තෝරලා බේරලා නැතුව ආවනම් රැල්ලට ගිහින් - තිසුරි යුවනිකා

Monday, May 03, 2021 , 0 Comments

 



ඉතාමත් කෙටි කාලයක් තුළ විවිධ නිර්මාණ හරහා සුවිශේෂී චරිත නිරූපණය කළ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ලෙසට තිසුරි යුවනිකා හඳුන්වන්නට පුළුවන්. නමුත් වර්තමානයේ නිර්මාණවල ඇයව දැන් දැකගන්නට නැහැ. ඉතින් ඇය මොකද කරන්නේ කියලා පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.


 ඔබ දැන් නිර්මාණ තුළින් දැකගන්නට නැහැ නේද?

ඔව්… මම කාලෙකට එක දිගටම නිර්මාණවල දැකගන්නට පුළුවන්. ඒ වගේම තවත් කාලෙකට නිර්මාණවල දැකගන්නට නැහැ. මේ දවස්වල මම සම්බන්ධ වුණු නිර්මාණ මොනවත් විකාශය වෙන්නේ නැහැ.


 මෙහෙම කාලයකට ඔබ සැඟවී යන්නට විශේෂ හේතුවක් ඇති?

එහෙම විශේෂ හේතුවක් නැහැ. මම එක දිගට නිර්මාණ කිහිපයක වැඩ කළොත් මාස තුනක් විතර විවේකයක් ගන්නවා. සෑහෙන කාලයකින් අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. ඔව් මේ වසංගතයත් විශේෂයෙන් බලපෑවා. අලුත් නිර්මාණ කරන ශිල්පීන්ට ආරාධනා ලැබුණු නිර්මාණත් පස්සට ගියා. අනෙක ගිහින් මාක්ස් දාගෙන රඟපාන්න බැහැනේ. මේ දවස්වල මම බාරගත්තු නිර්මාණවල අවසාන අදියරයේ කොටස් සඳහා රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. අලුත් නිර්මාණයකට මට ආරාධනා ලැබුණා. ඒ වැඩකටයුතු සඳහා ඉදිරියේදී සම්බන්ධ වෙනවා.


 වර්තමානයේ කලා ශිල්පීන් කොටු වීමත් එක්ක, ඒකාකාරී නිර්මාණ රැල්ලට හසුවෙලා. ඔබටත් එය බලපෑවාද?

මම එදා ඉඳලා චරිත තෝරා බේරාගෙන තමයි වැඩ කළේ. මම අත්හදා බැලීමක් විදියට මෙගා ටෙලිනාට්‍ය පිරියඩ් නාට්‍ය හැමදේකට සම්බන්ධ වෙලා වැඩ කළා. ඉතාමත් කෙටි කාලයක් තුළ මට විවිධ චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ලැබුණා. වර්තමානයේ දක්‍ෂ ශිල්පීන් හිටියත් ඔවුන්ගේ දක්‍ෂතා පෙන්වීමට හොඳ නිර්මාණ බිහි වීමේ අඩුවක් තිබෙනවා. ඔවුන්ට සම්බන්ධ වීමට මමත් තෝරා බේරාගැනීමක් නැතිව ආවනම් කාලයෙන් කාලයට එන රැල්ලට හසුවෙන්න තිබුණා.


 ඔබේ මවගේ අසනීප තත්ත්වය කොහොමද?

ඇය ඉතාමත් සුවයෙන් ඉන්නවා. අම්මා පසුගිය කාලේ නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැහැ. මොකද අපි කැමැති වුණෙත් නැහැ අම්මා රඟපාන්න යනවාට. වෛiවරුන් කැමැති වුණෙත් නැහැ. නමුත් දැන් ඇයට සනීප නිසා නිර්මාණ සඳහා සම්බන්ධ වීමට වෛiවරුන් අවසර දුන්නා. අම්මාත් අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා දැන් වැඩකරගෙන යනවා. කාලෙකට පස්සේ තමයි නිර්මාණයකට සම්බන්ධ වුණේ. අම්මාගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ටත් ඉදිරියේදී අම්මාව නිර්මාණ තුළින් දැකබලා ගැනීමට පුළුවන්.


 ඔබේ සැමියා පසුගියදා විදේශත වුණා. බයක් නැතිද මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක විදේශත වීම ගැන?

හිතට බයක් තියෙන්නේ උඩුගුවනේ ගමන් කරන අවස්ථාව විතරයි. ගොඩබිම ඉන්නවාට වඩා මුහුද මැද නැවැක ඉන්න නිසා බයක් නැහැ. ගොඩබිම ඉන්න අපිට තමයි බය මේ කොරෝනා නිසා.


 තවම තිසුරි සුබ ආරංචියක් නැතිද?

මගේ ජීවිතයේ හැම දෙයක්ම සුබවාදී විදියට තමයි මෙතෙක් කල් ඉෂ්ට වුණේ. ඉතින් හැමදේම කාලයත් එක්ක හොඳ විදියට ඉටුවෙයි.


වසන්ත විතාරණගේ