කොහොමද ජීවිතය?
සාලින්ද මහතාගේ හාර්ට් කාඩ්' ටෙලිනාට්‍යයෙත්, සුනිල් ටී. ප්‍රනාන්දු මහතා නිෂ්පාදනය කරන, සුනිල් ප්‍රේමරත්න මහතා අධ්‍යක්ෂණය කරන අලුත් ෆිල්ම් එකක රූගත කිරීම් ආරම්භ කළා. ඒ අතරම යූටියුබ් නාළිකාවක් වෙනුවෙන් මිහිර සිරිතිලක අයියගේ අලුත් ටෙලි නාට්‍යයකත් වැඩ කරනවා. ඒ අතර මා සම්බන්ධ වූ නිහඬ සෙවණැලි" චිත්‍රපටය දැන් තිරගත වෙනවා.
“නිහඬ සෙවණැලි' චිත්‍රපටය ගැන මුලින්ම කතා කරමු?
බොහෝ වෙලාවට ලංකාව තුළ සම්භාව්‍ය සහ හාස්‍ය රසය මතුවන
තේමාවන් රැගත් චිත්‍රපට නිතර බිහි වුණත්, Horror movies හැදෙනවා ගොඩක් අඩුයි. ඉතින් එවැනි තේමාවක් යටතේ නිපදවූ හොඳ චිත්‍රපටයක් විධියට "නිහඬ සෙවණැලි“ හඳුන්වන්න පුළුවන්. මේ වන විට චිත්‍රපටය මිනිස්සු ආදරයෙන් වැලඳගෙන තිබෙනවා. ගොඩක් වෙලාවට Horror movies බලන්න අපේ ප්‍රේක්ෂකයන් තුළ දැඩි කැමැත්ත තිබෙනවා. ඒ නිසාම විදේශීය Horror movies නරඹන්නත් ලංකාවේ බහුතරයක් දෙනා පෙලැඹිලා තිබෙනවා. ඒ තත්වය වෙනස් කරන්නට ‘නිහඬ සෙවණැලි" චිත්‍රපටයට හැකිවුණා කියා හිතනවා.
ඒ තුළ ඔබ ලබාගත් අත්දැකීම් ගැන කීවොත්?
මම මෙතෙක් කරලා තිබෙන චරිතත් සමහ බැලුවම “නිහඬ සෙවණැලි" වගේ චිත්‍රපටයක චරිතයක් ලැබුණු එක සම්බන්ධව පෞද්ගලිකව සතුටු
වෙනවා. මොකද නිර්මාණයේ මැදදි මට හොල්මනක් බවට පත් වෙන්නත් සිදු වෙනවා. එහිදී මගෙ බාහිර පෙනුම පවා වෙනස් වෙනවා. රංගන තුළදී, එවැනි අවස්ථාවක් ලැබෙනවා හරි අඩුයි. මුහුණ විකෘති වෙනවා වගේ දේවල් සිදු වූ නිසා ඇතැම් රංගන ශිල්පීන් තුළ එවැනි දේවල් කරන්නට වැඩි කැමැත්තක් නැහැ. නමුත් මේ නිර්මාණය තුළදී අපි සමග වැඩ කරපු සියලුම පිරිස ඒ දේවලට මුල සිටම දැඩි කැපවීමකින් කැමැත්තකින් සම්බන්ධ වුණා. නිහඬ සෙවණැලි කියන්නේ, මා දැනට දායක වුණු චිත්‍රපට අතරින් මා බොහොම ආසාවෙන්ම සිදුකළ නිර්මාණයක්.
