ටෙලි තිරයේ ජනප්‍රියම තාරකාවක් වෙච්ච දිනිති වල්ගම ගැනයි මේ සැරේ ගොසිප් එක. තමන්ටම ආවේණික වූ රංගනයක් තුළ දක්ෂ චරිත මෙහෙයවීමක් හරහා නමක් දිනාගත්ත දිනිති, කෙළින් කතාකරන ස්ටේ්‍රට් ෆෝවර්ඩ් කැරැක්ටර් එකක්. හැබැයි මේ කෙළින් කතාකරන පුරුද්ද නිසා දිනිති දොස් අහන අවස්ථාද නැත්තේ නැහැ. දවසක් චැට් ෂෝ එකකට ගිය දිනිතිට එය මෙහෙයවූ නිවේදකයාගෙනුත් පොඩි දොසක් ආවා. S
‘දිනිති, මං මේ ඔයාට හොඳ යාළුවෙක් විදියට කියන්නේ. කොතැනකවත් ගිහින් ඔය විදියට කතාකරන්න එපා…’ කියලා ඔහු ප්‍රසිද්ධියේම කිව්වා. ඒක කවුරුත් දන්න සිදුවීමක්. කොහොමත් දිනිති එතැනදී ඒ කතන්දරේ සුහදව නිරාකරණය කරගත්තා. ඈ එහෙමයි. කොයි දේ වුණත් ලොකුවට ඔළුවට ගන්නේ නැහැ. සමහරු මේ ජනප්‍රිය තාරකාව එක්ක තරහයි.
‘දිනිත හරි සෝබන කෑල්ල…’
එහෙමයි ඔවුන් ඇයට කියන්නේ. තව සමහරු ලස්සන හැඩකාර ඇයට හරි මනාපයි. ඈ තමන්ටම සුවිශේෂ වූ විලාසිතාවකට අඳින පලඳින නිසා. තමන්ටම විශේෂ වූ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන ඉන්න නිසා හුඟක් දෙනා එයා එක්ක තරහයි. ඉරිසියයි කියලයි දිනිතිට කැමැති රසික රසිකාවියො කියන්නේ. ඒ වගේම තමා ගැන කවුරු මොන විවේචන කළත් දිනිති ඒවා සතේකටවත් මායිම් කරන්නේ නැහැ.
‘ඇයි සමහරු ඔයාට දොස් කියන්නේ..,?’
කවුරු හරි දිනිතිගෙන් එහෙම ඇහුවොත් ඈ කරන්නේ ලස්සනට හිනාවෙන ගමන් ඒකට ඩෝන්ට් කෙයාර් ටයිම් එකට උත්තරයක් දෙන එකයි.
ආලින්දයේ සිනමාව තුළ දිනිති වැඩිපුරම ජනප්‍රිය වුණේ ‘සුසුම් රස්තියාදුව’ ටෙලිඩ්‍රාමා එකෙන්. ඇත්තටම ඒක ඇගේ සුපිරිම රංගනයක්. ඔන්න ඒ හින්දම 21 වැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේ බෙස්ට් ඇක්ටර් විදියට ඇය නොමිනේට් වෙලාලු. නොමිනේට් වෙලා තියෙන්නෙත් රංගන ශිල්පිනියන් 80 දෙනෙක් අතරින් කියලයි කියන්නේ. සම්මානය නොලැබුණොත් දිනිති අවුල් වෙයිද?
‘නිළියෝ අසූ දෙනෙක් අතරින් නිර්දේශ වෙනවා කියන්නෙත් සම්මානයක් ලැබුණා කියන එක තමයි. නිර්දේශ වීමත් ගෞරවනීය අගය කිරීමක්…’
යූටියුබර් කෙනෙක් 21 වැනි රයිගම් සම්මාන උළෙලේ හොඳම නිළියට නිර්දේශ වීම ගැන කතාබහ කරන කොට දිනිති ඒ උත්තරේ දීලා තිබුණේ හරිම සැහැල්ලුවෙන් හදවතින්මලු. කොයික වෙතත් අපිත් මව්රටේ ‘හාට්’ එකෙන්ම දිනිතිට ‘ඕල් ද බෙස්ට්’ කියලා සුබ පතමු.
මල්මි කෞෂල්‍යා
.jpg)
.png)