දෙරණ නව පුවත් මැදිරිය මහේල විවෘත කරයි - ආරම්භයේ කාර්මික දෝෂයක්

https://www.gossiplankanews.com/2019/01/derana-new-news-bullatine-in-technical-issue.html#more
සුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ උඩුයටිකුරු කළ ඡායාරූප මගින් දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අලුත් වෙනස්කම ඊයේ (1) සිදු කරන බවට පූර්ව ප්‍රචාරයන් සිදුකර තිබුණ අතර ඒ අනුව සවස 6.55 ප්‍රවෘත්ති විකාශය අලුත් මුහුණුවරකින් ඉදිරිපත් කර තිබුණි.
එම නාලිකාව දන්වා තිබෙන පරිදි දකුණු ආසියාවේ
ඉහළම පහසුකම් සහිත නවීන මැදිරිය ඒ අනුව විවෘත විය. සීඑන්එන් අල්ජසීරා ආදී ජාත්‍යන්තර නාලිකාවල ප්‍රවෘත්ති මැදිරි නිර්මාණයට දායකවූ පිරිස් මෙයද සැලසුම් කරන ලද බව එහිදී කියැවිණි.
ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට දෙදෙනකු යොදවා තිබීම පසුබිම් කථනය වෙනස් කර තිබීම විශේෂාංග අයිතම වෙනම ඉදිරිපත් කිරීම වැනි

මෙතෙක් දෙරණ නාලිකාවේ නොතිබූ අංග නව වෙනස්කම සමග ඇතුළත්ව තිබේ.

ඊයේ සන්ධ්‍යාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන දෙරණ මැදිරියට ගෙන්වා තිබූ අතර ඔහු එම විවෘත කිරීම සිදු කළේය.
මෙම අවස්ථාවට දේශපාලන ආරාධිතයින් නොපැමිණීම විශේෂත්වයක් විය.

 ඊයේ ප්‍රවෘත්ති ගෙන ආවේ දිල්කා සහ චතුරයි.කෙසේ වෙතත් ප්‍රවෘත්ති විකාශය ආරම්භ කර පළමු ප්‍රවෘත්තිය ඉදිරිපත් කරද්දීම තාක්ෂණික දෝෂයක් මතුවූ අතර ලෝකය නව වසර සැමරූ ආකාරය ගැන කියැවෙන ප්‍රවෘත්ති කොටස චතුර පවසා අදාළ දර්ශන වලට යද්දී සිර විය.

ඉන් පසු මිනිත්තු 15 කට වැඩි කාලයක් මෙම දෝෂය පැවති අතර ප්‍රවෘත්ති විකාශය අතරමග නවතා දෝෂය සකස්කරන්නට යොමුවූ බව වාර්තා විය. එය සකස්කරන තුරු නරඹන්නන්ට දර්ශනය වූයේ දෙරණ නාලිකාවේ ටෙලිනාට්‍ය සම්බන්ධ ප්‍රචාරක අංගයන්ය. මේ නිසා දෙරණ ප්‍රවෘත්ති නැවත අරඹන්නට හැකිවූයේ 7.15 ට පමණය.
අදාළ ප්‍රවෘත්ති ආරම්භක කොටස පහතින්
Previous Post Next Post