
ශෙහානි අසම්මතයේ පෙම්වතියක් වෙලාද?
මීට කලින් ටෙලි නාට්‍යයවල මම පෙම්වතියගේ චරිතය රඟපෑවත් ඒ සම්මතයේ පෙම්වතිය විදිහට. හැබැයි මල්වාරේ ටෙලි නාට්‍යයේ මම අසම්මතයේ අනියම් පෙම්වතියක් විදිහට රඟපානවා. සාමාන්‍ය බොලඳ පෙම්වතියට එහා ගිය අභියෝගාත්මක චරිතයක් වීමත් සමාජයේ අහන්න දකින්න ලැබෙන සිදුවීම් අතර මෙවැනි චරිත ඉන්න නිසා මම තීරණය කළා මේ චරිතය රඟපාන්න. නිතර රඟපාන චරිතවලට එහා ගිහින් වෙනස් විදිහෙ රංග පාරාසයකට යමින් චරිතාංග නිළියක් විදිහට මගේ හැකියාව ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා.
අනියම් ආදරයට පැවැත්මක් තිෙයනවද?
අනියම් වුණත් ආදරය ආදරයම තමයි. හැබැයි ආදරයට අයිතිකාරයො වැඩි වුණාම ප්‍රශ්න වැඩියි. ඒ නිසා අනියම් ආදරයට පැවැත්මක් තියෙයිද කියලා නිශ්චිතව කියන්න බැහැ. ඒ වගේම ආදරයට වයස ප්‍රශ්නයකුත් නැහැ කියලා මම විශ්වාස කරනවා. වයස මහලු පුද්ගලයන්ට වුණත් තරුණ වයසෙ ඉන්න පුද්ගලයන්ට ආදරය කරන්න පුළුවන්.
ශෙහානිට ආදරවන්තයෙක් නැද්ද?
ආදරය තුළ විශ්වාසය, අවංක භාවය සහ නිදහස තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. පෙම්වතියක් විදිහට ඒ ආදරය මම විඳලා තියනවා. හැබැයි මේ වෙද්දි මම තනිකඩයි. ආදරය පස්සෙ යනවට වැඩිය රංගනය සහ ගායන කටයුතු වෙනුවෙන් කැපවෙලා ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන්කරලා තව හැකියාව දියුණු කරගෙන ඉදිරියට යන අරමුණකයි මම ඉන්නෙ
ශෙහානි සිනමා රංගන ශිල්පිනියක් විදිහට ළඟදීම රිදී තිරයෙන් දකින්න පුළුවන් කියලා ආරංචියි..
තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරපු ‘මෝඩ තරිඳු’ චිත්‍රපටයෙන් මම සිනමාවට පිවිසෙනවා. සිනමා නිළියක් වීමත් එක්ක මගේ රංගන ජීවිතයේ තවත් අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න නියමිතව තිබෙනවා.
නිළියක් විදිහට ක්ෂේත්‍රයට ආපු ශෙහානි ගායිකවක් වුණේ කොහොමද?
පුංචි කාලෙ ඉඳලා මට සිංදු කියන්න හැකියාව තිබුණා. නමුත් රංගන කටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන්කරලා තිබුණ නිසා ගායනයට ඉඩ අඩු වුණා. ඉස්සර වගේ නිතරම රංගනයට මුල්තැන දෙන්නෙ නැතුව ගායනයටත් කාලය දෙන්න මම හිතුවා. ඉතින් මේ වෙද්දි මගේම ගීත කීපයක් නිර්මාණය කරලා තිෙයනවා. ඒ වගේම ලංකාව තුළ සහ විදෙස් රටවල ප්‍රසංගවල ගීත ගායනා කරන ගායිකාවක් විදිහට මට හොඳ ඉල්ලුමක් තිෙයනවා.
ගායිකාවක් වීමත් සමග ශෙහානිට විවේචන රැසක් එල්ල වුණා..
ගායිකාවක් විදිහට ප්‍රසිද්ධ වීමත් සමග මම කලාව අවභාවිත කරනවා කියලා ගායන ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයන්ගෙන් සහ නිළියන්ගෙන් විවේචන රැසක් එල්ල වුණා. කවුරුත් වැඩිය දන්නෙ නැතිවුණාට මගේ තාත්තා සංගීතඥයෙක්. පුංචි කාලෙ ඉඳලා සංගීතමය වටපිටාවක් එක්ක හැදුණ වැඩුණ මට සංගීතය සමග ලොකු බැඳීමක් තිෙයනවා. ඒ බැඳීම මත තමයි මම ගායිකාවක් විදිහට සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ. ඒ විදිහට සංගීතය ගැන පුරුද්දක් පුහුණුවක් එක්ක ක්ෂේත්‍රයට ඇවිත් දෙයක් කරන්න උත්සාහ කරනකොට විවේචන එල්ලකරලා ඇදවට්ටන්න සමහරු උත්සාහ කළා. නමුත් මම ඒවට සැලෙන්නෙ නැතුව පටන් ගත්තටත් වඩා ශක්තමත්ව සංගීත කටයුතු කරගෙන යනවා.
ශෙහානි තවමත් හෙමින් ගමනක් යන්නෙ ඇයි?
රංගනය, ගායනය, නර්තනය සහ චිත්‍ර ශිල්පය යනාදි සියලුම කලා ශිල්පයන් ගැන මට හැකියාව තියනවා. නමුත් ඒ සියලු දේවල් එකවර කරන්න ගිහින් නිදහස නැතිකරගෙන ඔළුවෙ කැක්කුම හදාගන්න මම කැමැති නැහැ. ඒ නිසා හෙමින් හෙමින් සියලුම කලා ශිල්පයන්වල දස්කම් දක්වමින් ඉදිරියට යන ගමනකුයි මට තියෙන්නෙ. අද වෙද්දි ඒ විදිහට හෙමින් හෙමින් ඉස්සරහට ඇවිත් තියන ගමනෙදි ශෙහානි කහඳවල කිව්වහම කවුරුත් දන්න අඳුරන සන්නාම නාමයක් විදිහට මගේ නම කා අතරත් ප්‍රසිද්ධයි.
ශෙහානිගේ විලසිතා ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල ආන්දෝලනාත්මකව කතාබහට ලක්වෙනවා..
හැඩකාර විදිහට ඇඟ නඩත්තු කරලා ඇඟේ හැඩයට ගැළපෙන විදිහට මම විලාසිතා කරනවා. ඒ විලාසිතා කරන්නෙ මට සතුටු විදිහට මිසක අනිත් අය අඳින්න පලඳින්න කැමැති විදිහට සහ සමාජ සම්මතයට ඕන විදිහට නෙවෙයි. මම විලාසිතා කරන විදිහ නිරුවත පෙන්නනවා කියලා සමහරු හැඳින්වූවාට මම අඳින්නෙ පලඳින්නෙ ජාත්‍යන්තර තලයේ පිළිගත් විලාසිතා. ඒ විදිහට මටම අනන්‍ය වුණ විලාසිතා කිරීම තුළින් රසිකයෝ අතර මට සන්නාමයක් විදිහට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් වෙලා තිෙයනවා.
