්සේකා නෙමේ කියල මම ආශාවට වෙනස් කරල පෙන්නුවත් එයා ඒවට කොහෙත්ම කැමැති නෑ.


මාලිනී අක්කා මේකප් කරල කොණ්ඩෙ හදල ඉවර වුණාම හැම අවස්ථාකදීම ඔබෙන් ඉල්ලීමකුත් කරනවා කියල ආරංචියි.


ඔව්ි. සියලු වැඩ ඉවර වුණාට පස්සේ මල්ලි හරිද වැඩ ඉවර ද කියල අහනවා. ඔව් කිව්වහම අක්කා එයාගේ මුණේ තිබුණ උපන් ලපය පෙන්නලා මෙන්න මෙයාටත් පාට ටිකක් ගාලා සාධාරණයක් කරන්න කියල මට කියනවා. මේකප් එකේදි ඒ ලපය වැහිල යන නිසා එහෙම නොවී ඒක පාට ටිකක් ගාල හයිලයිට් කරන්න කියල තමයි කියන්නේ. මාලිනී අක්කාව අන්දවනවා කියන්නේත් හරිම විනෝද ජනකයි. හරිම සතුටින් මම ඒ දේ කළේ.


සුබාසිරි ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මාලිනී ෆොන්සේකාගේ නිත්‍ය වේශ නිරූපණ ශිල්පියා ඔබ පමණක්ද?


ප්‍රෝග්‍රෑම් එක කරල ටික කාලයක් ගියාට පස්සේ ඇය මියයනතුරුම ඇගේ මේකප් ආටිස් මම බවට ඇය පත් කරගන්නවා. ටී.වි. ප්‍රෝග්‍රෑම් එකකදී චිත්‍රපටයකදී ඇරෙන්න අනික් එයාගේ විශේෂ අවස්ථා හැමඑකක් වෙනුවෙන්ම මම තමයි මේකප් කළේ. ටෙලි විෂන් මාධ්‍ය තුළ වුණත් විසිතුරු වැඩසටහනක් වෙනුවෙන් යනකොට වුණත් මම තමයි ඇගේ මේකප් එක කළේ.


මුහුණේ මේකප් එක විතරක් නොවෙයි. ඇගේ ඇඳුම් පවා නිර්මාණය කළේ ඔබ?


ඔව් ඇයගේ අවශ්‍යතාවය මට කියනවා ඒ අවශ්‍යතාවය අනුව අපි දෙන්නා ඇදුම් තෝරනවා අවශ්‍ය පාට මම ඒ ඉවෙන්ට් එක අනුව මම කියනවා සමහර අවස්ථාවල මම විතරක් ගිහින් ඇඳුම් තෝරාගෙන ඇවිත් මහල කරල ඇඳුම් නිර්මාණය කරනවා.


නිළි රැජන මේකප් කරන ඔබට කලා ක්ෂේත්‍රයේ අනෙකුත් නිළියන්ගෙනුත් බේරුමක් නැතුව ඇති?


ශලනි තාරකාගේ, දුලානි අනුරාධාගේ වෙඩින් එකට මේකප් කළේ ඇඳුම් නිර්මාණය කළේ මම. මාලිනී අක්කාගේ අභාවයත් සමඟ මම ගැන සමාජය තුළ පැතිරීගිය ආරංචියත් සමඟ මට තවත් විශාල ගණුදෙනුකරුවන් පිරිසක් අලුතින් මා හා එක්වුණා.


මාලිනී තුළ අසනීප තත්ත්වය නිසා ක්‍රමයෙන් වියපත්වීම දකින්න තිබුණත් ඒ අභියෝගය වේශ නිරූපණ ශිල්පියෙක් ලෙස ජයගත්තේ කොහොමද?


මම හිතන්නෑ ඇගේ අසනීප තත්ත්වය තුළ ඇගේ රූපය වියපත් වුණා කියල ගතින් සිතින් ඇය තරුණයි. රූපයෙන් අගතැම්පත් නමුත් ඇගේ අසනීප තත්ත්වය නිසා තිබුණු ඒ වියපත්භාවය මාලිනී අක්කාගේ මුහුණේ තිබුණු ඒ හිනාවට ඒ සියලු දේ මැකිල ගියා.


