එයාට වෙනස්ම නමක් දාන්න මට ඕනෑ වුණා - ධනංජය සිරිවර්ධන

Tuesday, July 06, 2021 , 0 Comments




ධනංජය සිරිවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්.. ඉතිං දැන් ඔහු පුංචි දුවෙකුගේ ආදරණීය පියෙක්... ඉතිං මේ දවස් වල ඔහුගේ අලුත්ම විස්තර ගැන මෙලෙස පුවත්පතකට පවසා තිබුනා..


 ධනංජය... පසුගිය කාෙල් ටිකක් විෙව්කයක් ලැබුනාෙණ් ඒ දවස්වල මොනවද කරන්නේ?

ඒ දවස්වල ගෙදරටම වෙලා හිටියා. කොවිඩ් වසංගතයත් එක්ක මමම හිතලා පොඩි නිවාඩුවක් ගත්තා. රූගත කිරීම්වලදීත් මම නිවාඩුවක් ගත්තා. පවතින තත්ත්වයත් එක්ක ගෙදරටම වෙලා ඉන්න එක තමයි හොඳ වුෙන්. ඒ නිසා මම ගෙදර ඉන්න තීරණය කළා.


රෑගත කිරීම්වලට අමතරව ධනංජය Chat and music වැඩසටහනෙත් නිවේදකයෙක් විදිහට සම්බන්ධව හිටියා. ඒ දිනවල ඒකටත් නිවාඩුවක් දුන්නා?

ඔව්... Chat and music එකේදිත් අපි අපේ සභාපතිතුමා එක්ක සාකච්ඡා කරලා රටේ තිබෙන තත්ත්වයත් එක්ක ඒ අවදානම ගන්න බැරි නිසා ටික කාලයකට අපි ඒක නතර කළා. ඒක රජයට සම්බන්ධ නාලිකාවක්. අනිත් අයවත් අවදානමකට පත් කරන්න අපිට බැහැ. අපේ අතින් ඒ වැරුද්ද නොවිය යුතු නිසා අපි සභාපතිතුමාත් එක්ක කතා කරලා මාසයක කාලයක කෙටි නිවාඩුවක් ගත්තා. 


ධනංජය වැඩිපුරම කැමති නිවේදකයාටද.. රංගන ශිල්පියාටද?

මම &මම* විදිහට ඉන්නේ නිවේදකයා තුළිනුයි. රංගනය තුළදී මා තුළ ඉන්නේ වෙන කෙනෙකුගේ ජීවිතයක්. ඒ නිසා ඒක කාරණා දෙකක් වෙනවා. හැබැයි ඒ දෙන්නාගෙන් මා නොවන කෙනා වෙන රංගන ශිල්පියාට මම කැමතියි.


ධනංජය... කලාකරුවෙක් වීම පුංචි කාලේ දැකපු හීනයක්ද?

එහෙම නැහැ. මම ළමා කාලයේදිත් කලාකරුවෙක් වෙන හීනය දැකපු කෙනෙක් නෙමෙයි. මම වෙළෙඳ ප්‍රචාරණ අංශයෙන් විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක්. නමුත් පළමු නාට්‍යයෙන්ම සම්මානයක් ලැබුණු නිසා එතැනින් පසුව ඊට වඩා දෙයක් මට කරන්න පුළුවන් කියලා ආසාවක් ඇතිවුණා.



ධනංජය රූගත කළ මුල්ම නාට්‍ය වුණේ අශෝක හඳගමගේ නිර්මාණය කළ මේ පාරෙන් එන්න නාට්‍යයයි. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?

