හේවාහැට විදුලි රැහැන් දමා ඌරන් මැරීම ඉහළට


 මෑතක සිට වල් ඌරන් මර්දනය සඳහා නීතිමය ඉඩකඩ ලබාදී තිබියදීත් එය නොතකා වල් ඌරු දඩයමට අනවසරයෙන් විදුලි රැහැන් යෙදීම තවමත් සිදුවන බව උඩහේවාහැට ගම්මාන රැසකින් වාර්තා වේ. මෙම
අනවසර ක්‍රියාව ජන ජීවිතයටද බලවත් තර්ජනයක්‌ වන අතර පසුගිය කාලයේ මෙසේ අනවසරයෙන් වල්ඌරු දඩයමට දැමූ විදුලි රැහැන්වල පැටලී පුද්ගලයන් 16
දෙනෙක්‌ පමණ ජීවිතක්‍ෂයට පත්වූ බව පොලිස්‌ වාර්තාවල සඳහන් වේ.

 ඊට අමතරව මෙම අනවසර ක්‍රියාව නිසා විදුලිය විසන්ධි වීම් නිසා පාරිභෝගිකයන්ට දැඩි අසීරුතා පැමිණ තිබේ. හපුවල, ගන්නෑව, හේවාහැට මුල්ඔය, බඹරගම, මන්දාරම්නුවර වැනි ප්‍රදේශවල අනවසර ක්‍රියාව සිදු වේ. මෙවැනි අනවසර විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක්‌ මියගිය අවස්‌ථාවක්‌ මෙහි දැක්‌වේ.

 - ඒ. එම්. අත්තනායක-
Previous Post Next Post