චිත්‍රපටය නරඹපු රසිකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මේ සිනමා පටය තුළ ත්‍රාසය - භීතිය - කුතුහලය උපරිමයෙන්ම තිබුණා කියා නරඹපු බොහෝ ප්‍රේක්ෂකයෝ කිව්වා. “බය සිතෙන ආකාරයේ මේර්ක්-අප් එකක් දාගෙනම ගසක් උඩ ඉඳන් එක් වරම හැරෙනමගේ දර්ශනයක් තිබුණා. ඒ මොහොතෙත් පාළු ප්‍රදේශයක අවට තිබුණු පරිසරය සහ භාවිත කළ මේක්-අප් එකත් සමහ කැමරා කාචයෙන් මා දකින විට ඇත්තටම බය හිතෙනවා. මෙහි රූගත කිරීම් බොහොමයක් සිදු කළෙත් පාළු බංගලාවකදී. ඉතින් රූපවාහිනි තිරය තුළින් රසිකයන්ට ඔය කියන අත්දැකීම ගන්න අපහසුයි. නියම භයංකාර රසය ලබා ගන්න නම් චිත්‍රපට
හෝල් එකකට ගොස් නැරඹිය යුතුයි. ඉතින් පුළුල් තිරය, ශබ්ද, විශාල රූප දර්ශන සහ යකෙක් වීමට පෙර සිටිය විධිය සහ යකෙක් වූවාට පසුව දකින්න ලැබෙන රූපයත් සමග නිසා ඇත්තටම බය හිතෙනවා කියලා බොහෝදෙනෙක් මට කිව්වා.
හොල්මනකගේ චරිතයකට පණ පෙවීම අභියෝගයක් වුණේ නැද්ද?
මේ චිත්‍රපටයේ අපව මේක්-අප් කළේ ප්‍රියන්ත දිසානායක මහතා. ඔහු එම මේක්-අප් එක යෙදු පසු හරිම අපහසුවක් දැනෙනවා. ඒ වගේ ධෛදබචජබ තඥදඥඵ භාවිත කළ පසුත් බොඳ වූ ස්භාවයකින් යුතුව සාමාන්‍යයෙන් පෙනෙන ප්‍රමාණයටත් වඩා තරමක් අඩුවෙන් තමයි පෙනෙන්නේ. රූගත කිරීම් සියල්ල සිදු කළේ පාන්දර 1.00ට -2.00ට මහ කැලෑවක් මැද. ඒ සියලු අභියෝග සමගයි චරිතය නිරූපණය කළේ. එය ලොකු අභියෝගයක්. අපි සියලුදෙනාම එම අභියෝගය ඉතාම සාර්ථකව ජයගත්තා කියා සිතනවා. Team Work එකක් විදියට වැඩ කළ නිසයි මෙතරම් සාර්ථකව වුණේ.
රංගනයෙන් ඔබ්බට ගොස් ක්‍රියාදාම රංගනය යෙදීම පහසු කාර්යයක්ද?
‘නිහඬ සෙවණැලි' චිත්‍රපටය තුළ සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂවරයා ඇතුළු මුළු කාර්ය මණ්ඩලයෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. මෙහිදී කේම්බල් තාක්ෂණය උපයෝගි කරගෙන කරන දර්ශන තිබුණා. වසන්ත කුමාරවිල අයියා තමයි ඒ දේවල්වලට උදවු කළේ. එවැනි දේ කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. නමුත් සියල්ලන්ගෙන්ම ඉතාම හොඳ දිරිගැන්වීමක් ලැබුණා. රංගනයට දායක වුණු රොෂාන්, පුබුදු, මාෂි, තාරුකා ඇතුළු සියලුදෙනාමත් සහෝදරත්වයෙන් යුතුව කටයුතු කළා.
අභියෝගාත්මක මොහොතකදී බිහිවන නිර්මාණ තුළ තමාගේ වටිනාකමට සරිලන සාධාරණ මුදලක් ලබා ගත හැකිද?
නිර්මාණයක බජට් එක නිෂ්පාදකවරයාගෙන් නිෂ්පාදකවරයාට වෙනස් විය හැකියි. එමෙන්ම තමාගේ පෞද්ගලික තීන්දු තීරණ මතත් එය වෙනස් වෙනවා. තම වටිනාකමට සරිලන නිර්මාණයක් ලැබෙන තෙක් රැඳෙමින් තෝරා බේරා ගැනීමත් සමඟ රංගනය කරන පිරිසකුත් සිටිනවා. මේ කාලය කොහොමත් ගොඩක් වැඩ අඩු කාලයක්. එතැනදි ලැබෙන නිර්මාණයන් භාර ගත යුතුයි කියන තැන සිටින පිරිසකුත්, නිර්මාණයන්ට ආදරය කරමින් ඒ අනුව යම් සාධාරණ මුදලක් ලබාගනිමින් රංගනයට දායක වන පිරිසක් සිටිනවා. වෘත්තීයමය රංගන ශිල්පියෙක් වූ පසු නිරන්තරයෙන් කලාවේ නියැළිය යුතුයි. නැතිනම් පැවැත්මක් නැහැ. ඔය කියන කාරණා මත තමයි සියලු දේ රදා පවතින්නේ .
