ඔහු ලාංකික කලා ක්‍ෂේත්‍රය තුළ දශක හතරකට අධික කාලයක් තම රංගන හැකියාව විදහා දැක්වූ රංගන ශිල්පියෙක්. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ එස්.කේ. සිරිසේනගේ චරිතය සහ ඇන්ඩ් කම්පැනි වැඩසටහනේ පරාක්‍රමගේ චරිතය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔහු සො¾දුරු කලාකරුවෙක්. අද හදගැස්ම හා එක්වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී උපතිස්ස බාලසූරිය.
මේ දවස් ගෙවී යන්නේ කොහොමද?
මේ දවස්වල විකාශය වන ටෙලිනාට්‍ය හතරකට මම රංගනයෙන් දායකත්වය සපයනවා. හිරු නාළිකාව ඔස්සේ තවත් නිර්මාණයක් විකාශය වීමටත් නියමිතයි. බයිස්කෝප්, සර්කස්කාරයෝ, සී යූ සහ කියා දෙන්න ආදරේ තරම් කියන ටෙලි නාට්‍යවලට මම දායකත්වය සපයනවා.
අපි බයිස්කෝප් ගැන කතා කරමු?
බයිස්කෝප් ටෙලිනාට්‍යයේ මම පණ පොවන්නේ අධ්‍යක්‍ෂවරයෙක්ගේ චරිතයකට. ගිහාන් ෆර්නැන්ඩු, සජිත ඇන්තනී, සංගීත් ප්‍රභූ, දිනිති වල්ගම වගේ නළු නිළියන් රැසක් මෙම ටෙලිනාට්‍යයේ සිටිනවා. ඇත්තටම ශිවගුරුනාදන් කියන්නේ හොඳ දක්ෂ අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු ශිල්පීන්ට තමන්ගේ හැකියාවන් ඉදිරියට ගෙනයන්න බොහෝ සේ උපකාර කරන අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු නවකයන්ට ප්‍රවීණයන්ටත් බොහෝ අවස්ථාවන් උදාකර දෙන අධ්‍යක්‍ෂවරයෙක්.
ඇන්ඩ් කම්පැනි එකේ පරාක්‍රමගේ චරිතය
ගැන කතා කරනවා නම්?
අපි එහෙම ඇන්ඩ් කම්පැනි එකට විවිධ දේශපාලකයන්ගේ චරිතවලට රඟපෑවා කියලා කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. එදිනෙදා සිදුවීම් ඇසුරින් තමයි මේක නිර්මාණය වුණේ. මේ වැඩේට එක් වුණු පිරිස ඒ වැඩේ හරියටම කළා. අපි මේ චරිත රඟදක්වන්න යම් යම් ප්‍රසංගවලට පවා ගියා. සමහර වෙලාවට මිනිස්සු අපි ඇත්තම අය කියලා රැවටුණු අවස්ථා පවා තිබුණා. එහෙම වැරැදිලා සැලියුට් ගහපු අවස්ථා පවා තිබුණා. අපි ඒ චරිත රියල් විධියටම කළා. අපිට දේශපාලන බලපෑමක්වත් වාරණයක්වත් ආවේ නැහැ.
ඔබ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පණ
පෙවූ එස්.කේ. සිරිසේනගේ චරිතයත් බොහෝ
සේ කතාබහට ලක්වුණා?
මේ චරිතය තුළින් කතා කරන දේශපාලනික අදහස් ඔක්කොම සද්ධා මංගල සූරියබණ්ඩාර මහතාගේ පිටපත අනුව තමයි නිර්මාණය වුණේ. නමුත් මගේ ඇඟේ දේශපාලනය ගැන තිබෙන දැනුම මේකට ලොකු රුකුලක් වුණා. මේ දේවල් ගැන අවබෝධයක් නැතිව දෙබසක්වත් කියන්න බැහැ. ටෙලි නාට්‍ය දෙබස් කියද්දී ඇඟට අරගෙන කියද්දී තමයි ඒ රංගනය හරියටම එන්නේ. දේශපාලනය ගැන කතා කරන චරිතයක් නම් ඇමැතිවරු ගැන, දේශපාලනය ගැන, ආර්ථික වාතාවරණය, රටතොටේ මොකක්ද වෙන්නෙ කියලා හොඳින් දැනගෙන ඉන්න ඕන. නිර්මාණයක් සාර්ථක වෙන්නෙ එහෙමයි. නාඩගම්කාරයෝ කියන්නේ ඉතා විශිෂ්ට නිර්මාණයක්. ඒක ගැඹුරු සහ බරපතළ කතාවක්. ඒ නිසාම සෑම චරිතයක් ගැනම කතාබහ වෙන්න ගත්තා.