මගේ තාත්තාගේ නිර්මාණයක් වුණු නේත්‍රාංජලී ටෙලිනාට්‍යයේ ඉතා කුඩා චරිතයක් මම රඟපෑවා. ඒකෙන් පසුව මට රංගනය ඉගෙන ගන්න ලොකු ආසාවක් ඇතිවුණා. මම අනෝජා අක්කා (අනෝජා වීරසිංහ), මහේන්ද්‍ර අයියා (මහේන්ද්‍ර පෙරේරා) වැනි අය හොයාගෙන ගිහින් ඔවුන්ගෙන් ඉගෙන ගත්තා. ඔය අතරේ මම වේදිකා නාට්‍ය කළා. වේදිකා නාට්‍යයේදි භානු ප්‍රසන්න කියන මගේ යාළුවෙක් හඳයා.. අලුත් ටෙලිනාට්‍යයක් කරනවා. ඒකට කට්ටියව තෝරාගන්නවා. ගිහින් බලමු කියලා කිව්වා. සීයකට අධික පිරිසක් ඒකට ඇවිත් හිටියා. මමත් ගියා. මොකක්දෝ හේතුවක අශෝක හඳගම මාව ඒකට තෝරාගත්තා. මට හිතෙන විදිහට මේ තාක් දුර එන්න මුල්ම පියවර වුණේ ඒ හඳයාගේ මේ පාරෙන් එන්න ටෙලිනාට්‍යයයි.


බිරිඳ එක්ක, අලුත් දෝණි එක්ක ගතකරන ජීවිතේ ගැන කිව්වොත්?

හොඳයි. මේ දවස්වල දුවටනම් ‍ගොඩක් හොඳයි. අපි හැමෝම ගෙදර. එයා තාම පොඩියි. ගෙදර හැමෝම ගෙදර ඉන්නවා දකින්න ඒ පුංචි හිත හරි කැමතියි. ලෝකේ මේ වෙලාවේ වෙන්නේ මොනවද කියලා එයා දන්නේ නැහැ. අපි හැමෝටම මේ මොහොතේ ආර්ථික අනිත් හරි පාඩුයි තමයි. මම හිතන්නේ මේ වෙලාවේ තියෙන ලොකුම අභියෝගය ජීවත්වීමයි. අපිට පේනවාට වඩා මේ මොහොතේ ලෝකේ ගොඩක් දරුණුයි. අපි හැමෝටම ආර්ථික වශයෙන් ලොකු ප්‍රශ්න පවතින්න අපිටත් මුදල් අවශ්‍යයි. නමුත්  අපි හැමෝම අනවශ්‍ය ගමන් බිමන් නතර කරලා පුළුවන් තරම් ගෙදරටම සීමා වෙලා පරිස්සම් වෙන්න ඕනේ.



මව්රාට නම තිබ්බෙත් ධනංජයමයි නේද? 

එයාගේ නම මව්රා ෂයිරී සිරිවර්ධන. දූගේ නම මමමයි තිබිබේ. ඒක කවදාවත් අහලා තිබුණු නමක් නෙමේ. මට දුවට විශේෂ නමක් දාන්න ඕන වුණා. ඒ නම එයා ඉපදෙන්නත් කලින්ම දලා අපි ගීතයකුත් කළා. නමේ තේරුම මම දන්නේ නැහැ. එයා කවදාහරි දවසක ඒකට තේරුමක් දේවි. දුව එක්ක ගත කරන කාලය හරි අපූරුයි. එයා දවසින් දවස ලොකු වෙනවා. දවසින් දවස එයා අලුතින් දේවල් ඉගෙන ගන්නවා. ජීවිතේ ඉගෙන ගන්නවා. එයා දිහා බලාගෙන මමත් අලුත් දේවල් ඉගෙන ගන්නවා.


ආසාවෙන් හිටියේ දුවෙක්ද..? පුතෙක්ටද..?

අපි දෙන්නටම දුවෙක් ගැන බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරලා දූ අපට එකතු වුණා.


ධනංජය... මොනවද ඊළඟ බලාපොරොත්තු? 

පෞද්ගලික ජීවිතේනම් සාමාන්‍ය පරිදි ගෙවීගෙන යනවා. බිරිඳ Pink room චැනල් එකත් එක්ක පොඩ්ඩක් කාර්යබහුලයි. ඒකත් එයා සාර්ථකව කරගෙන යනවා. පිටපත් ලියනවා. එක පිටපතක් රෑගත කිරීම් කරලා අවසානයි. මේ දවස්වල තවත් පිටපතක් ලියාගෙන යනවා. අවසාන වශයෙන් බොහොම ආදරෙන් මේ ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීයන්ගෙන් වගේම මුළු ලංකාවෙන්ම ඉල්ලා සිටින්නේ පරිස්සම් වෙන්න කියලා තමයි.