විළියම් කුමරු අවසානයේ තට්ටෙ ගාන්න හිතහදා ගනී


බ්‍රිතාන්‍ය කිරුළ හිමි විළියම් කුමරුට තමන්ගේ පිය උරුමයෙන් පැවතෙන හිසේ කොණ්ඩය යාමේ ගැටලුව අවසානයේ පැහැදිලි ලෙසම තට්ට ගැමේ මෝස්තරයක් දක්වා ගෙන යන්නට සිදුව ඇති බව ලන්ඩන් නුවර
පුවත්පත් වාර්තා කර තිබේ.
ඔහු සිය හිස බූ ගෑමට තීරණය කර තම බිරිඳ කේට් මිඩ්ල්ටන්ගේ දිගුකාලීන කොණ්ඩා මෝස්තර ශිල්පී රිචඩ් වොර්ඩ් හට පවුම් 180 ක් ගෙවා තට්ටය මතුකර අවශේෂ කොණ්ඩය කොටට කපා අලුත් මෝස්තරයකට පිවිස ඇති බව ඊයේ වාර්තා කර තිබිණි.
ලන්ඩන්හි එවැලිනා ළමා රෝහලේ පැවති රාජකීයයන්ගේ චාරිකාවකදී  ඔහුගේ අලුත් පෙනුම පැපරාසි මාධ්‍ය වලට හසුවිය.

එම අවස්ථාවට ලබන මැයි මස විවාහ දිවියට පිවිසෙන්නට නියමිත හැරී සහ මෙගන්ද එක්ව තිබුණි.
විළියම් හා කේට් යුවළගේ තෙවැනි දරු උපතට දින යෙදී ඇත්තේ ලබන අප්‍රේල් මාසයේය.






Previous Post Next Post