දශක ගණනාවක් මේ ක්‍ෂේත්‍රයේ සිටි
කලාකරුවෙක් ලෙස සමාජ මාධ්‍ය මේ
ක්‍ෂේත්‍රයට කරන බලපෑම ඔබ දකින්නේ
කෙසේද?
අද යූ-ටියුබ් වැනි දේවල් හරහා මිලියන ගණනක් මිනිස්සු ටෙලි නාට්‍ය බලනවා. නමුත් රූපවාහිනිය කියන්නේ මිනිස්සුන්ට සමීප දෙයක්. මානසික පීඩනය අඩු වන්නේ මේ හරහා. යූ-ටියුබ් ඇවිල්ලා වැඩි කාලයක් නැහැ. අද චැනල්වලින් පවා යූ-ටියුබ්වලින් නිර්මාණ බෙදා හරින්න පෙලඹිලා. ඒවා ඉතින් වළක්වන්න බැහැ. දැන් යූ-ටියුබ් හරහා තමයි හැමදේම තීරණය වන්නේ. හැබැයි යූ-ටියුබ්වලින් නිර්මාණ නරඹන්නේ එක්තරා කොටසක් විතරයි. යූ-ටියුබ්වලින් හැමදේම තීරණය කරන්න බැහැ.
වේදිකාවේ මතකයට ගමන් කරමු?
මම පාසල් යන කාලයේ ඉඳන්ම වේදිකා නාට්‍ය කරපු කෙනෙක්. දැන් මම ප්‍රසිද්ධ වේදිකාවට ඇවිල්ලා අවුරුදු හතළිහක් විතර වෙනවා. මම ජයන්ත චන්ද්‍රසිරිගේ අත්, මෝරා කියන වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වුණා. මෑතකාලීනව වේදිකාව තුළ නව ප්‍රබෝධයක් ඇති වෙලා. වේදිකාව කියන්නේ හරි සජීවී දෙයක්. ඒක විඳින කෙනෙක්ට ඇඟට දැනෙන කලා මාධ්‍යයක්. ඒ තුළ තිබෙන සැබෑ බව නිසා සිනමාවට, ටෙලි නාට්‍යයට වඩා වේදිකා නාට්‍ය ප්‍රබල වනවා.
නව පරපුර පිළිබඳ ඔබේ අදහස?
සමහරු එක රැයින් ජනප්‍රිය වෙනවා. ඒවා ඉතින් වළක්වන්න බැහැ. ඔවුන්ට මේ දේවල් මොන විධියට ඔරොත්තු දෙනවද, ඔවුන් මේ දේවල් මොන විධියට ග්‍රහණය කරගන්නවාද කියන එක තමයි ප්‍රශ්නය. මේ දේවල් අවබෝධයකින් කළොත් ඔවුන් පවතියි. නැත්නම් මාන්නයක් හදාගත්තොත් පැවැත්මක් නැතිවෙයි. අපි මේ දේවල් ලබා ගත්තේ විශාල කැපකිරීමක් කරලා. අද අපි දකිනවා කට්ටිය හිට් වෙනවා. ඒ අය අවබෝධ කරගන්න ඕන මේක වුණේ කොහොමද කියලා. ඔවුන් හරි දෙයකට මේ දේවල් භාවිත කරනවා නම් හරි.
ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු
මම රංගනයෙන් දායකත්වය සැපයූ ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වීමට නියමිතයි. රූපවාහිනි මාධ්‍ය තුළ තමයි ඉතින් රඟන්නේ. අපි ඉතින් මිනිස්සු පිනවන්න තමයි මේ කර්කශ දේවල් කරන්නේ. හැබැයි ඉතින් මේවා විකාශය වෙනවා දකිද්දී හරිම සතුටුයි.
ගිහාන් සචින්ත
.png)
.png)
