
සූර්යාහි චරිතය ගැන කිව්වොත්?
සුර්යා චිත්‍රපටයේ විලී මහගම කියන ප්‍රධාන විලන් චරිතය මම කරන්නේ. මෙහි විලන් වෙන්නේ සටන්වලින් නෙවෙයි. කතාවේ හැටියට විලී මහගම කියන්නේ මහාචාර්යවරයෙක්. එයා වැඩ කරන්නේ මොළෙන්. ඒක මොටිවේෂන් චිත්‍රපටයක්. එහි එන motivation speech කරන විලී මහගමට අභියෝගයක් වෙන තරුණ motivation speech කරන කෙනෙක් බිහිවෙනවා. එයාව අබිබවා යනවට විරුද්ධව විලි මහගම වැඩ කරනවා.
ඉදිරියට එන්න තියෙන සිනමා නිර්මාණ මොනවද?
සංජය ලීලාරත්න අධ්‍යක්ෂණය කළ අහස සිඹින ආදරේ චිත්‍රපටය එන්න තියෙනවා. ඒකත් වෙනස්ම කතාවක් ඔස්සේ නිර්මාණය වුණු ලස්සන කතාවක්. එහිත් මගේ භූමිකාව මහාචාර්යවරයෙක්. මිනීමැරුමක් සම්බන්ධ කතාවක්. පාරේ තිබ්බ පොතක් නිසා මිනීමැරුම ගැන හෝඩුවාන් ඇතිවෙනවා ඒ ඔස්සේ ඉදිරියට කතාව ගලාගෙන යනවා. ඒකත් එන්න තියෙනවා. ඒ එක්කම දෙරණ නාළිකාවේ විකාශය වූ රාවනා තුළින් චිත්‍රපටයක් කරන්න යනවා. එහි මම මණිනාග ලෙසයි රඟපෑවේ.
අජිත් වීරසිංහ කාවද මේ Fallow කරන්නේ?
මම කාවවත් ෆලෝ කරන්නේ නැහැ. මම ෆලෝ කරන්නේ අජිත් වීරසිංහම තමයි. මට හිතුණා මට එම පෙනුම ගැළපෙනවා කියලා. ඒ නිසා මම කළා?
මේකට කියන්නේ සෝල්ට් & පෙපර් කියලා. ලුණු සහ ගම්මිරිස් එකට එකතු වුණාම එන පාට තමයි දැන් මගේ රැවුලේ පාට. ඒකට විශේෂයෙන්ම අධ්‍යක්ෂවරුන් කැමැතියි. ප්‍රේක්ෂකයන්ගෙන් පවා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මේ කාලය තුළ ලැබුණු නිර්මාණ ගැන තෘප්තිමත් ද?
මේ වනවිට මම කලාවට ඇවිල්ලා අවුරුදු විස්සක් වෙනවා. මම හැමවෙලේම හැම දෙයකින්ම තෘප්තිමත් වෙන කෙනෙක්. ලද දෙයින් සතුටින් ජීවත් වෙනවා. කලාව නිසා මට ආදරේ කරන ප්‍රේක්ෂකයින් ඉන්නවා. ඒ ආදරේ හැමදාම ලැබෙනවා. ඒ නිසා බොහොම සන්තෝසෙන් ඉන්නේ.
තවම නොලැබුණු, කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියේ ද?
ඔව්. මම ආසයි ගොළු චරිතයක් කරන්න. අපේ තියෙන මුහුණේ ඉරියව්වලින් හැඟීම්වලින් කරන්න පුළුවන් උපරිමය කරන්න මම ආසාවෙන් ඉන්නවා.
චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?
මෙහෙමයි. අපිට කරන්න පුළුවන් වැඩයි බැරි වැඩයි තියෙනවානේ. මුලින්ම අපි අපේ තරම දැනගන්න ඕනේ. මට කරන්න පුළුවන් රඟපාන එක. හැබැයි මම දන්නවා අධ්‍යක්ෂණය මට බැරි බව. ඒ නිසා පුළුවන් දේ හරියට කරන් ඉන්න තමයි මම උත්සාහ කරන්නේ.
ව්‍යාපාර ක්ෂේත්‍රයේ මොනවද කරන්නේ
මැණික් සහ හෝම් ඩෙකරේෂන් කරන්නේ. මම හොටෙල් හදලා විකුණනවා. නුවරඑළියේ තියෙන වින් ග්ලාසස් හොටෙල් එකත් මම හැදුවේ. මම කැමැතියි කලාව එක්ක ඉන්න. නමුත් ලංකාවේ කලාව පමණක් කරලා ජිවත් වෙන්න අමාරු නිසා 2000 වර්ෂයේ ඉඳන් කලාව එක්කම ව්‍යාපාර කටයුතු කරනවා. ඒ තුළින් මම මගේ ආර්ථිකය ගොඩනඟා ගෙන තියෙනවා.
සූර්යා බලන්න මොන වගේ ඇරයුමක් ද කරන්නේ
මට කියන්න තියෙන්නේ තරුණ ප්‍රජාවට මේ සිනමා නිර්මාණය ඉලක්ක කරලා තියෙන්නේ. සමහර වෙලාවට ප්‍රශ්නවලට මුහුණදෙන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. සූර්යා චිත්‍රපටය තුළ තියෙන්නේ තරුණ ළමයෙක් තමන් ඉන්න තැනින් මානසිකව උපරිමයෙන් ඇදවැටුණට පස්සේ කොහොමද ආයෙමත් නැඟිටින්නේ කියන එක. ඒ නිසා තරුණ ජිවිතවලට සහ මවුපියන්ට ආරාධනා කරනවා ඇවිත් බලන්න කියලා. මුතුගල සර් තමයි මෙහි නිෂ්පාදකවරයා. ඔහුත් මේ පණිවිඩය දෙන්න උත්සාහ කරන්නේ සූර්යා සිනමා නිර්මාණය හරහා. ඒ නිසා හැමෝටම ආරාධනා කරන්නේ ඇවිත් මේ චිත්‍රපටය නරඹන්න කියලා.
