මංගල වැඩ අරඹයි - මිල සූත්‍රය යළිත්


අද නැවතත් මුදල් ඇමති ධූරයේ දිවුරුම් දුන් ඇමති මංගල සමරවීර සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමින් කියා
සිටියේ පසුගිය දින 50 ආණ්ඩු කාලයේදී වෙසනස් කළ බවට ආරංචි පැතිරුණ ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
මහින්ද රාජපක්ෂ එම සූත්‍රය අහෝසි කළ බව කිව්වද එය  ඒකාලයේ පසුතලයෙන් තබාගෙන ක්‍රියාත්මකවූ බව පෙන්වා දුන්
ඇමතිවරයා එමගින් පසුගිය කාලයේ ඉන්ධන මිල අඩුවිම් තමන්ගේ දේශපාලන වාසි පිනිස සිදු කළ අඩුවීම් ලෙස ඉස්මතුකිරීමේ උත්සාහයක නිරතවූ බව කියා සිටියේය.
මහ බැංකු අධිපතිවරයා දන්වා ඇති පරිදි ශ්‍රී ලංකාව සමග ලෝක බැංකුව පවත්වන ණය බේරුම් කිරීමේ ක්‍රියා පටිපාටිය තුළ ඉන්ධන මිල සූක්‍රයෙන් ඉවත්වීමට කිසිදු ආණ්ඩුවකට හැකියාව නැති බවද පෙන්වා දී ඇත.
මේ අතර පෙර සූදානම් කළ අයවැය වෙනුවට මාස හතරක් සඳහා වන අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට හෙට (21) ඉදිරිපත් කිරීමට නියමිත  බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
Previous Post Next Post