උතුම් වෙසක් සමයේ මේ රුදුරු උවදුරෙන් අපේ රට ආරක්ෂා වේවා - විශ්ව කොඩිකාර

Thursday, June 03, 2021 , 0 Comments



යුග යුග සිත් සතන් රංගනයෙන් මුසපත් කරවන තිරයේ ආදරණීයයා විශ්ව කොඩිකාර පුංචි පැටවු තුරුලු කර ගෙන වෙසක් සැමරුව අයුරු ගැන පුවත්පතකට ෙමලසිලන් විස්තර පවසා තිබුනා.


විශ්ව වෙසක් සමරුෙව් කොහොම ද?


වෙන අවුරුදුවල නම් වෙසක්වලට බබාල ව ගමට අරන් ගියා. දළදා වැන්දෙව්වා. තොරණ් බලන්න, කූඩු බලන්න එක්ක ගියා. මේ සැරේ ඒ මොකක්වත් කර ගන්න බෑනෙ. ඒ නිසා මමයි එරන්දියි එකතුවෙලා වෙනදාට වඩා ටිකක් වැඩිපුර වෙසක් සැරසිලි කරා . දරුවො කාලයක්ම ගෙදරට ම ඉන්න නිසා එයාලටත් පුංචි වෙනසක් ඕන නෙ.


අර පුංචි දගකාරයො දෙන්නගෙනුත් උදව් ලැබෙනවා ඇති නේද?


ඔව්. ඔව්. දෙන්න ම හරි චණ්ඩියි. ලබන ජුනි 30වැනි දා ට කාවින්ද්‍යා ගංගාධරී මගේ දඟකාරිට අවුරුදු 6ක් වෙනවා. අගෝස්තු 13වැනි දා ට පුතා ඔනෙත් දනාල් ට අවුරුදු 5 ලබනවා. ඉතිං මේ දවස්වල දවස ගෙවන්නෙ මේ චණ්ඩි දෙන්නත් එක්ක තමයි.


ළඟ ළඟම තවත් උපන්දිනයක් එනවා නේද  සැප්තැම්බර් 14


ආ මගේ උපන්දිනය.


විශ්ව මේ දවස්වල සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම එහෙම කොහොමද?


සෞඛ්‍ය පුරුදු නම් 100%ක් ම අනුගමනය කරනවා. ඇහැට නොපෙනෙන වෛරසයක් ලෝකයක් සිය අණසකට ගත්ත අපූරුව පේනවනෙ. ඒ නිසා හැමදේට ම වඩා අපි අපේ ආරක්ෂාව සලසා ගැනීම වැදගත්. පුංචි පැටවුනුත් ඉන්න නිසා අපි ගොඩාක් පරිස්සම්. අවශ්‍යම අවස්ථාවක් නොවෙන්න අපි කවුරුවත් ගෙදරින් එළියට යන්නෙ නෑ. අපි දෙන්නගෙම ජීවිතය දැන් අපේ පැටවු ඒ නිසා අපි නිතරම එයාලගෙ සෞඛ්‍ය ගැන හිතනවා. ගෙදර හිටියත් වාෂ්ප අල්ලලා. ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ පානය කරල බොහොම පරිස්සමින් තමයි ඉන්නෙ. අපේ පුංචි ම පුංචි නොසැලකිල්ලකින් මහා විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා උතුම් බුද්ධ වචනයට අනුව සෑම මොහොතක ම සිහිය පිහිටුවගෙන සිටීම වැදගත් වෙනවා.


ඒ වගේ ම මේ උතුම් වෙසක් සමයේ මේ රුදුරු උවදුරෙන් අපේ රට ලෝකය ආරක්ෂා වේවා. සෑම රෝගී ජීවිතයක් ම නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරමු කියලා මම යෝජනා කරන්නත් කැමැති යි. මේ වගේ වෙලාවක අපි හැමෝට ම එවන් ආශිර්වාදයක් කළ හැකි නම් ඒක හුගාක් වටිනවා.