මාලිනී ෆෝන්සේකා නම් වූ අපේ නිළි රාජිනිය. මියයන්නට මත්තෙන් වසර ද හයක පටන් ඈව රූ ස්වභාවයෙන් විචිත්‍රවත් කළ ඔබට ඇගේ මියගිය සිරුරේ මුහුණත් මේකප් කිරිමේ භාරධුර කාර්තව්‍යයත් පැවරෙනවා නොවේද?.


මාලිනී අක්කා අසනීප වෙලා ඉන්න කාලයේ ගොඩක් හැඩවැඩවීම් අපි කළේ නෑ. මියයන්න අවුරුද්දකට විතර කලින් තමයි විශේෂ කටයුත්තකට හැඩ වැඩ කිරිම සිද්ධ කළේ. විශේෂ වැඩක් අක්කා බාරගන්න කලින් මගෙන් අහනවා ඒ දවසට වැඩක් එහෙම දාගෙන ද කියල මම නෑ කිව්වොත් අක්ක ඒ වැඩේ භාර ගන්නවා. අප්‍රේල් 30 තමයි අක්කාගේ උපන් දිනය. 29 වැනිදා සිනෙස්ටා පදනමෙන් අක්කාගේ උපන්දිනයට නවලෝක රෝහල් උපන්දින උත්සවයක් සංවිධානය කරල තියනවා කියල මගෙන් විමසීමක් කළා. මම එදාට මගේ කාර්යමණ්ඩලයේ අවුරුදු උත්සවය යොදාගෙන තිබුණා.


අක්කට මම එදාට ආරාධනයකුත් කළා. වෙනසකට එක්ක ඇවිත්. කෑම ටිකක් කාල මගේ උත්සවයටත් ඇවිත් යන්න එන්න කියල වෙන වසර වලත් අක්කා මගේ අවුරුදු උත්සවයට ආව ගියා. ඒත් අක්කා කිව්වා ඔයාගේ වැඩ එදාට පාඩුවෙන නිසා මම දවස වෙනස් කරගන්නම් කියල. ඇගේ උපන්දිනය දවසටම ඒ උත්සවයට යන්න කැමැත්ත දීල තිබුණා. එදා උපන්දිනයට අක්කා ඇදපු ඇඳුම ඩිසයින් කළේ අක්කාගේ යාළුවෙක් වුණු සන්ධ්‍යා ජයසේකර මම උපන්දිනයට අක්කාව මේකප් කළා. රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ උත්සවයට තමයි මාලිනි අක්කා විශේෂයෙන් කියල අන්තිමට ඇදල තිබුණේ. ඊට පස්සේ උපන්දින උත්සවයට තමයි විශේෂයෙන් ඇන්දේ අක්කා අසනීප වෙලා ඉන්න කාලයේ මම ඇගේ ගෙදරටත් ඈ ප්‍රතිකාර ගත් රෝහලටත් ගිහින් නිතර ඇගේ සුවදුක් බැලුවා.


