කිලිනොච්චියේ සිසුන් පිරිසක් ගුරුවරයාට පුටු කැඩෙනකම් ගහලා

කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ ගුරුවරයකුට පහරදීම නිසා එම ගුරුවරයා බරපතළ ලෙස තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.පහරකෑමට ලක් වූ ගුරුවරයා මෙම
සිසුන්ට විනය

විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් පහර දී ඇති අතර ඉන් පැයකට පමණ පසුව එම සිසුන් පිරිස පැමිණ ගුරු විවේකාගාරයේ සිටි ගුරුවරයාට විවේකාගාරයේ තිබූ පුටුවලින් පුටු කැඩෙනතුරු පහර දී ඇත.

තුවාල ලැබූ ගුරුවරයා ප්‍රතිකාර ලබද්දී කිලිනොච්චිය රෝහල් පොලිසිය අදාළ ගුරුවරයාගෙන් ලබා ගත් කට උත්තර මත සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයන් හය දෙනකු හඳුනාගෙන තිබේ.
පොලිසිය මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය දිසා විනිසුරු ඒ.ඒ. ආනන්ද රාජා මහතාට තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව එම සිසුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කොට තිබේ. පොලිසිය එම සිසුන් හයදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. කිලිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
Previous Post Next Post