බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් - අවසන් තරගයට තේරේ


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද පැවති එක්දින තුන්කොන් තරගාවලියේ තරගය කඩුළු 10 කින්
ජයගන්නට ශ්‍රී ලංකා පිල

සමත්විය. මුලින් ඉතා දුර්වල ලෙස පන්දුවට පහරදී ලකුණු 82 කට බංග්ලාදේශය දැවී ගිය අතර සුරංග ලක්මාල් කඩුළු 3 ක්ද දුෂ්මන්ත තිසර හා ලක්සාන් කඩුලු 2 බැගින්ද එහිදී ලබාගෙන තිබුණි
ශ්‍රී ලංකා පිල පිළිතුරු ලෙස ලකුණු 83 කිසිවෙකු නොදැවී ලබාගත්තේ ඕවර 11.5 කදීය. ධනුෂ්ක 35 ක්ද උපුල් තරංග 39ක්ද එහිදී ලබාගන්නා ලදි.
ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ අවසන් තරගයට බංග්ලාදේශය සමග ජයග්‍රාහී මානසිකත්වයෙන්තේරී පත්ව තිබේ.

Previous Post Next Post