කොහොම හරි අක්කා නැතිවුණු අසුබ ආරංචිය මට මුලින්ම දන්වා හිටියේ. නිල්හාන් සෙනෙවිරත්න. පාන්දර එකත් දෙකත් අතර තමයි මට මේ ආරංචිය ලැබුණේ මට. හිතාගන්න බැරිවුණා. මොකක්ද කරන්නේ කියල අපි මෙතරම් ඉක්මනට ඇගේ වියෝවීමක් කොහෙත්ම අපේක්ෂා කළෙත් නෑ. මම ඒ අසුබ ආරංචිය දැනගත් විගස සිට එළිවෙනකම් හිතුවේ අක්කා වෙනුවෙන් මම ඇය ජීවත්වෙලා ඉන්නකම් දෙයක් කළා. අද ඈ අප හැරගිහින් අක්කාට ආදරය කළ විශාල පිරිසක් ඇයව බලන්න එනවා. ඇගේ තිබුණ ලස්සන ඒ වගේම ඇයගෙ මුහුණේ තියෙන්න ඕනේ. මේ කටයුතු ඇගේ අවමඟුල් කටයුතු භාරගත් මල් ශාලාව හොඳින් කරයි. ඒත් මගෙන් දෙයක් ඇයට මම කරන්න ඕනේ කියන කල්පනාවේ මම රැය පහන් කළා. මගේ පවුලේ කෙනෙක් මගේ අම්මා වගේ කෙනෙක් මට නැතිවුණා වගේ හැඟීමක් මගේ හිතට දැනෙන්න වුණා. ඒ වේදනාව සතිගාණක් යන තුරාවට මගේ ළඟ දෝංකාර දුන්නා. කෙනෙක් සමඟ හිනාවෙන්න පවා මට බැරි තත්ත්වයක් ඇතිවුණා. ඒ තරමට ඒ වේදනාව මගේ ජීවිතය වෙලා ගත්තා. මම අවසානයේ තීරණය කළා මාලිනී අක්කාගේ දේහයේ හැඩගැන්වීම මම විසින්ම කළ යුතුයි කියලා. මම උදේ පාන්දරින්ම ජයරත්න මල් ශාලාවේ අධිපති ජයරත්න මහතාගේ බිරිය චමරි ජයරත්න මහත්මියට දුරකථන ඇමතුමක් ගත්තා. මම තමයි ඇයගෙත් රූපලාවණ්‍ය කටයුතු සිදුකරන්නේ මගේ අදහස ඇයට කිව්වා. ඇයත් එක හෙළාම කිව්වා මෙතෙක් කාලයක් මාලිනී අක්කාගේ බියුටි එක ගැන හැමදෙයක්ම කළේ ධනුෂ්ක ඔයා තමයි මේ වැඩේටත් සුදුසුම කෙනා කියල පවුලේ අයත් කතා කරල මගෙන් ඇහුවා මොන වගේ දෙයක් ද අන්දන්නේ කියල මාලිනී අක්කා විශේෂ තැනකට යනකොට ඇන්ද ඇදුමක් ආයෙ තව තැනකට යනකොට ඇන්දේ නෑ. සාරි එහෙම ඇන්දේ එක පාරයි. මාලිනී අක්කා මාත් එක්ක ඉන්දියාවේ ගිහින් ෂොපින් කරල ඇඳුම් ගෙනා අවස්ථා තිබුණා. එක්වතාවකදී මාලිනී අක්කාට ඉන්දියාවෙන් කාන්තා දිනයට ප්‍රධාන අමුත්තාට ආරාධනා කරල තිබුණු අවස්ථාවක ඇගේ ප්‍රධාන මේකප් ශිල්පියා විධියට මාව එක්ක ගියා. ඊට අමතරව කීප වතාවක් අපි ඉන්දියාවේ ගියා සාරි ගේන්න. මගෙන් ඇහුවා එහෙම ගෙනාව සාරි තියනවද කියලා. ඒ වෙනකොට ඇය ආශා කරපු සාරි සියල්ල පාහේ ඈ විසින් ඇදල තිබුණේ. මම ළඟ ඈ අදින වටිනා සාරියක් තිබුණේ නෑ. මම ඒ වගකීම භාරගත්තා. මම යෝජනා කළා අපි ඇයට සුදු සාරියක් අන්දමු කියල. මගේ අදහස පවුලේ අයටත් කිව්වා. කාලයක් හැරිස් විජේසිංහ මහතාත් මාලිනී අක්කාට ඇන්දුවා. මම හැරිස් අංකල්ගෙනුත් ඇහුවා චමරි අක්කාගෙනුත් අහල සියලු දෙනාගේ කැමැත්ත පරිදි මම ගිහින් තේරුවා වටිනා ලස්සන සුදු සාරියක්. ඇය ජීවත්වෙලා ඉන්න කාලෙත් ඇන්දේම වටිනාසාරි. මාලිනී අක්කා එක්ක මම සාරි තෝරන කොට මම අක්කගෙන් අහනවා මෙච්චර වටිනා සාරි මොකටද ලොකු මුදලක් යනවා කියල ඒ වෙලාවට මාලිනී අක්කා කියනවා ධනු ඒ කතා පැත්තකින් තියන්න අදින්නේ මාලිනී ෆොන්සේකා කියලා. මාලිනී ෆොන්සේකා කියන නමට තමයි ඇය හැම තිස්සේම ගරු කළේ. ඇයට සාරිය ලස්සනනම් කීය ගියත් ඒක ගන්නවා. මාලිනි අක්කාගේ දේහයට අපි ඇන්දුවෙත් වටිනා සාරියක්.


