අම්මා කියන්නේ බදින්න එපා ළමයි හදන්නත් එපා කියලා - අංජලී රාජකුමාර්




ප්‍රසංග වේදිකාව තුළ රසිකයන් ඉල්ලන ප්‍රාසාංගිකත්වය උපරිමයෙන්ම හෙබි ගායිකාවක් තමයි කේ.සුජීවා කියන්නේ . ඉතින් ඉගි මරන තරු රෑන ගීතය තුලින් රසික ආදරය දිනා ගත්ත ඒ ජනප්‍රිය ගායිකාවට එදා ලැබුණු ප්‍රතිචාරය අදටත් ඒ විදියටම නොඅඩුව ලැබෙනවා. ඉතින් ඇය මේ වනවිට දියණියන් දෙදෙනා සමගින් සතුටින් තමයි කාලය ගත කරන්නේ. කේ.සුජීවාගේ ලොකු දුව අංජලී රාජකුමාර් සහ පොඩි දුව රෝස් කියන්නෙත් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින්ම ජනප්‍රිය දෙදෙනෙක්. ඉතින් අම්මා කේ. සුජීවා කියලා අංජලී පාසල් යන කාලේ යාලුවන්ගෙන් ඇයට ලැබුණු අත්දැකීම් ගැන ඇය යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

"අපේ අම්මා කේ.සුජීවා කියලා යාලුවො දැන ගත්තම මට යාලුවෝ ශීට් එක දෙනවා. අපේ අම්ම ඉස්සර ඉස්කෝලෙට එනකොට ඉස්කෝලේ ළමයි හරි සතුටින් චියර් එක දෙනවා. අපේ අම්මා මට බදින්න කියන්නෙ නෑ. අම්මා කියන්නේ බදින්න එපා ළමයි හදන්නත් එපා කියලා. ඉතින් අම්මා දැක්කම මටත් හිතෙනවා පාඩුවේ ඉන්න ඕන කියලයි. ගොඩක් ගෑණු ළමයින්ට හීනයක් තියෙනවනේ. ඒත් මට පොඩි කාලේ ඉදලා තව වෙනකම් කිසිම හීනයක් තියා පොඩ්ඩක්වත් හිතිලා නෑ. මට බදින්න ආසාවක් නෑ. මොකද බදින කෙනා හරිම කෙනා කියලා දැන ගන්න බෑනේ. බැදලා ඉවර වෙලා හරි කෙනා නෙමෙයි කියලා දැනුනොත් මම මොකද කරන්නේ. ඊට වඩා හොදයි කියලා හිතෙනවා බදින්නැතුව ඉන්න කියලා.





Previous Post Next Post