දෙපයින් සිටුවා තිබූ ආර්ථිකය ඔළුවෙන් සිටු වූයේ රවී

ඔළුවෙන් සිටුවා සිටි ආර්ථිකය දෙපයින් සිටුවූවේ රවි යැයි පැවැසුවද සැබැවින්ම සිදු වුණේ දෙපයින් සිටි ආර්ථිකය ඔළුවෙන් සිටුවීම බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

නිර්දෝෂී යැයි පුන පුනා පැවැසුවද බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්ෂි දුන් බව එම කොමිෂන් සභා වාර්තාව හරහාම ඔප්පු වී ඇති නිසා රවි කරුණානායකට සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ඔල්මොරොන්දම් වී සිටින බවද අමාත්‍යවරයා තවදුරටත් පවසයි.
කුරුණෑගල පැවැති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා

මේ බව පැවැසීය.

එහිදී හෙතෙම මෙසේද පැවැසීය.
රවි කරුණානායක මහත්තයා තමයි පසුගිය අවුරුදු දෙකේ තුනේ මේ රටේ හිටිය මුදල් ඇමැති. තමුන්නාන්සේලාම කියන්නකෝ ආර්ථිකේ කැඩුණද හැදුවද කියලා. පළමුවැනියට පටන් ගත්තේ ප්‍රාග්ධන බද්ධ කියලා එකකින්. මන්දිර බද්ධ කියලා එකක් ගැහුවා. ගහපු බද්ධකුත් නැහැ. බොරුවට කයිවාරු ගහලා නිකන් හිටියා. අපිට හිටපු හොඳම ප්‍රබලම බිස්නස්කාරයෝ ටික ආණ්ඩුව තරහා කරගත්තා. ගෙනාවා වැට් බද්ධක්. ඒකෙන් වුණේ කිසි දවසක පාරට බැස්ස නැති මිනිස්සු ඔක්කොම ටික පාරට බැහැපු එක. විස්සට තිබිච්ච ලොතරැයිය තිහ කෙරුවා. ඊට පස්සේ ඒකට කොමිස් එකක් දුන්නේ. මේ ලොතරැයියක් හින්දා අහිංසක දුප්පත් මිනිස්සු ටික පාරට බැස්සා. දැන් මේ බොන්ඩ් කොමිෂන් එක ගැන එයා දන්නේ නැහැ. එයා බබා. එයා මුකුත් දන්නේ නැහැ. හරිම ෂෝක්. සාක්කිවල බොහොම පැහැදිලිව තියෙනවා මේ බැංකුවල ප්‍රධානීන් ගෙන්නලා මුදල් ඇමැති එක්ක වාඩි කරගත්තා කියලා. ඒ අයට කිව්වා අඩුවෙන් ඉල්ලන්න කියලා. අඩුවෙන් ඉල්ලන්න කිව්ව අය අඩුවෙන් ඉල්ලුවා. වෙන එක්කෙනෙක් වැඩියෙන් ඉල්ලුවා. වැඩියෙන් ඉල්ලපු කෙනාට දුන්නා. දැන් ඇවිත් කියනවා මම නිර්දෝෂීලු.කොහෙද නිර්දෝෂී. මේ රටේ කොමිෂන් සභාවකින් පැහැදිලිවම ඔප්පු කරලා තියෙනවා බැඳුම්කර කොමිසම හමුවේ බොරු සාක්ෂි දීම ගැන ඔහුට නඩු පවරන්න කියලා. එක්සත් ජාතික පක්ෂය ඉතා වැදගත් පක්ෂයක්. මේ එක මනුස්සයෙක් හින්දා මුළු එක්සත් ජාතික පක්ෂයම විනාශ වෙනවා කියලා මතක තියා ගන්න.
Previous Post Next Post