Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට වසර 10 ක සිර දඬුවමක් හා ඔහුගෙ දියණියට වසර 7 ක සිරදඩුවමක් නියම කර තිබේ.

ඒ, ලන්ඩන් නුවර පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ 04 ක හිමිකාරීත්වය සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි.

පකිස්ථාන ජාතික වගවීම් කාර්යංශ අධිකරණයක්, හිටපු අග්‍රාමාත්‍යවරයාට මෙම සිර දඬුවම නියම කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් ෂරීෆ්ට වසර 7 ක සිර දඬුවමක් හා ඇයගේ හිටපු ආරක්ෂක නිලධාරියාට ද වසරක

සිර දඬුවමක් නියම කළේය.

ඇවෙන්ෆීල්ඩ් රෙෆරන්ස් නමින් ප්‍රකට මෙම දූෂණ සිද්ධිය මගින් ෂරීෆ් පවුලට එල්ල වූ චෝදනාව වූයේ, ලන්ඩන් නුවර පිහිටි අධි සුඛෝපභෝගි වත්කම් කිහිපයකට ඔවුන් හිමිකම් කියන බවටයි.

ෂරීෆ් පවුලේ සාමාජිකයින් ලන්ඩන් නුවර නීති විරෝධී ලෙස සිය වත්කම් පවත්වාගෙන යන බවට 2017 වසරේ නිකුත් වූ පැනමා පත්‍රිකා මගින්ද අනාවරණ කර තිබුණි.

පාකිස්තාන මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර හිටපු අගමැතිවරයාට සිරදඬුවම් නියම වීම ඔහු නියෝජනය කරන ‘පාකිස්තාන මුස්ලිම් ලීගයඑන්’ පක්ෂයට එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් යැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

නවාස් ෂරීෆ් මේ වනවිට විදෙස් ගත වී සිටින අතර ඔහු නොමැතිව එරට අධිකරණයක් නඩු විභාගය පවත්වා ඉහත තීන්දුව ලබාදෙනු ලැබ තිබේ. මෙම තීන්දුවෙන් දශක හතරක් මුළුල්ලේ පාකිස්තානයේ ඉහළ පෙළේ දේශපාලනඥයෙක් වූ නවාස් ෂරීෆ්ගේ දේශපාලනය දිවිය අහවර කරනු ඇතැයි ඇතැම් පිරිස් පවසති. නවාස් ෂරීෆ් තෙවරක් පාකිස්තාන අගමැතිධුරය හොබවා තිබේ.
අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු අගමැතිවරයා ලන්ඩනයේ සිට පාකිස්තානය බලා පැමිණෙන බව ද වාර්තා වේ. නවාස් ෂරීෆ් පාකිස්තානයට පැමිණි විගස අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.
ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තානය මහ මැතිවරණයේදී නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය ඉම්රාන් ඛාන්ගේ පක්ෂය සමඟ ප්‍රබල තරගයකට මුහුණ දී සිටී.










Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement