මාලක සිල්වා අත්අඩංගු වරෙන්තුව අධිකරණය ඉවත් කරගනී


2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමග හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා
සමාජ ශාලාවක

ඇති කරගත් ගැටුමක් සමිබන්ධයෙන් වූ පැමිණිල්ලට අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ අධිකරණ නියෝගය වෛද්‍ය සහතිකයක් නිසා ඉවත් කරගෙන තිබේ.
කොළඹ අතිරේක මභේස්ත්‍රාත්වරිය  පැමිණිල්ල කැඳවනු ලැබූ පසුගියදා (18දා) වැනිදා  අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වීම නිසා ඔහුට වරෙන්තු නිකුත් කර තිබූ අතර, නීතිඥවරයෙකු මාර්ගයෙන්  අධිකරණයට පැමිණි මාලක සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් පැමිණ බාරදුන් අතර මේ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමටෙ තිබූ වරෙන්තුව ඉවත්කර ආපසු මාර්තු 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කර තිබේ.

Previous Post Next Post