අලූගෝසු තනතුර ඇබෑර්තුවට ඇමරිකානුවෙක් ඉල්ලූම් කරලා

ශ‍්‍රී ලංකාවේ එල්ලූම් ගස ක‍්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අලූගෝසු තනතුර සඳහා
ඉල්ලූම්පත‍්‍ර කැඳවා ඇති අතර,
එම රාජකාරිය සඳහා ඇමෙරිකන් ජාතිකයකු ඉල්ලුම් පත‍්‍රයක් එවා ඇතැයි බන්ධනගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ශ‍්‍රී ලංකාවේ කිසිවෙකු තමා හඳුනන්නේ නැති බව ද මෙම වෘත්තිය සඳහා දැඩි කැමැත්තක් දක්වන බව ද ඒ අනුව මෙම රැකියාව ලැබේවි යැයි තමා සිතන බව ද දන්වමින් එම විදේශිකයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත විද්‍යුත් තැපෑලෙන් මෙම අයැදුම් පත‍්‍රය එවා තිබේ.

මෙම තනතුර සඳහා ශ‍්‍රී ලංකාවේ පුද්ගලයකු යොදා ගන්නවාට වඩා තමා යොදා ගැනීම වැදගත් බව ද හෙතෙම මෙම අයදුම්පත‍්‍රයෙන් කරුණු පෙන්වා දී තිබේ.

-නෝමන් පලිහවඩන-
Previous Post Next Post