කාලයක් පුරාවට ජීවමානව සිටි මාලිනිය ප්‍රාණය නිරුද්දව වැතිර සිටින මොහොත දකිනකොට ඔබට දැනුණු හැඟීම කොයි වගේද?


මම ඇයට ඇන්දවීමට අවශ්‍ය වටිනා සාරියක් අරගෙන මහල කරල අවමංගල්‍ය ශාලාවට ගියා. මගේ කාර්ය මණ්ඩලයේ අයත් සමඟ. ඒ යනකොට හැරිස් විජේසිංහ, සබීතා පෙරේරා චමරි ජයරත්න මේ හැමෝමත් ඇවිත් හිටියා. ඇගේ දේහය අවශ්‍ය බෙහෙත් ගැල්විම් සිදුකර මිනී පෙට්ටියේ තැම්පත් කර තිබුණා. මට ඇත්තෙන්ම දරාගන්න බැරි තරම් මහ දුකක් ඇතිවුණා. මම ඉකිගහල ඇඩුවා. ඒත් මාලිනී අක්කා ජීවත්වෙලා ඉන්න කාලයේ මටත් පවුලේ අයටත් කියලා තිබුණා මොන දේ කළත් මොන ප්‍රශ්න ආවත් අපි අපේ රස්සාවට මූලික තැන දිය යුතුයි කියන දේ එයාගේ සිනමා ජීවිතයේ එයා ඒක අධිෂ්ඨානයක් වශයෙන් දරාගෙන ආ සිතුවිල්ලක් අපිට කියපු ඒ වචන ටික මට ඒ මොහොතේ මතක් වුණා. මට කොච්චර වේදනාවක් වුණත් මේක වෙනදා වගේ මගේ ජොබ්එක කියන සිතුවිල්ල මගේ හිතට ආවා. මගේ හිතේ ඇතිවෙලා තිබුණ වේදනාව මාලිනී අක්කා කියලා තිබුණු ඒ ඔවදනින් යටපත් කරගෙන මම මේක ලස්සනට කරන්න ඕනේ කියල මගේ කර්තව්‍ය පටන් ගත්තා.


ප්‍රාණය නිරුද්ධ සිරුරක් මේකප් කරනවා කියන එකත් ලේසිපහසු කර්තව්‍යයක් නොවෙයි. මේ අභියෝගය ඔබ ජයගත්තේ කොයි ආකාරයෙන්ද?


