අද වෙද්දී කවි ලියන කෙනා මගෙන් ඈත්වෙලා ගිහින්- රයිනි චාරුකා

gossiplanka image 1
රයිනි චාරුකා ගුණතිලක ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. රටම හඳුනන ආදරය කරන ගායන ශිල්පිනියක් ඇය. දක්ෂතා රැසකින් පිරි ඇය මෙරට ගායන ක්ෂේත්‍රයට පොප් සහ රෙගෙ ශෛලියෙන් පවා ගීත ගායනා කරන ගායිකාවක්. ඇයගේ ගීත රසවිඳින්න හැමෝම කැමැතියි. ‘පිච්චමලි මමයි නුඹේ’ කවර් සෝන්ග් එක සහ ‘මා නුඹ නිසා’ ගීත ඇයගේ අලුත් ගීත අතර මේ දිනවල ඉදිරියෙන්ම පසුවෙනවා.


‘මං නුඹ නිසා’ ගීතය ගැන මුලින්ම කතා කරමුද?




තරින් මල්ලි මට කිව්වා අලුත් සින්දුවක් කරමු කියලා. මම කිව්වා මට සින්දුව එවන්න කියලා. එයා එවපු එකම සින්දුව තමයි ‘මා නුඹ නිසා’ ඒක අහපු ගමන් මම ආස වුණා. ඊට පස්සේ අපි රේකොඩින් එක දාගත්තා. ඒ එක්කම මම ආස වුණා මේකෙම ටැමිල් වර්ෂන් එකක් කරන්න. මොකද මේකේ මෙලඩි එක ලස්සන නිසා. කලිනුත් මම කරපු කළුවරට හිත බය හින්දා ගීතයෙත් සිංහල සහ ටැමිල් වර්ෂන් එකක් කළා. දැනට එළිදක්වලා තියෙන්නේ සිංහල එක පමණයි. ළඟදීම ටැමිල් වර්ෂන් එකත් එළියට එයි.




කොච්චර කාලයකට පස්සේද ගීතයක් කළේ..?




මගේම තනි ගීතයක් විදිහට කළේ සරෝජිනී එකෙන් පස්සේ. ඒ කියන්නේ අවුරුදු දෙකකට පස්සේ.








 ගීත නිර්මාණ කරන්න මේ තරම් කාලයක් ගන්නේ ඇයි...




 මුලින්ම ගීතයට මම ම ආස වෙන්න ඕනේ. ඒ නිසා මම කාලය ගන්නවා. 2015 දී නොබලා මා දිහා ගීතය කළාට පස්සේ 2021දී කළුවරට ගීතය කරකම් මම මුකුත්ම කළේ නැහැනේ.




 කළුවරට ගීතය සහ දැන් මේ මා නුඹ නිසා ගීතයේ විෂුවල් එක ඩාර්ක් තීම් එකේ යන්නේ, ඇයි ඒ...




 මම මේ ක්ෂේත්‍රයට එන කාලේ තාත්තා මට හදලා දුන්නු නීල කඳු ගැටේ ගීතත් එක්ක මම එළියට දුන්නු වයිබ් එක වෙනස්. නමුත් මම පාසල් යන කාලේ පවා ඔක්කොම කළු ඇඳුම් ඇඳලා, කළු අයි ලයිනර් ගාලා, කළු බුට්ස් දාලා තමයි මම හිටියේ. ඒ නිසාම මම විෂුවල් එකකදී ඩාර්ක් තීම් එකකට යන්න කැමැතියි. හැබැයි එහෙමයි කියලා සින්දුවට ගැළපෙන්නේ නැත්නම් කරන්නෙත් නැහැ.








මේ කාලේ රයිනි ගැයූ පිච්චමලි කියන කවර් සෝන්ග් එකත් අතිශය ජනප්‍රියයි නේද?




ඒක තමයි ලොකුවටම කතාබහට ලක්වෙන්නේ.




‘‘මවෙත හොරෙන් බලන්නේ... මහිත මනාපයි ... මනාලයි.. මඟුල් කතාවයි.... මයෙ හිත බාරයි..’’ කාටද රයිනිගේ හිත භාර දුන්නේ...


ඒවා නම් කියන්නේ නැහැ.


‘පිච්චමලි මමයි නුඹේ


මා පෙම් කුමරෝ


පෙම් කවි හොරෙන් ලියාපු’ ... කාටද මේ පෙම් කවි හොරෙන් ලියන්නේ...




ඒක ඉතින් මම හිතන්නේ ආදරේ කරන හැමෝම හොරෙන්නේ පෙම් කවි ලියන්නේ. මම නම් ළඟදී පෙම් කවි ලියලා නැහැ. ඉස්සර නම් ඕක විතරයි කළේ. කොලේජ් යන කාලේ ඕක තමයි වැඩේ. අද වෙද්දී කවි ලියන කෙනා මගෙන් ඈත් වෙලාම ගිහින්. දැන් සින්දුවලින් කියනවා.








පිච්චමලීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?




මේ ළඟදී මම අහපු ගීත අතරේ මගේ හිතට තදින්ම වැදුණු ගීතයක් තමයි මේ චුට්ට මලේ ගීතයේ මෙලඩි එක. ඒක තෙළිඟු ගීතයක්. අයියෝ මේ සින්දුව මට තිබ්බ නම් කියලා හිතුණා. ඒ එක්කම මට හිතුණා මේක මට ස්ටේජ් එකක කියන්න ඕනේ කියලත්. ඒ නිසා මම මේ කවර් සෝන්ග් එක කළා. මේ ගීතය එක්ක මගේ ෆෑන් බේස් එක වැඩිවුණා. බංග්ලාදේශයෙන් සහ ඉන්දියාවෙන් මට ෆෑන්ස්ලා එකතු වුණා. ඒක තමයි මගේ ගෝල් එක වෙලා තිබ්බෙත්. මොකද මට ඕනේ වුණා මගේ කටහඬ මේ ලෝකේ වෙන රටවල ඉන්න අයටත් ඇහෙන්න සලස්වන්න. මම මේ ගීතය දාලා තියෙන හැම තැනකම මෙන්ෂන් කරනවා මේක චුට්ට මලේ ගීතයේ එහෙම නැත්නම් ගීතයේ සිංහල වර්ෂන් එක කියලා. දැන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.




දැන් රඟපාන්න අදහසක් නැද්ද?




මට ඇරයුම් නම් එනවා. සමහර වැඩ ගැන කතා කරලත් තියෙනවා. අපි ගායිකාවන් නිසා අපිව දාලා නිර්මාණ කරන එක රිස්ක් එකක් කියලා සමහරු හිතනවත් ඇති. හැබැයි කතා කරගෙන යන නිර්මාණ අතරින් ළඟදීම එකක රූපගත කිරීම් ආරම්භ වෙනවා.




අපි මතක් කරමු R & D Academy එක ගැනත්...




Rising Voices & Drawing Academy ඒක ලංකාවට අලුත් සංකල්පයක්. මියුසික් ඇන්ඩ් ආර්ට් එකම තැනකින්. දැන් එන ළමයි කියන්නේ එයාලගේ හැපී ප්ලේස් එක තමයි R & D Academy එක කියලා. 







gossiplanka image 2
Previous Post Next Post