ආත්මීය සහකරුවා ලැබුණා කියන්නේ ආදරය සුන්දරයි - සුධීක්ෂා සමාධි



කැරලි කොන්ඩයකින් ප්‍රේක්ෂකයාව වසගයට පත් කරගත් ඇය නවක රංගන ශිල්පිනී සුධීක්ෂා සමාධි කියන්නේ. ඇය පුංචි තිරයේ එකිනෙකට වෙනස් හා විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයා අතරට එනවා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘මීනු’ ටෙලිනාට්‍යයේ ඇය රංගනයෙන් දායක වෙලා තිබුණා. ඒ වගේම මේ දිනවලනම් සුධීක්ෂාව පුංචි තිරය හරහා ප්‍රේම වන්තියක් විදියට දැක ගන්න පුලුවන්.

ඒ හිරු නාලිකාවේ විකාශය වෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ රෙහානා විදියටයි. ඉතින් සුධීක්ෂා ආදරය නිසා යම් වේදනාවකට පත් වුණු කෙනෙක්. ඇය ආදරය ගැන දැඩි කෙස කලකිරීමෙන් තමයි පසු වෙන්නේ. ඇය කියන විදියට දෙමාපියන්ගෙන් තමයි හරිම ආදරය ලැබෙන්නෙ කියලා.

ඉතින් සුධීක්ෂා සහභාගි වුණු එක්තරා රූපවාහිනි වැඩ සටහනකදී ආදරය ගැන ඇය දකින විදිය කියලා තිබුණේ මේ විදියටයි.

” ආදරය කියන්නේ හරිම ලස්සන මාතෘකාවක්. ඉතින් ආදරය ලස්සනට විදින්න පුලුවන් හරිම කෙනා ලැබුණු දාට. ආත්මීය සහකරුවා ලැබුණා කියන්නේ ආදරය සුන්දරයි. අපිට ගැලපෙනම කෙනා හදුනගන්නේ අපි දෙයක් කියන්න කලින් අපිව හොදින්ම තේරුම් ගන්න කෙනෙක්. ඉතින් එයා අම්මා වගේ. අපි බඩගින්නෙ ඉන්න වෙලාවට බත් එක බෙදන් ගෙනත් දෙන්නෙ අම්මට අපිව තේරෙන නිසානේ.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී සුධීක්ෂා සමාධි අදහස් දක්වලා තිබුණෙ




Previous Post Next Post