ලංකාවේ මිල වැඩිම නෝට්ටු මොනවාදැයි කතාබහට වැටී ෂෙඩ් එකින් 24000 ක් ඉස්සූ විදේශිකයා CCTV


ලංකාවේ මිල වැඩිම නෝට්ටු මොනවාදැයි
කතාබහට වැටී

ෂෙඩ් එකින් 24000 ක් ඉස්සූ විදේශිකයා CCTV

කටුනේරිය, දෙමටපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට පැමිණි විදේශිකයින් දෙදෙනෙකු ගෑස් සිලින්ඩරයක් මිලට ගන්නට අවශ්‍ය බව පවසමින් කථාවට වැටී රුපියල් 24,000 ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගෙන පළා යාමේ සිද්ධියක් වාර්තාවේ.
ඉන්ධන පිරවුම් හලේ එම ස්ථානයේ සිටි සේවකයින් දෙදෙනාගෙන් එක් අයෙකු සමග අවධානය වෙනතක
යොදමින් එක් විදේශිකයෙකු

කථාබහේ යෙදෙන අතර අනෙක් විදේශිකයා මුදල් අතේ තිබුණ සේවකයාෙගෙන් ලංකාවේ සල්ලි ගැන දන්නේ නැති බව අඟවමින් ඒවා හඳුනාගැනීමේ අටියෙන් කථාබහකට වැටෙන අතර එම අවස්ථාවේඓවා අතට ගෙන බලන ආශාවක්ද පෙන්වා ඔහුගෙන් විවිධ වර්ගයේ මුදල් ඉල්ලමින් බලමින් අවුල් සහගත ලෙස කථාව කරගෙන ගොස් තිබේ.

 මෙරට ඇති වැඩි වටිනාකමක් තිබෙන මුදල් සම්බන්ධයෙන් විදේශිකයා සේවකයාගෙන් විමසමින් ඔහු තමන් අත තිබෙන මුදල් දැක ගැනීමට ඉල්ලාගත් බවත් ඔවුන් එතැනින් පිටව ගිය පසු අතේ තිබුණ මුදල් 24000 ක් අඩු බව වැටහී ගිය බවත් සේවකයින් පවසා ඇත. කිලෝ ග්‍රෑම් 05 ක් බර ගෑස් සිලින්ඩරයක් අවශ්‍ය බව කියමින් ඔවුන් මුලින්ම කතාවට වැටුණ බවද පවසා ඇත.

පළාගිය ගිය විදේශිකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.
පසුගිය 14 වැනිදා සවස මෙම මුදල් වංචාව සිදුවූ අයුරු සීසීටීවී වීඩියෝව පහතින්

Previous Post Next Post