මන්ත්‍ර බලයෙන් අලි මෙල්ල කරන්න ගිය පුද්ගලයෙක් යාලදී මරුට

යාල අංක 03 කලාපයට අයත් වෙහෙරගල වන සීමාවේ අලින් බැලීමට සංචාරකයින් රැගෙන ගිය කතරගම
පුද්ගලයකු ඊයේ (18) සවස වන අලියකුගේ ප‍්‍රහාරයෙන්
මිය ගිය බව පොලිසිය පවසයි.
මෙම මියගිය තරුණයා  දේශීය සංචාරකයින් පිරිසක් සමඟ වන සතුන් බැලීමට ගොස් තිබේ.
මොහු මන්ත‍්‍ර බලයෙන් අලින් මෙල්ල කිරීම සම්බන්ධව දක්‍ෂයකු ලෙස කියැවුන අතර සිද්ධිය අවස්තාවේ මන්ත්‍ර කියමින් වන අලියා අසළට ගොස් මෙල්ල කිරීමට උත්සාහගෙන තිබේ. එම අවස්තාවේ අලියාගේ පහරකෑ ඔහු මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම වල්ලිමාතාගම පදිංචි එල්. ඒ. සුසන්ත (41) හැවිරිදි තරුණයකි. සිද්ධිය සම්බන්ධව කතතරගම පොලිසිය පරික්‍ෂණ පවත්වයි.
Previous Post Next Post