Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

මස්කෙළිය සිට අවිස්සාවේල්ල බලා ධාවනය කරමින් තිබූ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ලංගම බස් රථයකට නෝටන්බ්‍රීජ් ඇඩිට් ප්‍රදේශයේදී  අද (09) පෙ.ව. 06.30 ට පමණ උණ ගසක් කඩා වැටීමෙන් බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා තුවාල ලබා ලක්ෂපාන රජයේ රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.
නෝටන්බ්‍රීජ්-මස්කෙළිය


ප්‍රධාන මාර්ගයේ ඇඩිට් ප්‍රදේශයේ මාර්ගය පසෙක තිබූ අනාරක්ෂිත උණ පඳුරක, උණ බටයක් බස් රථය  තුළට  කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුර වන අවස්ථාවේ බස් රථයේ මගීන් දෙදෙනෙක් පමණක් සිට ඇති අතර වැඩි මගීන් පිරිසක් සිටි අවස්ථාවක අනතුරු සිදුවූවානම් මීට වඩා අනතුරක් වීමට ඉඩ තිබූ බව බස් රථයේ රියදුරු ඇන්ටන් මහතා පැවසීය.
බස් රථයේ රියදුරා හා කොන්දොස්තරවරයා සුළු  තුවාල ලබා ඇති අතර ලක්ෂපාන රෝහලේ භාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගබාගෙන ඔවුන් පිටව ගිය බව රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

හැටන් - චන්දන ජයවීර














Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement