මේ දිනවල ටී.වී දෙරණ නාළිකාවේ විකාශය වන ‘ශක්ති’ ටෙලි නාට්‍යයේ රන්මලීගේ චරිතයෙන් ඔබේ ආලින්දයට එන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි විනූ පෙරේරා කියන්නෙ. කටකතා හා විවිධ උපක්‍රමවලින් ඇයව කලාවෙන් ඉවත්කරන්න යම් පිරිසක් උත්සාහ කරනවා යැයි කියන රාවයක් මේ දිනවල ක්ෂේත්‍රයේ පැතිරිලා තියනවා. ඉතින් ඒ ගැන වගේම විනූගේ අලුත්ම තොරතුරු දැනගන්න අපි ඇයත් එක්ක කතා කළා.
මේ දවස්වල ‘ශක්ති’ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල ශක්ති ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යනවා. මම රඟපාන රන්මලීගේ චරිතය ටිකක් චපල ගතිපැවතුම් තියන නිසා ප්‍රේක්ෂකයන්ගෙන් නම් බැණුම් තමයි මම වැඩිපුර අහන්නෙ.
වෘත්තියෙන් හෙදියක් වුණු ඔබ කොහොමද කලාවට එන්නෙ?
පුංචි කාලෙ ඉඳලා මම කලාවට ආස කෙනෙක්. ඉතින් වෘත්තියෙන් මම හෙදියක් වුණත් රඟපාන්න තියන ආසාව නිසා ටී.වී. දෙරණ අවුරුදු කුමාරි තරගයට සහභාගි වුණා. එයින් ලැබුණ ජයග්‍රහණයෙන් පසුව කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබුණා.
වසර ගණනාවක් තිස්සේ මම හෙදියක් විදිහට ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක සේවය කළා. නමුත් ශක්ති ටෙලි නාට්‍යයේ රඟපෑමට අවස්ථාව හිමිවීමත් සමග කාලය කළමනාකාරණය කරගැනීමට මට අපහසු වුණා. ඒ නිසා මම හෙද රැකියාවට සමුදීලා රංගන ශිල්පිනියක් විදිහට මගේ ගමන යන්න තීරණය කළා. පූර්ණ කාලීන රංගන ශිල්පිනියක් වීමේ අරමුණින් තමයි මම හෙද රැකියාව අතහැරලා රංගනය තෝරගත්තෙ. නමුත් ක්ෂේත්‍රයෙන් මට සිදුවන කැපිලි නිසා ඉදිරියේදි කලාවේ ඉන්න පුළුවන් වෙයිද කියන එක නම් සැකයි.
ප්‍රවීණයන්ගෙන්ද ඔබට කැපිලි සිද්ධ වෙන්නෙ?
ප්‍රවීණයෝ කියන්නෙ නවක අපිට හැමවෙලේම සහයෝගය දෙන පිරිසක්. ඔවුන්ගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. මාත් එක්කම ක්ෂේත්‍රයට ආපු සමකාලීනයෝ තමයි ප්‍රශ්න ගොඩක් මට ඇති කළේ. ඒ අය අධ්‍යක්ෂවරුන්ට කේලම් කියලා මට ලැබෙන්න තිබුණු අවස්ථා නැති කළා. සමහරු මගේ චරිතය ගැන කටකතා පවා හදලා මාව ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න උත්සාහ කළා.
ඔබව ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න උත්සාහ කරන අයට කියන්න තියෙන්නෙ මොනවාද?
ඒ අය ගැන මට තියෙන්නෙ තරහකට වඩා දුකක්. තව කෙනෙක් ඉදිරියට යනවා බලන් ඉන්න බැරි ඊර්ෂ්‍යාව අත්ඇරගන්න කියලා තමයි මම එයාලට කියන්නෙ. මගේ හැකියාව කාටවත් උදුරගන්න බැහැ කියලා මම දන්නවා.
මට නර්තනය පැත්තෙනුත් හැකියාව තියන නිසා රංගනයෙන් බැරි වුණොත් නර්තනයෙන් හරි කලා ක්ෂේත්‍රයේ ඉදිරියට මම යනවා. ඒ නිසා මගේ අනාගතය කඩාකප්පල් කරන්න හදන උත්සාහය වැඩක් වෙන්නෙ නැහැ කියලා තමයි මට එයාලට කියන්න තියෙන්නෙ.
රසිකයො අතර ඔබ සරාගී රංගන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය වෙලා තියෙන්නෙ ඇයි?
මේ වෙද්දි මම කිසිම සරාගී හෝ සිප වැලඳගැනීමේ රංගනයක් කරලා නැහැ. නමුත් රසිකයෝ ගොඩක් දෙනෙක් මාව හඳුන්වන්නෙ සරාගී රංගන ශිල්පිනියක් කියලා. මම හිතන්නෙ මට ලස්සන පිරිපුන් සිරුරක් තිබීම නිසයි රසිකයෝ මට සරාගී කියලා කියන්නෙ. සරාගීකම කියන්නෙ ගැනු ළමයෙක්ට කලාතුරකින් හිමිවෙන වටිනා ආභරණයක්. ඉතින් ඒ විදිහෙ සරාගීකමක් මට තිබීම ගැන මම ඇත්තටම සතුටු වෙනවා.
වීනූ සරාගී විදිහට සිරුර හදාගත්තෙ කොහොමද?
ජිම් ගිහින් ව්‍යායාම කරලා ගොඩක් මහන්සිවෙලා තමයි මේ විදිහට මම සිරුර හදාගත්තෙ. සරාගී විදිහට සිරුර හදගන්නවා කියන අරමුණින් මම ව්‍යායාම කළේ නැහැ. නමුත් අවසානයේදි පිරිපුන් විදිහට මගේ සිරුර හැදුණා. අනිත් අය මගේ සිරුර දකින්නෙ සරාගී විදිහට නම් මම පිළිගන්නවා ව්‍යායාමවලින් මගේ ඇඟ සරාගී වෙලා කියලා.
සැබෑ ජීවිතයේදි ඔබ මොන වගේ කෙනෙක්ද?
මම සැබෑ ජීවිතයේදි ටිකක් නපුරු කෙනෙක්. හැබැයි අවස්ථාව අනුව සංවේදීවෙන වෙලාවලුත් තියනවා.
ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
ශක්ති ටෙලි නාට්‍යයට අමතරව සිනමාපටයක් සඳහාත් මට ආරාධනා ලැබිලා තියනවා. ඉදිරියේදි මේ නිර්මාණ හරහා රසිකයන්ට මාව දැකබලා ගන්න පුළුවන්.



