එළවළු මිල ශීඝ්‍රයෙන් පහළට


රුපියල් 600ක්ව පැවැති අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 40 දක්වා මේ වනවිට පහත බැස ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසයි.

එහි වෙළෙඳ සංගමයේ

සභාපති චන්න ඇරැව්වල පවසන්නේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 60 දක්වාත්, ගෝවා කිලෝවක තොග මිල රුපියල් 25 දක්වාත් සෙසු එළවළු මිල ගණන්ද සියයට 50කින් පමණ පහත බැස ඇති බවයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ දිවයින පුරා පවතින යහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු මිල ගණන් මෙසේ අඩුවී ඇති බවය.
Previous Post Next Post