ජනයුගය පුවත්පත මුද්‍රණය නවතී


සේවක විරෝධතාවයක් හේතුවෙන් ‘ජනයුගය‘ දිනපතා පුවත්පත ඊයේ 24 සිට මුද්‍රණය නතරවී ඇතැයි වාර්තා වෙයි.

ඉන්ටර්ග්‍රේටඩ් මීඩියා

යනුවෙන් හැඳින්වෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධව ඇරඹුණ මෙම පුවත්පත අර්ජුන් ඇලෝසියස්ට අයත් පුවත්පතක් ලෙස පසුගිය කාලයේ කථාබහට ලක් විය.
විවිධ මාධ්‍ය ආයතන වලින් සේවක පිර්ස බඳාවගෙන පසුගිය වසරේ ඇරඹි මෙම ආයතනය හා සම්බන්ධව එෆ්එම් නාලිකා හා රූපවාහිනී නාලිකා නිල නොවන ලෙස ජාලක් තනාගෙන සිටි බවටද වාර්තා පළවිය.
ජනයුගය පුවත්පතේ සේවකයන්ට පසුගිය නොවැම්බර් මාසයේ සිට වැටුප් ගෙවා නොතිබුණ අතර
කර්තෘ මණ්ඩලය හා මුද්‍රණාල සේවකයන් මේ  නිසා සිය වැඩ නැවතීම මත මුද්‍රණය නතර වී තිබේ.
එම පුවත්පතේ වෙබ් අඩවිද පසුගිය නොවැම්බර් මාසයේ සිට අක්‍රීයවී ඇත.
පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමට එරෙහිව පරීක්ෂණ ඇරඹිමෙන් පසු රුපියල් බිලියන 12ක් මහ බැංකුව විසින් රඳවාගෙන තිබීම හේතුවෙන් මෙම වැටුප් ගෙවීම ප්‍රමාදව ඇතැයි වාර්තා පළව තිබේ.

Previous Post Next Post