පාට පාට සරුංගල් බඳු ටෙලිනාට්‍ය රැල්ලක් ඇවිල්ලා - ගිරිරාජ් කෞෂල්‍ය

Friday, May 07, 2021 , 0 Comments





  මේ දිනවල බෙහෙවින් ජනප‍්‍රිය නාඩගම්කාරයෝ සහ සකල ගුරු 2 ටෙලි නාට්‍යයේ රංගනය හේතුවෙන් ගිරිරාජ් කාගෙත් සිත් ගත් චරිතයක්. ඉතිං ඔහු  ෙමලස ඔහු ෙග්   විස්තර පුවත්පකට පවසා තිබුනා.

 

 ක්‍ෂේත‍්‍රයේ පොඩි ඕප දූපයක් යනවා එකම මඟුල තුන් හතර පාරක් කෑවා කියල. ඇත්තට මොකක්ද ඒ?

 

 මාර වැඩක්නෙ මටත් වුණේ මේ කොවිඩ් වසංගතය නිසා, ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියල හිතාගන්නවත් බෑ. මගේ දුවගේ වෙඩින් එක ගන්න කියල දිනත් දාගෙන හිතමිත‍්‍රාදින්ට ආරාධනා කළා. පස්සෙ කොවිඩ් නිර්දේශ යටතෙ එන්න එපා කිව්වා. ඊට පස්සෙ ආයෙ එන්න කිව්වා. ආයෙත් එපා කිව්වා. මටම ලැජ්ජයි, ඔහොම තුන් හතර වතාවක් ආරාධනා කරන්න ඇති. සමහරු හිතුවේ මම ජෝක් එකක් කරනවා කියල. කොහොමහරි අන්තිමේදි පොඩි පිරිසක් සහභාගි කරගෙන දුවගෙ වෙඩින් එක ගොඩදාගත්තා. ඕක තමා ඔය කියනවා ඇත්තෙ.


 

දැන් ඔබ සාර්ථක, ජනප‍්‍රිය රංගන ශිල්පියෙක්. දැන් ඉන්න තැනට එන්න පුළුවන් වුණේ මොනවගේ කැපවීම් මතද?

 

 මම හිතන්නෙ මට පැවරුණ දේ හරියටම කරන්න දරපු උත්සාහයේ ප‍්‍රතිඵලයක් තමයි මේක. නාමල්ගොල්ල ටෙලි නාට්‍යයෙන් මම ටෙලි නාට්‍ය කලාව පටන් ගන්නෙ. වේදිකාවට ආවේ දුක්ගන්නා රාළ වේදිකා නාට්‍යත් එක්ක. එදා ඉඳල මට පැවරුණ පුංචි දේ හරි හරියටම කරන්න උත්සාහ කරපු කෙනෙක් මම. අද දක්වාම මම පුහුණුවීම් වලට පවා වෙලාවට යනවා වෙලාවට වැඩ කරනවා. වෙලාවට වැඩ කිරීම අනෙත් අයට කරන ගෞරවයක්. අදටත් ඒ පුරුද්ද මම ළග තියනවා.

 

 ඔබ වැඩි කැමැත්තක් දක්වන්නෙ ප‍්‍රහසනය මුසු චරිත වලටද නැත්නම් යථාර්ථවාදී චරිත වලටද?

 

 මම වැඩිපුර ආසයි ප‍්‍රහසනයට. හිනාවෙලා ඉන්න වැඩක් කරන්න පුළුවන්නම් ඒක මිනිස්සුන්ගෙ හදවතට වැඩිපුර දැනෙනවා. දැන් බලන්න ටෙනිසන් කුරේ, විජේ නන්දසිරි වගේ මහත්වරුන්ගෙ මරණෙදි ආව සෙනඟ. ඒ තමයි මිනිස්සුන්ගෙ සැබෑ ආදරය. හාස්‍යෝත්පාදන චරිත වලට සාමාන්‍ය මිනිස්සු බොහොම කැමතියි. ඒ නිසා මමත් එහෙම චරිත වලට කැමතියි. හැබැයි මගේ රංගන පරාසය පෙන්වන්න තාත්වික චරිත ලැබෙනවනම් ඒක අත්හරින්නෙම නෑ.

 

 පේ‍්‍රක්ෂකයාගෙ හදවතේ ඉන්න පුළුවන් විකට චරිත වලින් කියන එකද ඔබ කියන්නෙ?

  නෑ.. මම කියන්නෙ දෙකම හරියට කරොත් පේ‍්‍රක්ෂකයා දිනාගන්න පුළුවන් හැබැයි සාමාන්‍යයෙන් පේ‍්‍රක්ෂකයා කැමති නිර්මාණයක් රසවිඳ හිනාවෙලා ඉන්න.

 

 වේදිකා නාට්‍ය පෙන්නගන්න බෑ චිත‍්‍රපට පෙන්නගන්න බෑ. මේ වසංගතය කලාවට වැඩි බලපෑමක් කරල. බැරිවෙලාවත් රංගනයෙන් ඈත්වෙන්න වුණොත් ඔබ තෝරාගන්නෙ? 

 

 ඇත්තටම දැන් මට ඊළගට තෝරගන්න දෙයක් නෑ. කොහොමත් මම වයස හැට විතර වෙනකොට දරුවන්ගෙ දරුවො බලාගෙන ඒ අයත් එක්ක ලොකු කාර්ය බහුල නැති ජීවිතයක් ගත කරන්න හිතාගෙන ඉන්නෙ. දැන් මට 51. ඒ නිසා වෙන දෙයක් හිතන්නෙ නැ. හැබැයි මම පිටපත් ලියන වගේ දෙයක් කරන්න ඉඩ තියනවා. ඒත් මේ වාතාවරණයත් එක්ක කිිසිම දෙයක් ප්ලෑන් කරන්න බෑ. අවිනිශ්චිත තත්ත්වයක්නෙ තියෙන්නෙ.

 

 නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය ඔබ පේ‍්‍රක්ෂකයෙක් විදියට දකින්නේ කොහොමද?

 

 ඇත්තටම මම තාක්ෂණික ශිල්පියෙක්, සහාය අධ්‍යක්ෂවරයෙක්, රචකයෙක් නිසා පේ‍්‍රක්ෂකයෙක් විදයට ඔය නාට්‍ය බලද්දි ඒවත් එක්ක තමා බැලෙන්නෙ. එතනදි එක එක අඩු පාඩු මට පේනවා. නමුත් දැන් යන ටෙලි නාට්‍ය රැල්ලත් එක්ක නාඩගම් කාරයෝ කියන්නෙ කැත නැතිව මිනිස්සුන්ට රසවිඳිය හැකි සරල හාස්‍යෝත්පාදක නාට්‍යක්. දැන් තියෙන්නේ බොහෝ ආදරණීය කතා සහ පාට පාට සරුංගල් බඳු ටෙලිනාට්‍ය රැල්ලක්. එතනදි නාඩගම්කාරයෝ කියන්නෙ අපේ රටේ පරිසරයත් එක්ක රූප රාමු හැදෙන බලන්න උත්තේජනයක් දෙන නාට්‍යක්.

 

 තිස්ස ගුණතිලක