වර්තමානය වන විට සිනමා කර්මාන්තය යම් පසුබෑමකට ලක් වෙලා නේද?
ඔව්. මේ මොහොතේ අපේ සිනමා කර්මාන්තය සෑම අතින්ම පසුබෑමකට ලක් වෙලා. එතැනදී ෆිල්ම් එකක් රිලීස් කරනවා කියන එකම ලොකු අභියෝගයක්. නිහඩ සෙවණැලි කියන්නේත් දෙවතාවක්ම රිලීස් කරගන්නට නොහැකිවූ චිත්‍රපටයක්. මෙහි නිෂ්පාදනය ජනක රංචාගොඩ මහතාගේ. මේ අවස්ථාවේ නිෂ්පාදකවරයකු වශයෙන් ලොකු අවදානමක් අරගෙනයි තුන්වැනි වතාවට චිත්‍රපටය එළිදැක්වූයේ. ඇත්තටම මුදල් පමණක්ම බලාපොරොත්තුවෙන් වැඩ කරනවා නම් ඇත්තටම මේ කර්මාන්තය තුළ නිර්මාණ බිහි වීමේ අඩුවක් ඇති වන්න පුළුවන්.
රංගන නම් වූ පුළුල් විෂය පථය තුළ ඔබ යාවත්කාලීන වන්නේ කොයි ආකාරයටද?
ඒ සඳහා මා අනුගමනය කරන ක්‍රමයක් තිබෙනවා. ඇත්තටම කලාව තුළ අප යාවත්කාලීන විය යුත්තේ අපට යම් චරිතයක් ලැබුණු පසු පමණද? උදාහරණයක් ලෙස “අන්ධ චරිතයක” තිරපිටපත අතට ලැබුණු පසු එම චරිතයේ ගති ස්වභාවයන් පිළිබඳව සොයා බැලීම සාර්ථක නැහැ. එම චරිතයට නිවැරදි සාධාරණයක් ඉටු කිරීමට නම් යම් කාලයක් ගෙන ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් කළ යුතුයි. “යම් දිනෙක මට මෙවැනි චරිතයක් ලැබුණහොත් මා ක්‍රියා කළ යුත්තේ මෙවැනි ආකාරයටයි” යනුවෙන් පෙර සූදානමක්, ගවේෂණාත්මක බවක් පූර්ණ දැනුවත්භාවය ඇතිව අදා බැලීම් කළ හැකි නම් වටිනවා. ඊට උපයෝගි කරගත හැකි මෙරට සහ විදේශයන් තුළ සම්මානයට පාත්‍ර වුණු උසස් ගණයේ සිනමා සහ වේදිකා නිර්මාණ සහ ප්‍රවීණ රංගධරයන් පවා ඕනෑ තරම් සිටිනවා. යාවත්කාලීන වෙනවා යනුවෙන් මා දකින්නේ එයයි.
ඉදිරියට නිර්මාණ මොනවද?
‘ලොක් ඩවුන්' චිත්‍රපටය, හාට් කාඩ්’ ටෙලි නාට්‍යය සහ ‘සිප්පි කටු' නමින් තව අලුත් නාට්‍යයක් එන්න තිබෙනවා. මිහිර සිරිතිලක අයියාගේ “සඳගොමුව" නාට්‍යය යූටියුබ් නාළිකාවක විකාශනය වෙනවා. තව මම සහ මගේ මිත්‍ර සාලින්ද එකතු වී හාස්‍යමය පැත්තට බර Komitel Creations (කොමි ටෙල්) නමින් YouTube Channel එකක් කරගෙන යනවා.
දිනුෂා මනෝරි නිශ්ශංක