දැන් පෙනුම ඉස්සර පෙනුමට වඩා වෙනස් - අයිෂාරා අතුකෝරාල

Monday, June 14, 2021 , 0 Comments




අයිෂාරා අතුකෝරාල විවාහයත් සමග දෝහා කටාර් රාජ්‍යට ගියා. හැබැයි ඇය ඉඳහිට ලංකාවට ඇවිත් ගියා. ඔන්න අයිෂ් හදිසියේම ආයේමත් ලංකාවට ඇවිත්.


අයිෂ් හදිසියේම ලංකාවට ආවේ ඇයි?


හදිසියේම කියන්නේ ආච්චි අම්මා නැතිවුණ හින්දයි ලංකාවට ආවේ. ඉතින් ඒ කටයුතු ඉවර කරලා දැන් ආයෙමත් මේ යන්නයි හදන්නේ.


දවස් කීයකටද ලංකාවට ආවේ?


හදිසියකට ලංකාවට ආපු හින්ද දින ගණන සැලසුම් කළේ නැහැ. අනිත් එක කොරෝනා ප්‍රශ්නයත් එක්ක දින මුකුත් සැලසුම් කළේ නැහැ. දවස් කීයක් ඉන්න වෙයිද දන්නෙත් නැහැනේ. දැන් ඉතින් හිමීට ආපහු යන්නයි. හදන්නේ. සමහර විට එයාපෝර්ට් ලොක්ඩවුන් කරයිද දන්නෙත් නැහැනේ.


සැමියා දරුවෝ ලංකාවට ආවේ නැතිද?


ආවා. ඔක්කොමලා එක්ක ආවා.


ඔබ රඟපෑ අයිස්ක්‍රීම් චිත්‍රපටය තිරගත වෙනවා කියලත් කතාවක් පැතිරුණා නේද?


කොරෝනා ප්‍රශ්නය හින්දා ආපහු ඒ චිත්‍රපටයේ තිරගත කිරීම් කල් ගියා. මම හිතන්නේ පසුගිය කාලේ මටත් දැනගන්න ලැබුණා චිත්‍රපටය තිරගත වෙන්න නියමිතයි කියලා.


ලංකාවට ඇවිත් නිරෝධායනයට යොමු වෙන්න වුණා නේද?


ඔව්. ඇත්තම කිව්වොත් අපි වැසින් එක එහෙන් අරගෙන ආවේ. ඒක හින්දා ලංකාවට ඇවිත් එයාපෝට් එකේදී පී. සී. ආර්. ටෙස්ට් එක විතරයි කළේ. නිරෝධායන නීති හරියට පිළිපැදලයි ආවේ. පී. සී. ආර්. ප්‍රතිඵල එනකම් දවසක් හිටියා.


වැක්සින් එක දෝහා රාජ්‍යයෙන් ද ලබා ගත්තේ?


ඔව්. එහෙදී අපි වැක්සින් දෙකම අරගෙන ඒ රටේත් දචස් 14ක් නිරෝධායනය වෙලයි ලංකාවට ආවේ.


දෝහා රාජ්‍යයේ ඉඳන් අයිෂ් යූටියුබ් චැනල් එකක් කරනවා නේද?

 ඔව් ඔව්. ඇත්තටම ගෙදර ඉන්න කොට කම්මැළිකමට තමයි යූටියුබ් චැනල් එක පටන්ගත්තේ. කොරෝනා පළමු රැල්ල ආපු කාලේම තමයි පටන්ගත්තේ. ඒ දවස්වල හැමෝම මගෙන් ඇහැව්වේ කොහොමද රූපලාවණ්‍ය කටයුතු ගෙදරදීම් කර ගන්නේ කියලා. ඒ නිසාමයි මම මේ වැඩේ පටන් ගත්තේ.


නිරූපණයෙන් ඈත් වුණේ පෙනුම වෙනස් වුණ නිසාද?


නැහැ. ඇත්තටම ලොකු වෙනසක් වෙලා නැහැ. බබා ලැබුණ හින්ද පොඩි වෙනසක් ඇතිවුණා. ඒකත් මම ව්‍යායාම කරලා හදාගත්තා. කෑමත් පාලනය කරලයි තියෙන්නේ. දැන් පෙනුම ඉස්සර පෙනුමට වඩා වෙනස්. ඒකටත් මම කැමැතියි. ඉස්සර කෙට්ටු වැඩියි කියපු කට්ටිය දැන් ලස්සනයි කියනවා.


මෙදා පාර අයිෂ් ලංකාවට ආවා කියලා කවුරුවත් දන්නේ නැහැ නේද?

නැහැ. කවුරුවත් දන්නේ නැහැ. මම හදිසියේ තමයි ලංකාවට ආවේ. මම ෆේස්බුක්වලත් මොකුත් දාන්න ගියේ නැහැ. මොකද සංචරණ සීමා නිසා මේ කාලේ කාවත් හම්බවෙන්නත් බැහැනේ. කාටවත් කිවෙත් නැහැ ලංකාවට ආවා කියලා.


දිනේෂ් විතාන