මෞර්යා හොඳ රසවින්දනයක් ඇති දරුවකු වෙනවා දැකීම අපේ පැතුම - ධනංජය සිරිවර්ධන

Thursday, May 06, 2021 , 0 Comments





ධනංජය සිරිවර්ධන ආදරණීය පිය පදවිය ලබලා කියන එක අලුත් දෙයක් නෙවෙයි. කොහොම වුණත් ඒ ආදරේ ගැන ඔහු පුවත්පතකට ෙමෙලස විස්තර කියා තිබුනා.


ධනංජය කොහොමද මේ දවස්වල ජීවිතේ..?

ගොඩක් සතුටින් ජීවිතේ විඳිනවා. වෙනදා තරම් කාර්යබහුල නොවුණත් යම් මට්ටමකින් දැන් වෘත්තීය කටයුතුත් ආරම්භ වෙලා තියෙනවා. කොරෝනා නිසා ගොඩක් දේ අපෙන් ඈතට ගියත් ඇත්තටම මගේ මෞර්යාගෙ ළඟින්ම ඉන්න අවස්ථාවක් මට අරගෙන ඇවිත්.


ඒ සතුට වචනවලට පෙරළනකො එහෙම නම්?

පසුගිය වසර කෝවිඩ් නිසා හොඳ දේවල් නෙවෙයි අපි හැමෝටම අත්දකින්න ලැබුණා. ඒත් මට නම් හොඳම වසර 2020. මොකද මෙයා අපි ළඟට ආවෙ 2020 දී. ඇත්තටම මගේ කාර්යබහුල ජීවිතෙත් එක්ක අපි ළඟට එන්න හිතුවා නම්, අපේ අවධානය එයාට ලැබෙන එකක් නැහැ කියලා  හිතන්න ඇති. ඒත් මගෙ පුංචි කෙල්ල හරි වාසනාවන්තයි. එයා කුසට ආවදා ඉඳලම අපි දෙන්නටම එයා ළඟින්ම ඉන්න අවස්ථාව ලැබුණා.



මව්පියන් වෙනවා කියන්නේ අලුත්ම අත්දැකීමක්මක්?

ඔව්.. ඒක අලුත් අත්දැකීමක්. මෙතෙක් කලක් නොලද අත්දැකීමක්. අම්මෙක් තාත්තෙක් වෙන එක සොඳුරු අත්දැකීමක් කියලා අපි දැනගෙන හිටියා. ඒත් ඒ අත්දැකීම මේ තරම් සුන්දර අත්දැකීමක් වෙයි කියලා නම් දැනගෙන හිටියෙ නැහැ.


කොහොම වුණත් තාත්තෙක් වෙනවා කියන්නේ ලොකු වගකීමක්මක්?

ඔව්, ඒ වගකීම මගෙ උර මතට ගන්න මං ලෑස්තියි. මේ ජීවිත්තේ කාලෙන් කාලෙට එක් එක් භූමිකා පසුකර ගෙන මං ආවා. ඒ භූමිකාවලදි පෙම්වතෙක් විදියට, සැමියෙක් විදියට හැම වගකීමක්ම මං දරාගෙන ආවා.මේ වෙලාවෙ මට සොබාදහම අලුත් වගකීමක් පවරලා දීලා. ඇත්තටම මම හිතන්නෙ ඒක වගකීමකට වඩා කරන්න ඕනෙ දෙයක් කියලා. ඇත්තමයි මේ දවස්වල මං වෘත්තීය කටයුතුවලට එළියට ගිහින් ආවම මගෙ පුංචි කෙල්ලව දවස් තුනක් විතර යනකල් අල්ලන්නෙවත් නැහැ. ඒකත් එක්තරා විදියක වගකීමක්.


මේ සම්පත ඔබගෙ දෝතට ගෙනැවිත් දුන්න ශෂිනි ගැන මොකද හිත්තෙන්නෙ?

තාත්තලා හැටියට අපි දරුවන්ට කොච්චර ආදරේද කියලා එක එක දේවල් කියනවා. ඒත් අම්මා කෙනෙක් දරුවන් වෙනුවෙන් කරන කැප කිරීම හිතාගන්නවත් බෑ. අපට හැරෙන්නවත් බැහැ. ගොඩක් දවස්වලට පාන්දර 3 ට විතර නැගිටගෙනත් දරුවා නළව නළව ඇවිදිනවා. ශෂිනිට කොච්චර මහන්සි  වුණත් එයා දූ වෙනුවෙන් කරන්න තියෙන කිසිම දෙයක් මඟහරිනෙ නැහැ. ශෂිනි කියන්නෙ  හොඳ බිරිඳක්. ඒත් මේ තරම් දරාගන්න පුළුවන් අම්මා කෙනෙක් වෙයි කියලා මම දැනගෙන හිටියෙ නැහැ.


මෞර්යාගෙ අනාගතය ගැන මොන වගේ බලාපොරොත්තු ද ඔය හිතේ පිරිලා තියෙන්නෙ?

ගොඩක් අය එක එක දේ අහනවා. ඒ වුණත් මෞර්ගගෙ අනාගතය තීරණය කරනෙ එයා. අපි කරන්නෙ එයාගෙ ජීවිතේට මග පෙන්වන එක විතරයි. ඇත්තම කියනවා නම් හොඳ රසවින්දනයක් සහිත  කෙල්ලෙක් වෙනවා දකින්න තමයි අපේ එකම බලාපොරොත්තුව.