සාමාන්‍යයෙන් කෙනෙක් මේකප් කරන්නේ කණ්ණාඩියක් ඉදිරියේ වාඩිකරගෙන. නමුත් මියගිය කෙනෙක්ව එහෙම කරන්න බෑ. මම මුලින්ම කළේ මගේ වේදනාබර හිත පාලනය කරගැනීම. මම හිතාගත්තා අද මාලනී අක්කා නිදාගෙන ඉන්නවා කියලා. එතෙක් කාලයක් මම ඇයව මේකප් කළේ වාඩිකරගෙන. විහිළුවෙන් තහළුවෙන්. නමුත් එදා ඒ කිසිවක් නෑ අක්කා නිදි මේ කටයුත්තට අක්කා උඩ ඉදල මට ආශිර්වාද කරන්නත් ඇති මට මාලිනී අක්කාගේ මුහුණ හොඳට හුරුයි. මුහුණේ හැඩ වෙන්න ඕනෙ තැන් මම දැනන් හිටියා. වෙනද වගේ ඇගේ මුහුණ චලනය නොවුණත් මාලිනී අක්කාගේ ඇස් අදින්න ඕනෙ විධියත් කොණ්ඩෙ පීරන්න ඕනෙ විධියත් තිබුණා. ලිප්ස් අදින්න ඕනෙ විධියත් තිබුණා. ඒ දේවල් මගේ මතකයේ තිබුණු නිසා සිරුර චලනය නොවුණත් මගේ තිබුණු අත්දැකීම් එක්ක මම ඒ වැඩ ටික කළා. සීතල වෙච්ච ගල්වෙච්ච සිරුරක් තමයි මට ඒ වෙලාවේ අල්ලන්න තිබුණේ. ඒ වෙලාවේ ඒ වෙනස මට නොදැනුණේ මගේ හිතේ තිබුණු වේදනාව නිසා වෙන්න ඇති. මට ඕනෙ කළේ අක්කාගේ ලස්සන පෙනුම මුහුණෙන් පෙන්වන්න. කණ්ණාඩියකින් බලල කරන්න කොහොමත් බෑ. මගේ අත්දැකීම් අනුව ඈතට ගිහින් බලමින් විවිධ විවිධ පැතිවලින් මුහුණ දිහා බලමින් තමයි මේකප් කටයුත්ත සිද්ධ කළේ. කොහොමත් මේකටයුත්තට පැය දෙකක් විතර ගියා. හැබැයි වෙනද වගේ අක්ක මගෙන් ඇහුවෙ නෑ ධනු වැඩ ටික ඉවරද කියල ඒවගේම අක්කා මුණෙ තියන උපන් ලපය පෙන්නල කිව්වේ නෑ ධනු මෙයාටත් සාධාරණයක් කරන්න කියලා. අක්කා නිදාගෙන ගලක් වගේ හිටියා. මම හදන්ගිය ඇඳුම මගෙ කාර්ය මණ්ඩලයත් එක්ක අක්කට ඇන්දුවා.


සිරුර හැඩගැන්වීමේ කටයුතු ඔබ අහවර කළත් මාලිනී ෆොන්සේකාගේ අවමඟුල සිදුකරන තාක් ඔබ නිරන්තරයෙන් සිරුර ගෙනයන හැම තැනකම එයත් සමඟ නිරන්තරයෙන් රැඳි සිටිය නොවේද?


ඒකට හේතුවක් තිබුණා. මාලිනී අක්කාගේ සිරුරේ ස්වභාවික කොණ්ඩය උස්සල හදල තිබුණේ. සාමාන්‍ය කෙනෙක්ගේ නම් අපි පීරල තදට තමයි හදල තියන්නේ. පෙට්ටිය වැහුවට පස්සේ කුෂන් එක ගෑවිලා සමහරවිට කොණ්ඩය වෙනස් වෙන්න පුළුවන් නිසා මම දේහය ගෙනගිය හැමතැනකදීම ගිහින් බැලුවා. මොනයම් විධියකින් හරි වෙනසක් වෙලා ද කියල ඊට පස්සෙයි ජනතාවට දැකගන්න ඉඩකඩ සැලසුවේ ඒ එක කාරණයක් අනික් කාරණය මම බොහෝ ආදරය කළ අක්කව මට දැක ගන්න තියන අන්තිම දවස් කීපය නිසාවෙන් මගේ හිතේ වේදනාව හිත තුළම දරාගෙන මම ඇයත් සමඟ අවසන් කටයුතු සිදුවෙන අවස්ථාව දක්වාම රැඳිල හිටියා.


ජීවී වගේම අජීවී පුද්ගලයන් වේශ නිරූපණයේ ප්‍රවීණයෙක් බව මේ වනවිටත් ධනු සමාජයට ඔප්පුකර අවසන්. මාලිනී ෆොන්සේකාගේ අභාවයත් සමඟ. මින් ඉදිරියටත් ඔබ මිය ගිය දේහයන් මේකප් කරන කටයුත්තත් භාරගන්නවද?


