ඉතින් කාලෙන් කාලෙට විවිධ චරිත මෙයින් ඉවත්වෙලා ගියත් කතාවේ මුල සිට අවසානය දක්වනා හිටපු කෙනෙක් තමයි රවීන් කියන්නේ. පාසල් යනකාලේ සංගීතය කිසි ලෙසකින් නොකල රවීන් අවසානයේ ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙනවා. ඉතින් පවුල් පසුබිම ගත්තම හොද අධ්‍යාපනික පසුබිමක් තියෙන රවීන්ගේ ගෙදර අම්මලාගෙන් තාත්තලාගෙන් ඔහුගේ අධ්‍යාපනයට ලැබුණු උනන්දුව ගැන ඔහු මේ විදියටයි එක්තරා රූපවාහිනි මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ.
” අපේ අම්මගෙ පවුල හොද ඉගෙන ගත්තු සමාජයේ හොද රැකියා කල පවුලක්. අපේ අම්මා වාණිජ විෂය ගුරුවරියක්, අපේ තාත්තා ග්‍රාමනිලධාරි කෙනෙක්. අපේ අම්මගේ පවුලේ ඩොක්ටර්ස්ලා, බැංකු නිලධාරි වගේ හොදම රැකියාකල අය හිටියේ. මම ඕලෙවල් වලට ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම උසස් පෙළට කලේ ජීව විද්‍යා අංශයෙන්. මම ඉගෙන ගත්තට මොකුත්ම බෑ මට ඒ දේවල්. ඊට පස්සේ අම්මටම තේරිලා අවුරුද්දක් විතර යනකොට හරියන්නෙ නෑ හිතලා මාව කොමස් කරන්න යොමු කලා. මම කොමස් කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ. ඒ කොහොම වුණත් මම හොදට විභාගෙ පාස් වුණා.”
ඉතින් මේ විදියටයි රවීන් කනිෂ්ක ජනප්‍රිය ගායන ශිල්පියා ඔහුගේ අදහස් දක්වලා තිබුණේ.
.jpg)


