දණගැස්වනු ලැබූ විදුහල්පතිනිය අධිකරණ වෛද්‍යවරයා වෙත


ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක දණගැස්වූ බව කියන විදුහල්පතිනියව අධිකරණ
වෛද්‍යවරයෙකු

වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට කටයුතු යොදා තිබේ. මෙය සිදු කළේෙ ඇයගේ මානසික තත්ත්වය පිළිබදව විමසා බැලීම ඇතුළු සෞඛ්‍ය කරුණු කිහිපයක් මත බව කියන පොලීසිය ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී වෛද්‍ය වාර්තා වැදගත් විය හැකි බව නීතීඥවරුන් පෙන්වා දී ඇති බව දන්වා තිබේ.
 සිද්ධියට අදාළව ස්ථානීය පරීක්ෂණයක් ද පොලිසිය මගින් සිදුකර ඇත.
අද (21) තමන් දැරූ පළාත් අධ්‍යාපන ධුරයෙන් ඇමතිවරයා ඉල්ලා අස්වූයේ විදුහල්පතිනිය දණගැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වලට සහය ලබාදීම සඳහායි.
Previous Post Next Post