දීපිකාගේ පවුලෙ අයටත් කොවිඩ්

Wednesday, May 19, 2021 , 0 Comments




ඉන්දියාවේ ජාතික බැඩ්මින්ටන් ශූරයකු වූත්, දීපිකා පදුකෝන් ගේ පියා වූත් ප්‍රකාශ් පදුකෝන්, ඔහුගේ බිරිඳ උජලා සහ දෙවැනි දියණිය අනීශාට කොවිඩ් වැළඳී තිබේ. 65 හැවිරිදි ප්‍රකාශ් 1980 දී සමස්ත එංගලන්ත බැඩ්මින්ටන් තරගාවලියේ වීරයා ලෙස වාර්තාවක් තබා ඇති අයෙකි. එමෙන්ම ඔහු ප්‍රකාශ් පදුකෝන් බැඩ්මින්ටන් ඇකඩමි නමින් බැඩ්මින්ටන් පුහුණු පාසැලක් ද පවත්වාගෙන යන්නේය. “ප්‍රකාශ, උජ්ජලා, අනීශා තුන් දෙනාටම පහුගියදා කොවිඩ් රෝග ලක්ෂණ ඇති වෙලා තියෙනවා. 


තුන් දෙනාම පරීක්ෂණවලට භාජනය වුණාම ඔවුන් ආසාදිතයන් බව තහවුරු වෙලා.. ඔවුන් ස්වයං නිරෝධායනය වෙලා හිටියත් ප්‍රකාශ්ට උණ වැඩි වුණ හින්දා ඔහු බැංගලෝරයේ රෝහලකට ඇතුළත් කරනු ලැබුවා. දැන් ඔහුත් ගෙදර අයත් සුව වෙමින් සිටිනවා.. බැඩ්මින්ටන් ඇකඩමියේ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රකාශ් ගේ සමීප මිතුරා වන විමල් කුමාර් පැවසුවේය.  මේ අතර ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන් පසුගියදා කොරෝනා වසංගතය නොවැළඳී සිටීම පිණිස මානසික  නීරෝගී බවේ වටිනාකම ගැන මාධ්‍යයට අදහස් දක්වා තිබිණි.