අද අලුයම ක්‍රියාත්මක වූ පොලිස් මෙහෙයුමෙන් සැකකරුවන් 2564ක් අත්අඩංගුවට


 අද අලුයම 2.00 සිට පැය 4ක් තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 2564 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඒ අතර වරෙන්තුකරුවන් 720 දෙනෙකු සිටින බව ය.

මෙහෙයුමේදී බීමත්ව රිය

පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බලපත්‍ර නොමැතිව ගිනිඅවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 741කි.

හෙරොයින් සහ වෙනත් මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර සම්බන්ධයෙන් සැකකරුවන් 524 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ වැළැක්වීම සහ රිය අනතුරු අවම කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 16256 දෙනෙකු සහභාගී වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.
Previous Post Next Post