ඩෙන්ටල් ක්ලිනික් උඩ තට්ටුවට කඩා වැදුණ Nissan Altima



දන්ත ශල්‍යාගාරයක උඩ තට්ටුවට කඩා වැටුණ Nissan Altima වර්ගයේ කාර් රථයක් පිළිබඳ අමුතු පුවතක්
කැලිෆෝනියාවෙන් වාර්තාවේ.

අදික වේගයෙන් ගමන් කරද්දී එය විසිවී ඉහළට ගමන් කරන්නට ඇතැයි සැලකෙන නමුත් ඉහළට ගියේ කෙසේ දැයි තවම හඳුනාගෙන නැත.
අනතුර සිදුවන අවස්ථාවේ සුළු ගින්නක්ද හටගෙන තිබුණ නමුත් එය මැඩ පවත්වා ඇත.වාහන පදවමින් සිටි පුද්ගලයා සහ ඇතුලේ සිටි තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. පැදවූ පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකු බවට පොලිසියට කරුණු අනාවරණයවී තිබේ.



Previous Post Next Post