ලේඩි නෙවෙස්කා කොළඹට -තෙල් අර්බුදය අවසන් වන ලකුණු


පෙට්රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් "ලේඩි නෙවෙස්කා" නෞකාව ඊයේ රාත්‍රී කොළඹ වරායට පැමිණි අතර අද (9) උදේ 7 ට පමණ ගොඩබා ඇතැයි ඛණිජ තෙල් සංස්ථාව දන්වා තිබේ. තෙල් සාම්පල රසායනික
පරීක්ෂණයට යොමු කරන ලද

බවද වාර්තාවේ.එම නැවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් මෙට්‍රික් ටොන් 32500 ක්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් මෙට්‍රික් ටොන් 7500 ක්ද අඩංගු වන බව ලංකා ඛණිජ තෙල් සබ්පත් සංවර්ධන අමාත්‍යකාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවැසීය.
 ඒ අනුව සිකුරාදා (10) පෙරවරුව වන විට තෙල් බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට පත්වුනු ඇතැයි ද ඔහු කීය.මීට අමතරව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඉල්ලීම පරිදි ඉන්දියාවෙන් ගෙන්වන පෙට්රල් මෙට්‍රික් ටොන් 16000 ක නැවක්ද හෙට (10) රාත්‍රියේ කොළඹට ළඟාවනු ඇති බව වාර්තාවන අතර ලංකා ඉන්දියන් තෙල් සමාගම ඇණවුම් කළ පෙට්රල් මෙට්‍රික් ටොන් 15000 ක වෙනත් නැවක්ද සනසුරාදා (11) රාත්‍රියේ කොළඹට ළඟාවීමට නියමිත බව වාර්තා විය.
මේ අනුව හෙට 10 සිට තෙල් අර්බුදය නිමාවනු ඇතැයි විශ්වාසයක් ඇති කර තිබේ.
Previous Post Next Post