ට්‍රම්ප්ට මානසික ආබාධ නැති බව වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු කෙරේ


ඇමෙරිකා ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප් මානසික ආබාධ රහිත හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ධවල මන්දිර ප්‍රධාන වෛද්‍ය රොෂී ජැක්සන් විශේෂ නිවේදනයක් මගින් දන්වා තිබේ.

පසුගිය සිකුරාදා

වෛද්‍ය පරීක්ෂණයකට ලක්වූ බව දක්වමින් ධවල මන්දිර වෛද්‍යවරයා මේ බව නිවේදනය කළේ ට්‍රම්ප් මානසික ආබාධයකින් පෙළෙනවා යැයි රාවයක් පැතිර යැවූ ඇමෙරිකන් මාධ්‍යවේදී මයිකල් වුල්ෆ් එළිදැක්වූ “ෆයර් ඇන්ඩ් ෆියුරි, ඉන්සයිඩ් ද චුම්ප් වයිට් හවුස්’ නමැති පොත නිසාය.
සාමාන්‍ය යෙන් ධූර කාලය තුළදී ඇමරිකානු වෛද්‍යවරයෙකු වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහාම පෙනී සිටින නමුත් මනෝ වෛද්‍ය පරීක්ෂණ සිදු කරනුයේ විශේෂ හේතුන් මත පමණක් බවද පැවසිණි.
71 හැවිරිදි ජනපතිවරයා ගැන ජනතාවට සැකයක් පැවතිය නොහැකි බැවින් මෙම පරීක්ෂණය විශේෂයෙන්ම සිදු කළ බවද ධවල මන්දිර වෛද්‍යවරයා දන්වා ඇත.
ට්‍රම්ප් මේ වනවිටත් මෙම පොතෙහි අඩංගු කරුණු තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු පවසා ඇත්තේ තමාට සහ තම පවුලේ සාමාජිකයන්ට මඩ ගැසීමේ අරමුණින් එම පොත පළ කර ඇති බවය.

Previous Post Next Post