කොහෙත්ම නෑ. කවුරු කොච්චර මුදලක් දෙනවා කිව්වත් මම ආයෙ කිසිම අවස්ථාවක මියගිය අයෙක්ව මේකප් කරන්නෑ. කරපු එකම එකත් මාලිනී අක්කා විතරයි. මාලිනී අක්කා වෙනුවෙන් මම ඒ දේ කළ යුතු නිසාවෙනුත් ඇය රටට විශේෂම කෙනෙක් නිසාවෙනුත්. මම ඒ දේ කළා පමණයි. කවුරු වුණත් ජීවත්වෙලා ඉන්නකම් නම් මම මේකප් කරන්නම් හැබැයි කොච්චර හිතවත් වුණත් මිය ගිය පසුනම් මගෙන් මේකප් නෑ. මාලිනී අක්කාව ප්‍රේක්ෂකයන්ට අන්තිම වෙනකන් ලස්සනට දකින්න ඕනෙ කළා. ඒ ආදරය මිනිස්සු තුළ කොච්චර තිබුණ ද කියනවා නම් සමහරු කිව්වා මාලිනී හිටියටත් වඩා ලස්සනට දේහයේ මුහුණ තියනවා කියලා. සමහරු ඇයට එක සැරයක් බලල ගියේ නෑ. ආයෙත් ඇවිත් පෝලීමේ බලල ගියා. සමහරු හිටියා මාලිනීව ජීවමානව නොදැකපු අය. ඔවුන් ඇයව දැකල තිබුණේ මාධ්‍ය ඔස්සේ පමණයි. ඒ අයට අන්තිම මොහොතේ හරි මාලිනි අක්කාව පියවි ඇසින් දකින්න ඕනෙ කළා. සමහරු මාලිනී අක්කා පිළිබඳ පළ වූ පත්තර පින්තූර මිටි ගණන් ගෙනත් තුරුලු කර ගෙන හිටියා සමහරු රෑ එළිවෙනකන් මල් කඩල මල්මාල හදල ඇගේ උසට මල්මාල අරන් ඇවිත් හිටියා. දේහයට දාන්න. ඒ වගේ ආදරයක් මිනිස්සු තුළ ඇය කෙරෙහි තිබුණ. අද තරුණ පරපුර මාලිනී අක්කා ගැන නොදැන හිටියත් ඇය මිය ගියාට පස්සේ ඈ ගැන මාධ්‍ය ඔස්සේ ඇති වූ කතිකාවත මත මේ අපේ අලුත්පරපුර මාලිනී අක්කා කියන්නේ කවුද කියල දැනගත්තා ඒ අය සමාජ මාධ්‍ය හරහා පළකර තිබු අදහස් වලින් ඒ අවධිවීම අපි අසීමාන්තිකව දැක්කා.


ආන්දෝලාත්මක කතාබහක් සමඟ මාලිනිය හැඬ කළ එකම පුද්ගලයා ඔබ විතරද කියල හැගෙන ආකාරයේ කතාබහක් සමාජය තුළ නිර්මාණය වුණා නොවේද? ඔබට පෙර කොතරම් මේකප් ශිල්පීන් පිරීසක් මාලිනීව හැඩ කරන්න ඇද්ද?


මම හිතන්නේ මාලිනී අක්කාගේ ජීවිත කාලය තුළ ඇයව හැඩ කළ මේකප් ශිල්පීන්ගෙන් අඩුම වයසේ කෙනා මම වෙන්න ඇති කියල අනික් අය මේ රටේ ප්‍රවීණ හා ජ්‍යේෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පීන් ඒ හැමකෙනෙක්ම මාලිනී අක්කව හැඩ කළා. මාලිනී අක්කා මට කියල තිබුණා. අක්කාගේ තරුණ කාලේ සිනමාවේ වසන්ත කාලයේ ඇයට මේකප් දාන්න ඇඳුම් මහන්න. කොන්ඩ දාන්න අය ගෙදර හිටියලු. ඇගේ කාර්ය බහුලතාවය නිසාම කියල දවසට චිත්‍රපට දෙක තුන රඟපාපු අවස්ථා තිබුණ කියල ඒ අය අදවෙනකොට සමහර විට වියපත් වෙලා ඇති නැත්නම් මියගිහින් ඇති නමුත් අක්කාගේ අවසන් කාලයේ ඒ වගකීමට අක්කා මාවම තෝරාගන්න ඇත්තේ මගෙත් වාසනාවක් නිසාවෙන් දෝ කියලත් මට හැගෙනවා. අවුරුදු දහයක් වගේ කාලයත් ඇගේ මේකප් ශිල්පියා හැඩගැන්වීම් ශිල්පියා වුණේ මම ඒ නිසාවෙන්න ඇති ඇගේ අවසන් දේහයත් මගේ අතින්ම. මේකප් වෙන්න මාවම තෝරගන්නත් ඇත්තේ. මාලිනී අක්කාව එතෙක් මේකප් කරපු ඇඳුම් නිර්මාණය කොණ්ඩ මෝස්තර දාපු හැම ශිල්පියෙක්ම ශිල්පිනියක්ම ඈ වෙනුවෙන් විශිෂ්ඨ ලෙසින් තමන්ගේ කාර්ය කරන්න ඇති.


මාලිනී අක්කා වියෝවි තෙමසක් ගතවීමේ පිංකමත් තව නොබෝ දිනයකින් උදාවෙනවා නේද? ධනුෂ්කත් ඒ වෙනුවෙන් යමක් කරන්න ද සූදානම?


අක්ක අපෙන් වෙන්වලා ගිහින් මේ මස 24 වැනිදාට තෙමසක් ඒ වෙනුවෙන් එදාට එතුමියගේ පවුලේ අය පින්කම් සිද්ධ කරාවි. මගේ උපන්දිනය යෙදෙන්නේ මේ මාසෙ 28 වැනිදාට එදාට මම එයත් නිමිති කරගෙන මාලිනී අක්කාට පින් පැමිණීම සඳහාත් වාද්දුවේ දෙල්දූව රජමහා විහාරයට දානයක් පිළිගන්නවා. ඒ පන්සලට දානෙ දෙන්න විශේෂ හේතුවකුත් තියනවා. මමත් මාලිනී අක්කත් මේ පන්සලේ වැඩසිටින සාමණේර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනමකගේ කැපකරු භාර කරුවන් ලෙස කටයුතු කරනවා. ඒ නිසාවෙන් මාලිනී අක්කා වෙනුවෙන් පිංපැමිණීමේ මහා දානමය කුසල කර්මයක් මගේ උපන්දිනය දවසේම මේ විහාරස්ථානයේ සිදුකරන්න මම සැලසුම් කරල තියනවා.


ධනු කියමුකෝ බලන්න ඔයාගේ පවුලේ තොරතුරුත්?


මගේ පියා පාණදුරේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් තාත්තා සිසිර කුමාර අම්මා දයානි උඩුවගේ ඇයත් ව්‍යාපාරික පවුලක කෙනෙක් මගේ සීයත් ආයුර්වේද වෛද්‍යවරයෙක් මට අයිය කෙනෙක් ඉන්නවා යුතික කුමාර් තාත්තාගේ එකම ආශාව වුණේ මාවත් අයියවත් පිටරට යවල බිස්නස් ගැන වැඩිදුර හැදෑරීමක් කරල එයාගේ බිස්නස් ඉස්සරහට ගෙන යනවා දකින්න. තාත්තානම් මම මේ පැත්තට යොමුවෙනවාට කොහෙත්ම කැමැත්තක් දැක්වුයේම නෑ. අම්මා නම් මගේ දක්ෂතා දැකල මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න මට ශක්තියක් වුණා. මගේ සහෝදරයා තාත්තාගේ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරගෙන යනවා. මම මේ පැත්තෙන් මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. හැබැයි අද පවුලේ හැමෝගෙන්ම මට ආශිර්වාදයක් ලැබිල තියනවා. මගේ ව්‍යාපාරය සතුටින් කරගෙන යන්න.

gossiplanka image 2
Previous Post Next Post